අද ටිකක් නිවාඩු පාඩුවෙ ඉන්න දවසක්.. නමුත් දවසම වැස්ස. නිකන් වැස්සක් නෙවෙයි මොර සූරන වැස්සක්.. අතරින් පත‍්ර ඉන්ටර්වල් තිය තියා තමයි වහින්නෙ..වැහි කාලෙ එන බවට සතියක දෙකක ඉදන් ලකුණු තිබුණත් අද තමයි දැනෙන්නම වැස්ස ලැබුණෙ. ගොඩක් අය වහිනවට බනිනව. කතාවකුත් තියෙන්නෙ 'අම්මටයි අහසටයි කවදාවත් හොදක් අහන්න නැහැ' කියල :) වැස්ස වැඩි වෙලා ග0 වතුර ආවම නම් කරදරයි තමා. නමුත් මම නම් කැමති වහිනවට .. වහින හැටි බලන් ඉන්න එක කුඩා කාලෙ ඉදන්ම මට ලොකු සතුටක්. ඒකට හේතුවක් කියන්න නම් දන්නෙ නැ. පොඩි කාලෙ විදපු අත්දැකීමක් මතක් වෙන කොටත් ඒ වගේ යම් හැගීමක් දැනෙනව.
මට අවුරුදු 6ක විත‍්ර කාලෙක වහින වෙලාවක, නිවස කිට්ටුව ගොයම් පාගන දිහා, ලොකු කුඩයක් යට ඉදන් බලන් හිටිය මතකයි. ගොඩක් පායපු මාස කීපයකින් පස්සෙ වැහැපු ඒ වැස්ස වැටෙන කොට අමුතු දූවිලි ගදක් දැනුන. ඒ එක්කම අකුණක් කොටයි කියල බයවෙලා තනියම ගෙදර දිව්ව වගේත් මතකයි. :D :D
අදටත්, හොදට පායල ඊට පස්සෙ වහින වෙලාවට එන ඒ දූවිලි ගද දැණුනම මට ඒ සිදුවීම මතක් වෙනව. ඒකටත් හේතුවක් තේරෙන්නෙ නැ. අපේ ජීවිතෙ යම් යම් සිදුවීම් එක්ක මේ වගේ පොඩි පොඩි දේවල් බැදිල තියෙනව කියල මට හිතෙනව. මොකක් හරි සින්දුවක් ඇහෙන කොට. යම් ගදක් හෝ සුවදක් දැනෙන කොට ඒ හා සම්බන්ධ මොකක් හරි දෙයක් මතකෙට එනව ඔය අයත් අත්දැකල ඇති..
අහල තියෙනවද colonial cousins ලගෙ Indian rain සින්දුව.. ඒකෙත් කියන්නෙ මේ වගේ වැස්ස ගැන අත්දැකීමක් ගැනයි.. ඒ සින්දුවෙ රිද්මයත් හරියටම වැහි බින්දු බිමට වැටෙනව වගේ..ගීයෙ පද, තනුව, ගායනය, මේ හැම දේයින්ම ඒ හැගීම අහන කෙනාට දෙනව.. සින්දුව අහල නැත්නම් මේ පිටුවට ගිහින් අහන්න.
යූ ටියුබ් එකෙත් තියෙනව ඒකට මෙතනින් යන්න
යූ ටියුබ් එකේ වැඩිදුර හොයන කොට අමුතු තාලෙ colonial cousin රූප පෙලක් මෙතනින් දැක්ක. photoshop හෝ illustrator වැනි මෘදුකාන්ගයකින් ඔවුන් දෙපලගෙ රූපයක් අදින එකක්. බලන් ඉන්න ආසයි. මම හිතන විදිහට ලන්කාවෙ නිර්මාණ කරුවෙකුගෙ නිර්මාණයක්..
එසේ මසේ කෙසේ වෙතත් වැස්ස දිහා බලන් ඉන්න එකත් භාවනාවක් වගේ හිත සන්සුන් කරනවද දන්නෙ නැ. භාවන කරන එකට එතරම් උනන්දුවක් හෝ විශේෂ ඇල්මක් නොදැක්වුවත් වැස්ස දිහා බලන් ඉන්න එකත් ඒ වගේ වැඩක් කියලයි මට හිතෙන්නෙ..
Rain drops and dance, strange kind of romance.....
Try to smile once again, As they slash in my window pain
I quiet like that, I don't mind
I've got no complaints...
Subscribe to:
Post Comments (Atom)
5 comments:
ඇත්ත . . මමත් පුරුදුවෙලා හිටියා වැස්ස වෙලාවට කාමරේ ජනේලෙ ඇරගෙන හරි . . . වැරැන්ඩාවෙ පුටුවක් තියාගෙන හරි . . . වැස්ස දිහා බලාගෙන ඉන්න . . . කියාගන්න බැරි මොකද්දෝ සුන්දර හැඟීමක් හිතට දැනෙනවා වැස්ස දිහා බලන් ඉන්න්කොට . . . ! දුකයි දැන් ඉස්සර වගේ වැස්සේ සුන්දරත්වය විඳින්න බැරි එක ගැන කාර්‍යබහුල ජීවිතේ නිසා . . .
ඔය පින්තූරය අඳින නිර්මාණකරුවගෙ චැනල් එකේ තවත් සුන්දර නිර්මාණ තියෙනව.
ඇත්ත.. කාලෙකින් වහිනකොට පොළවට වැටෙන වතුර වලින් නැගෙන දූවිලි සුවදට මමත් හරිම ආසයි.. වැස්සටත් මම ගොඩක් ආසයි.. හැබැයි වහින දවස් වලට එක තැනකට වෙලා ඉන්නයි මම කැමති.. එහේ මෙහේ යන්න නම් මම ආසම නෑ..!
ඇත්ත කථාව, මලී අක්කා කිව්ව දේමයි කියන්න තියෙන්නේ. "ඇත්ත.. කාලෙකින් වහිනකොට පොළවට වැටෙන වතුර වලින් නැගෙන දූවිලි සුවදට මමත් හරිම ආසයි.. වැස්සටත් මම ගොඩක් ආසයි.. හැබැයි වහින දවස් වලට එක තැනකට වෙලා ඉන්නයි මම කැමති.."
හැබැයි මචං "එහේ මෙහේ යන්න මම ආසම නැත්තේ නෑ" :)
මම මේක දැක්කේ දැන් නෙව! :(
aye liyanne ehema nadda? Mama wage innada kampanawa?
Post a Comment