Monday, April 20, 2009

එය.. සිදු වෙයි.

එය...
මීට පෙර කීප අවස්ථාවකදීම සිදුවී ඇත.
වස‍ර 2170 කට පෙර මුලින්ම එය සිදු විය.
වසර 1920 කට පෙරද සිදු විය.
වස‍ර 950 කට පෙර අවසාන වතාවට එය සිදු විය.

වස‍ර 60 කට පෙර එය සිදුවුණ බවක්ද ඇතැම්හු කියති. එහෙත් මට එත‍රම් විශ්වාසයක් නැත.

දැන්, එය නැවතත් සිදුවෙයි. නමුත් අපට එය හදුනාගැනීමට අපහසු විය හැකිය. ඒ, එය අපේ රට වැසියන් වස‍ර 950ක් පුරා අත්නොවිදි දෙයක් වන නිසාවෙනි.

නමුත් එය සිදුවෙයි.

මේ ලියන මොහොත වන විට,, ඔහුට ඉතිරිව ඇත්තෙ පැය දොලහක් පමණි.
සිගන්නන්ට තෝරන්නන් විය නොහැකි නමුදු, ඔහුට ජීවත් වීමෙ අවස්ථාවක් ලබාදී ඇත.
පැය දොලහ දීර්ඝ වීමටද ඉඩ ඇත.

මේ ගෙවුණු කාලය තුල, අහිමි වුණු දේවල් අපමණය.
සමහ‍ර දේවල් ලබාගත හැකි නමුදු, සමහ‍ර දේවල් නැවත ලැබිය නොහැකිය.

කැප කිරීම් කෙරුවෝ අපමණය.

ඔවුන් සිටිනා තැනක සිට, අපමණ වූ උදාර හැගුමකින් යුතුව එදෙස බලා සිටින බව හැගේ...

ඉදින්

CRT නලයක් තුලින් මම දුටුවේ , ඇසුවේ, රණ ගොස නැගෙන තැනයි..

තව හෝරා කීපයකින් එම රණ ගොස .. සදහටම නිහඩ වෙනු ඇත.

තුවාල සුව වීමට කල්ගත වනු ඇත. ඒ බව දනිමි. ඔවුන්ගෙන් අපටද, අපගෙන් ඔවුන්ටද සිදු වූ අකටයුතුකම් බොහෝය..

නමුත් සුව වූ දිනට ඔවුන් හා අප අත‍ර සිනා මල් විකසිත වනු ඇත.
එය සක් සුදකි.

මේ මොහොතෙ..ඔබගේ හදවතද උදාර හැගුමකින් පිරී පවතින බව මම දනිමි.

නමුත්.
ඉතිහාසය නැවත සිදුවන අවසන් අවස්ථාව බවට මෙය පත් කර ගත යුතුය.

අනාගතයක් ගැන කීමට තවම වේලාසන වැඩි බවද දනිමි.

එනමුදු

මින් පසු යලි කවදාවත් නොඑලඹෙන, සහ නො එලඹිය යුතු, ඓතිහාසික මොහොතක ආරම්භයේ සිට..
තනි ජාතියක් වශයෙන් නොව, තනි රටක් ලෙසින්, උන් හා එක්ව , හෙටින් උදාවන අලුත් ලෝකය වෙනුවෙන් සව්දිය පුරමු.
ජය ශ‍්රී...

6 comments:

Manushan said...

ඒ මොහොත එන තුරු අපිත් නොඉවසිල්ලෙන් බලා ඉන්නෙ ප්‍රීති ගොසා නගන්න.
ලිපිය හිතට වැදෙන්න ලස්සනට ලියලා තියෙනවා එළ

Narada said...

එළ එළ!

malee_msg said...

ලස්සන ලිපියක්.. ජය ශ්‍රී.!

Anonymous said...

හ්ම්.. හැම බලාපොරොත්තුවක්ම ඒ වෙනුවෙන් තමයි. ඒ බලාපොරොත්තු ඉටු වෙයිද බලමු.

Anonymous said...

ඔව්.. අපි සව්දිය පුරමු.. අපේ අනාගත පරපුර වෙනුවෙන්....ජය ශ්‍රී!!!

said...

මෙහෙම දෙයක් වෙනවනම් නියමයි
ඒත් මගේනම් තියෙන්නේ අවම බලාපොරොත්තුවක් මේ ගැන