Friday, April 10, 2009

අලුත් වෙමුද?

අපි බොහෝ විට ආද‍රය කරන්නෙ අපි දන්න අයට විත‍රයි. මව්පියන්ට,සහෝද‍ර සහෝද‍රියන්ට,පෙම්වතියට, යාලුවන්ට,විත‍රයි. ඔවුනුත් ඔබට ආද‍රෙයි. නමුත් අනෙක් අය දිහා බලන්නෙ යහපත් ඇසකින් නොවෙ. ඇයි ඒ.?

ඒ ආදරය කියල හිතන්න පුලුවන්ද? ඇත්තටම ඒ ලින්ගිකය, කැද‍රකම, තනිකම, රදාපැවැත්ම, අයිති ක‍රගැනීම, කියන කරුණු වල කලවමක් මිසක් හැබැ ආද‍රය නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. ඒ කියන්නෙ අපේ ආදරය කෙනෙක්් මත රදාපවතින දෙයක් බවට පත්වෙලා. මට හිතෙන්නෙ අපි ඔක්කොම දුප්පත්තු.

පොහොසත් මිනිහා කියන්නෙ ජීවිතේ කාව්ය තියෙන් තැනැත්තා, ජීවිතෙ නර්තනය තිබෙන තැනැත්තා, ජීවිතේ මුල්බැසගත් තැනැත්තා, මුලු ලෝකයටම ආද‍රය ක‍රන තැනැත්තා වෙනන් පුලුවන් නේද?
හ‍රියට වහින්න බලන් ඉන්න වැහි වලාකුලක් වගේ, නැත්නම් පිපෙන්න සූදානමින් ඉන්න මලක් වගේ.

වැහි වලාකුලක් වහිනවා එක තැනකට, සමහ‍රවිට එතන ඉන්න මිනිස්සුන්ට වැස්ස අවශ්ය නැති වෙන්න පුලුවන් . ඔවුන් බනිනවා ඇති, මොන මගුලක්ද මේ වහිනව වහිනව ඉව‍රයක් නැහැ කියල. නමුත් වැහි වලාකුල ඒවා අහල වැස්ස නවත්වනවද?
කවුරුවත් නැති කාන්තාරෙක රෝස මලක් පිපිලා, හැම තැනටම සුවද දෙනව. මල ලස්සනයි. නමුත් ඒ මල ලගින් කෙනෙක් ගමන් ක‍්රන්නෙ කලාතුරකින් වෙන්නත් පුලුවන්, ඒ යන කෙනා සමහ‍රවිට මලක් තියෙනවා කියලා දකින්නෙවත් නැහැ. එය පහු කරන් යාවි. ඉතින් මොකේ? මලට ඒක ගැන කනගාටුවක් නැහැ. මල සුවද දෙන එක නවත්වනවද?

ඇයි අපිටත් බැරි ඒ වගේ වෙන්න. ඉපදිච්ච දවසෙ ඉදන් එක එක එක්කෙනා අපේ පිටේ ගහන ලේබල් , අපේ ඔලුවට දාන කුණු කන්දල් අයින් කරල පිරිසිදු වෙන්න, අලුත් වෙන්න, අනික් මිනිස්සු දිහා යහපත් ඇසකින් බලන්න අපිට පුලුවන් නේද? කෙනෙකුට යහපත් වචනයකින් කතා ක‍රන්න, කෙනෙක් දිහා බලල හිනා වෙන්න සල්ලි වියදම් වෙන්නෙ නැහැනෙ.

