ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආව නිසයි උඩ මාතෘකාව දැම්මෙ.. ගෙවුණු සති කීපය නිවසින් බැහැරව කටයුතු ක්රන්න සිදුවීම තමයි ප්‍රදාන හේතුව..පොඩි නිවාඩුවක් වගේ කිව්වොත් නිවැරදි මම හිතන්නෙ..මේ කාලය තුල මම ගතකලේ නකල්ස් කිට්ටුව පුන්චි ගමක. වැඩි හරියක් ජීවිකාව ගෙනියන්නෙ හේන් ගොවිතැනින්..නගරයේ වෙනත් රැකියා කරන අයත් කීපදෙනෙක්ම ඉන්නවා.. විදුලිය තියෙන්නෙ නිවාස කීපයකට විත්රයි..එදිනෙදා ජීවිතය ඇරෙන්නට ඒ අය තුල මහ ලොකු බලාපොරොත්තු නැහැ. උදේ ඉදන් හවස් වෙන කන් වැඩ කරලා ඇවිත් හවසට නා කියා ගෙන රැ කැම අරන් වේලාසනිනි නින්දට යනව.. රැ 11-12 වෙනකන් ඇහැරිලා මොකක් හෝ කර කර ඉන්න පුරුදු වෙල හිටපු මට ඒ රටාවට හැඩ ගැහෙන්න දවස් දෙක තුනක් ගියා. හ්රිම සැහැල්ලු ජීවන රටාවක්.. .. රාත්‍රියක් හේනක ගහක් උඩ හදපු පැලක ගත ක්රන්නත් අවස්ථාව ලැබුණ. තරමක කදු සහිත පිහිටීමක් තිබුණත් වල් අලින් ආදි සතුන්ගෙන් නම් අඩුවක් නැහැ. ඊට අමත්රව නකල්ස් රක්ෂිතය සහ ඒ කිට්ටුව තියෙන ලකේගල කන්ද නගින්නත් ලැබුණ..
නමුත් ඔවුන් හිතන්නෙ ඔවුන් ගත ක්රන ජීවිතය වැඩක් නැති එකක් බවයි. මේක වැඩිපුරම දකින්න තියෙන්නෙ තරුණ කාණ්ඩය අත්ර තමයි. නමුත් මට මේ අයගෙ ජීවන රටාව ගැන ඉරිසියා හිතුණ වෙලාවල් අනන්තයි.. ජීවිතයෙ මම ගත කරපු අපූරුම සති කීපයක් වගේම් ගොඩක් අත්දැකීමුත් ජීව්තේට එකතු වුණා කියල හිතෙනව..
නැවතත් හුරු පුරුදු ජීවන රටාවට ආවට පස්සෙ නිකන් මොකද්ද මොකද්ද වගේ... වේලාසනින් නිදා ගන්න පුරුද්ද දැන් අතැර් ගන්න බැරුවයි ඉන්නෙ.. ඔය අතරෙ ආරන්චියක් ලැබුණෙ අලුත් වේදිකා නාට්‍යක් ගැන.' 'සුරගනක් ඇවිත්'.. කාලෙකින් වේදිකා නාට්‍යක නොබලපු හින්දත් , සන්ගීතය නදීක ගුරුගේ නිසත් පහුගිය 09 වෙනිදා මම ලුම්බිණි රගහලේ.. රූපවාහිනියෙ තරු තරගයි වැල් නාටියයි බලල එපා වෙලා හිටපු මට නම් මුලු නාට්ට්යම නැවුම අත්දැකීමක් වුණා. හොදටම හිනාවුණා.. මේ නාට්‍ය ගෙතෙන්නෙ ඇන්ඩි සහ නෝමන් කියන තරුණ මාද්යවේදියො දෙන්නෙකුයි. ඒ ගොල්ලන්ට අල්ලපු ගෙද්ර ජීවත් වෙන සොපී කියන තරුණියයි අතරේ.. නෝමන් සොපීට සිතින් පෙම් බැදීම සහ ඇන්ඩ්ය් නෝමනුයි පටන් ගන්න යන අලුත් සගරාවට සොපීව සම්බන්ධ කර ගැනීම සහ සොපී, ඇන්ඩි කෙරෙහි උනන්දුවක් දැක්වීම යන කාරනා තුල නාට්‍ය ගලා යනව..හාස්‍ය නම් උප්රිම විදිහට මේකෙන් මතු කරනව..ඒ අත්රින් නදීක ගෙ සන්ගීතය ගලගෙන යනව හරි අපූරුවට..
නදීක ගායනා කරන වෙරෝනිකා සින්දුවත් මේ වගේ නාටියකට ක්රපු එකක් වෙන්න ඕනෙ කියල මට හිතුණ..
තවත් අනන් මනන් තිබුණත් ලියන්න කම්මැලි නිසා නවතිනව..
Subscribe to:
Post Comments (Atom)
4 comments:
සුරගනක් ඇවිත් මමත් බැළුවා මංගල දර්ශනය. මූණ දන්න නැති හින්දා කතාකරන්න විදිහක් නැහැනේ. කොහොම වුනත් නාට්‍ය ගැන බැලූ බැල්මට හාස්‍ය නාට්‍යයක් ලෙස හොද වුනත් ඒකේ තියෙන දේශපාලන ප්රහසනයත් විශිෂ්ඨයි. ඒත් මේ මොහොතේ සන්දර්භයත් එක්ක මේ නාට්‍යයේ ස්ථානගත වීම ගැන මට හොද සහ නරක යන දෙකම මුසුවුන අදහසකුයි තියෙන්නේ. තවත් කාරණයක්, මේකේ හාස්‍ය නිපදවීම සදහා නාට්‍යයේ තියෙන රිදම් එකෙන් එළියට යාමකුත් සිදුවෙනවා කියලයි මට හිතෙන්නේ.
අර නකල්ස් පැත්තේ ගියා කියලා කිව්වම නම් මටත් පොඩ්ඩක් ඊරිසියා හිතුනා.. හොදට සතුටු වෙලා වගේ.. හොදයි හොදයි
පාලිත - කොයි හරියෙද හිටියෙ.. මම නම් හිටියෙ ටිකක් මැදට වෙන්න..ඇත්තටම අපිට හොද අවස්ථාවක් මග ඇරිල නේද?.. :(
ඔව්. නාට්‍ය මේ මොහොතෙ ස්ථානගත වීම පිලිබද යම් ගැටලුවක් තිබෙන බව නම් ඇත්තයි.. :) ඒත් මම හාස්‍ය නම් උපරිමවම වින්දා .. :D
මලී - ඔව් ඇත්තටම.. :)
ඒක තමයි.මූණ දකින්නේ නැතුව බ්ලොග් වලින් දන්න අය ඇත්තටම දකින්න, හම්බවෙන්න මමත් හරිම කැමතියි.ළගදි මට එහෙම දෙන්නෙක් හම්බ් වුණා. අහඹු ලෙස හමුවෙලා හෝ ප්ලෑන් කරලා හම්බවෙනවා ඇරෙන්න මූණ දන්නෙ නැති හින්දා ගොඩාක් වෙලාවට මෙහෙම අවස්තා මගහැරෙනවා.
නාට්‍යයේ හිනාව නම් උපරිමයි. මමත් ඇඩෙනකම් හිනාවුනා.
Post a Comment