
ජීවිතෙ කියන්නෙ හරි පුදුම දෙයක්. මට හිතෙන විදිහට ගගක්.
අපි ඒකෙ ඔරුවකින් හිතෙන හිතෙන තැන් වලට යනව. හිතෙන හිතෙන විදිහට. හැබැයි හරියටම නොදැන.
ඔය යන අතරෙ ඉවුරෙ ඉන්න අයවත් අපෙ ගමනට එකතු කරගන්නව.
සමහරු අතරමගදි නතර වෙනව. යන්න අමාරු තැනකට එනකොට අපිව අතරමන් කරල යන අය ඉන්නව.
සමහරු ඉන්න ඕනෙ හින්ද ඉන්නන් වාලෙ දිගටම ඉන්නව. බැහැල ගියත් මතකෙ ඉන්න අය ඉන්නව.
ඔය අතරෙ සමහරු ඉන්නව අපි යන කොට ඒ හා සමාන්තරව ඉවුරෙන් ඇවිදින. ඒ අය ඉවුරෙ ඉදන් අපි දිහා බලනව, හිනා වෙනව, යන්න ඕන මාර්ගය පෙන්නල දෙනව. නමුත් ඔරුවට ගොඩවෙන්නෙ නැහැ.
ඒත්, කලාතුරකින්, ඒ මග පෙන්වන අය අතුරෙන් බොහොම කීප දෙනෙක් ඉන්නව කැමත්තෙන් ගමනට එකතු වෙන.
ඕනම තැනකදි එකට ඉන්න අමාරු තැන් වලදි උදව් වෙන, ඒ වගේම මෙච්ච්ර කල් නොදැන ගියපු ගමනට අලුත් අරමුනක් දෙන, ගමන වඩාත් ලස්සන කරන ඒ අය කෙනෙකුට හමුවෙන්නෙ කලාතුරකින්. ඒ වගේම අහම්බෙන්.
ඒ අය තමුන් නොහිතා කරන පොඩි දෙයකින් වුනත් අපිව සතුටට පත් කරනව. ඒ පොඩි සිනහවකින්, පොඩි වචනයකින් වෙන්න පුලුවන්.
ඉතින් විනාඩි 51840 ක් තිස්සෙ ඒ ගමනට එකතු වෙලා ඉන්න, ජීවත් වෙන හැම මොහොතක්ම වඩාත් ලස්සන කරන, නිරතුරු සුන්දර සිනහවකින් හෙබි ඒ අපූරු මග පෙන්වන්නියට ස්තුති.
---
මෙන්න මෙතන ඔබල මේකත් අහල ,
---
මේකත් කැමති නම් බලන්න
ගනන් ගන්න එපා ඉතින්. ගැත්තාට අනුකම්පා කරන්ට..විදින දෙය, එය දැනෙන වෙලාවේ විදිනු මිස අන් කවරක් කරන්නද? :D
No comments:
Post a Comment