අපි ආද‍රය භාවිතාවෙ යොදවන්න ඕනෙ. කාම‍රෙ තනියෙන් ඉන්න වෙලාවක අත්හදා බලන්න. තනිවම වාඩි වෙලා ඉන්න ගමන් ආද‍රෙන් පිරෙන්න. පිපිරෙන ත‍රමට පිම්බෙන්න. මුලු කාම‍රේම ඔබේ ආද‍රෙන් පිරෙන්න දෙන්න. මුලදි නම් පිස්සුවක් වගේ වෙයි ඒක. සමහ‍රවිට ඔබට හිතෙන්න පුලුවන් පිස්සු හැදීගෙන එනව වත්ද කියල. ඔබ එහෙම හිතන්නෙ ඒ ඇත්ත ආද‍රේ කියන දෙය තව කෙනෙක් එක්ක සම්බන්ධ ක‍්රන්න උත්සහ ක‍්රන නිසයි. අන්න ඒක තේරුම් ගත්තම ඇත්ත ආද‍රය ඔබට තේරෙන්න පටන් ගනීවි. ඉතින් කමක් නැහැ. මොහොතකට පිස්සෙක්, පිස්සියක් වෙන්න.
මොහොතකට ප‍්රෙක්ෂකයෙක් නැතිව නටන කෙනෙක් බවට පත්වෙන්න. අසන්නෙක් නැතිව ගීත ගයන්නෙක් බවට පත් වෙන්න.

එතකොට ඔබට තේරේවි, කවුරුවත් මත යැපෙන ආද‍රය හ‍රිම දුප්පත් එකක් බව. අපිට අනික් අයට දෙන්න පුලුවන් කම තියෙද්දි අපි අනුන්ගෙන් ඉල්ලනව. අපිට අධිරාජයො වෙන්න පුලුවන් කම තියෙද්දි අපි එක එක්කෙනාගෙන් හිගා කනව.

සමාජය විසින් නිර්මාණය ක‍රපු වැරදි නිර්ණායක ඉවත් ක‍රමු. මොන අහවල් එකටද ඔය සන්කීර්ණ ප්ලැන් වල හිර වෙලා ඉන්නෙ මෙච්ච‍්ර සිම්පල් ප්ලැන් එකක් අපිට ලැබිලා තියෙද්දි.
සීරියස් වීම හෙවත් බොරු බ‍රපතල භාවය අත් අරින්න. ජීවිතේ කියන්නෙ ගැටලුවක් නෙමෙයි කොහෙත්ම . අපි ඒක ගැටලුවක් බවට පත් ක‍රන් තියෙනව.
නිදහස් මිනිසෙක්, නිදහස් ගැහැණියක් බවට පත්වෙන්න.
වඩ වඩාත් ස‍රල වෙන්න. සුන්ද‍ර බවට පත් වෙන්න. අහින්සක වෙන්න. මුහුදු වෙරලෙ සිප්පි කටු ඇහිදින කුඩා දරුවෙක් වගේ වෙන්න.
කෙටියෙන් කීවොත් , ඔබ ඔබම වෙන්න.
නැවුම් ඇසකින් ලෝකය දිහා බලන්න. එතකොට මුලු ලෝකයම ඔබට ආපහු ආදරය ක‍රයි.
BE THE CHANGE YOU WANT TO BE!

අලුත් වෙන්න අලුත් අවුරුද්ද එනකම්ම ඉන්න ඕනෙ නැහැ. ;)

සුබ අලුත් අවුරුද්දක් වේවා!

4 comments:

malee_msg said...

හ්ම් හ්ම්.. ඇත්ත ඇත්ත සහතික ඇත්ත.. සුභ අලුත් අවුරුද්දක්ම වේවා...!

Anonymous said...

අන්න හරි යාළුවා,
සුබ අළුත් අවුරුද්දක් ඔබටත් !!!

Narada said...

පට්ට ලිපිය! සහතික ඇත්ත තමා කතාව නම්, එළ එළ ස්තුති වේවා ඔවාවදනට.

සුභ අලුත් අවුරුද්දක්ම වේවා ඔබටත් ඇයටත්!

ආගන්තුකයා | Stranger said...

සුබ වේවා... ආදරය සුළඟ වගේ කාටවත් අල්ලන්න බෑ දැනෙන දෙයක් කියලා... චිත්‍රපටියක තිබුනා... කතාව නම් සහතික ඇත්ත නේ... ආදරය... ඇත්තටම මොකද්ද...