Sunday, February 1, 2009

එක දවසක් හැන්දැවක වචන.

මේ දවස් ටිකේ බ්ලොග් පෝස්ට් වැඩිපුර වැටෙනවා මගෙ අතින්. කාලෙකෙට පස්සෙනෙ දවස් දෙක තුනක් ගෙද‍ර ඉන්න ලැබුනෙ..ලිවිල්ල දැන් පුරුද්දට ගිහිල්ලා..හිහ් හිහ්..

මේ පෝස්ට් එක දාන්නේ අපේ කුෂාන් සහොද‍රයගෙ පොඩි ඉල්ලීමක් ඉටු කොරන්න.. මම මේ දවස් වල වහ වැටිලා ඉන්න සින්දුවක් වෙන අතුල අදිකාරිගෙ ' එක දවසක් හැන්දැවක ' ගීතයෙ වචන පෙලගැස්ම ඔහු ඉල්ලලා තිබුනා. ඔන්න එහෙනම්..

එක දවසක් හැන්දැවක

එක දවසක් හැන්දැවක,
කණාමැදිරි එළි පාරක,
මං හෙව්වා තරැ කැටයක්.//
නිල් පාටින්..පායා දිලෙන..//

සිහිනයක ගිලී මා.. සිටියා..
කවුරුදෝ හිත් දොර බිදිනා විට..
සුලන් රොදක්වත් ඇරුණු දොර පියනින්..ආවා නම්..
සිහිනයේ සුව අරන්..
නන්නාදුනනා දැසක්..
නිවි නිවී.. දිලිසුනා.. මොහොතක්...

සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත්..දොරකඩට..
පවන් පොදකටවත් ඉඩක් නෑ නොවෙද..
අවකාශයම.. වසාගෙන..
ඈ සිටිනා විට මා අසල...
ඈ සිටිනා විට මා අසල..........


එක දවසක් හැන්දැවක,
කණාමැදිරි එළි පාරක,
මං හෙව්වා තරැ කැටයක්. //
නිල් පාටින්..පායා දිලෙන..//


මා අසල.. ලැගුම් ගනු පෙරාතුව..
මා තුලට.. මොහොතකට..එබුනා නම්..
පැහැදිලිව දකින්නට තිබුණා..
මා තුලම.. මා නොවන.. පිටස්ත‍්රයකු සිටිනා වග..
ඔබේ පෙම.. මා හටද.. මා නොවන ඒ අමුත්තා වෙතද..//

-------------------------------------------------
සින්දුව ලියපු කෙනා නම් මතක නැහැ. මේ සින්දුව තියෙන්නෙ අශෝක හදගම මහත්මයාගෙ ටෙලිනාට්ටියක..
'සින්තටික් සිහින' ටෙලිනාට්ටියෙ...අපූරු, අමුතු ගනයෙ නාට්ටියක් ඒක. බලපු අය ඉතින් දන්නවත් ඇතිනෙ..

දැන් කට්ටිය හිතනවා ඇති සින්දුවත් අහන්න තිබුනා නම් නියමය් කියලා..
ඔන්න එහෙනම් සින්දුවත් අරන් අහලා බලන්න..

http://www.esnips.com/doc/52824362-b11a-4e85-85ce-08a58d79e6ff/Athula-Adhikari--Eka-Dawasak

උඩ තියෙන ලින්ක් එක, පහල තියෙන ලින්ක් මේකර් එකට ගිහිල්ලා පේස්ට් ක‍රන්න. එතකොට E snips එකෙන් Account එකක් නැතුවම ඩවුන්ලෝඩ් ක‍්රන්න පුලුවන්.

http://indianraga.fileave.com/files/esnips_download_link_maker.html

--------

කට්ටියත් එක්කම රසවිදින්න..:P

4 comments:

වන්නි said...

බොහෝම ස්තූතියි මිත්‍රයා... මම සැහෙන්න ආසාවෙන් හිටපු සිංදුවක්...

malee_msg said...

මටත් වචන ටික දැක්කම අහන්න තමයි ආස හිතුනේ.. ඉතිං ස්තූතියි.. අහන්න පුළුවන් විදියක් දුන්නට‍‍

ගවේෂණ said...

@ කුෂාන්
එල එල Bro. welcome කිව්වා.. :D

@ මලී
අනේ හොදය්. සින්දුව upload කලේ නම් මම නෙමෙ. හේමාල් කියල නොදන්න සහොද‍්රයෙක්..
ඔහුටත් ස්තුතියෙන් කොටසක් යන්න ඔනෙ..

ආගන්තුකයා | Stranger said...

එලකිරි මාත් මේකෙ වචන හොය හොය හිටියේ... ස්තුති වේවා... සපිරිස්ති...