


මම මේ චිත‍්රපටිය බැලුව.මට තේරෙන්නෙ නැහැ කොහෙන් පටන් ගන්නද කියල.. ඒ තරමටම මේ චිත‍්රපටිය මාව ඉතාම සන්වේදී බවට පත් කලා කියල හිතෙනව..
චිත‍්රපටිය පදනම් වෙන්නෙ ඇලන් මූර් සහ ඩේවිඩ් ලොයිඩ් මහත්වරුන්ගෙ චිත‍්රකතාවකින්.
අධ්යක්ෂණය - ජේමස් මැක්ටිග්
තිර රචනය - වැකොව්ස්කි සහෝදරයෝ (මැට‍්රික්ස් තිර රචන තුන රචනා වුනෙත් ඔවුන් අතින්)
ප‍්රධාන චරිත දෙක - V ලෙස හියුගෝ වීවින්ග් (මැට‍්රිික්ස් හි ඒජන්ට් ස්මිත්) සහ eve ලෙස නැටලි පෝට්මන්.
වසර 2038දී අනාගත එන්ගලන්තයේ පාලකයා වෙන ඒකාධිපති පාලකයෙක්ට එරෙහිව නැගී සිටින එක් මිනිසෙක් මුලු ජනතාවකගේම ඇස් පාදන ආකාරය මේ කතාවේ තේමාව වෙනව.
ඉතාමත්ම සූක්ෂ්මව රටේ පාලකයා බවට මොහු පත් වෙන්නෙ රට පුරා පැතිරිල යන වසන්ගත රෝග හා ගැටුම්කාරී අවදියකින් පස්සෙ. ඔහු ජනතාවටත් නොදැනෙන පරිදි ඔවුන්ගෙ මොල හෝදනව. මාද්ය වලින්, ලස්සන නීති රීති වලින්. ඔහුට අනුව සමාජය ශුද්ධ කිරීමට හොරුන්, කපටින්, මිනීමරුවන් , ගණිකාවන් , සමලින්ගිකයන් ආදීන් සොය සොයා වද කදවුරු වලට ගෙනත් සමූහ ඝාතනය කරනව. මොහු වටා ඉන්න හමුදා නිලදාරින් , පූජකයන් , වෙය්ද්ය වරුුන් ආදීනුත් මේ අපරාද වලට හවුල් වෙනව.
අන් ආගම් වලට තැනක් නැහැ. කුරාණය ගෙදර තිබී හසු වොත් එය මරනයෙන් දඩුවම් ලබන වරදක් බවට නීතිගත කරල තියෙනව. නමුත් සාමාන්ය ජනතාවට ඔවුන් මාද්ය හරහා පෙන්වන්නෙ වෙනම ලස්සන චිත‍්රයක්..
මෙම සිද්ධි වලින් අවුරුදු ගනනාවකට පස්සෙ, නිරපරාදේ මෙවැනි කදවුරක දුක් විදපු කෙනෙක් මේ පාලන ක‍්රමයට එරෙහි සටන පටන් ගන්නව. වෙස් මුහුනක් පැලද ඉන්න ඔහු තමාව හදුන්වගන්නෙ වී යන නමින්. ඔහු මේ සටන ක‍්රන්නෙ තනිවම, ඒකාධිපතියාගෙ සහ ඔහුගෙ සහචරයන් ඝාතනය කිරීමෙන් ඔවුන්ගෙ අන් මත නොඉවසන, අත්තනෝමතික පාලන ක‍්රමය සහ සැබැව ජනතාවට අවබෝධ කර දෙනව..නොවෙම්බර් මාසයේ පස් වන දායින් පටන් ගන්න මේ සටන ඔහු අවසන් ක‍්රන්නෙත් හරියටම වසරකින්..
අතරමගදි eve නම්තරුණියක් මොහුට හමු වීම සහ ඔහුගෙ තනි සටනට ඇය හවුල් වීමත් .මේ අත‍්ර මොහුව සහ ඒ තරණියව අත්අඩන්ගුවට ගන්නට වෙර දරන Finch නම් ඉන්පෙක්ටර් වරයෙකුත් අතරින් කතාව ඉතාම උත්කර්ශවත් අයුරින් ගලාගෙන යනව. මම මෙතනින් එහාට කියන්නෙ නැහැ නොබලපු අයගෙ කුතුහලය තියන්න ඕනෙ නිසා... ;)
----------.
මේ කථාව පැති ගනනකින් මාව සසල කලා.. ඇත්තටම 'වී' ජීවත් වෙන සමාජය හා අපි ජීවත් වෙන ලෝකය අත‍්ර වැඩි වෙනසක් නැහැ කියල මට හිතුන. .විශේෂයෙන්ම මාද්ය වලින් ක‍්රන දේවල් ඉතාම අවන්ක අයුුරින් මෙහි පෙන්වනව.
V තමන්ගෙ සටන පටන් ගන්නෙ එන්ගලන්තයෙ බේලි ශාලාව පුපුරවා හැරල. නමුත් ඉහලින් එන අණ පරිදි මාද්ය වලින් කියන්නෙ ඒ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට නියමිතව තිබුණු එකත් බවත්. තමුන්ගෙ ආන්ඩුවෙන් එය සිදු කල බවත්...:D
ඒ වගේම මේ චාන්සලර්ව‍්රයාව විහිලුවකට ලක් කරන රූපවාහිනියෙ වැඩ සටහනක් ඉදිරිපත් කරන
නිවේදකයාටත් අයිති වෙන්නෙ මරනය.
චිත‍්රපටිය පුරාම වෙස් මුහුණ පිටුපස ඉන්නෙ කවුද කියල පෙන්වන්නෙ නැහැ. ඊව් එක මොහොතක වෙස්මුහුණ අයින් ක‍්රන්න හැදුවත් ඔහු එයට ඉඩ දෙන්නෙ නැහැ.
අවසානයේ ඉන්පෙක්ටර් වරයා අවබෝධ කර ගන්නව V ගෙනියන සටන තුල තමුන් එක කොටසක් බවට පත් වෙලා කියල. හැම දේම එකට සම්බන්ධයි. අප ජීවත් වෙන සමජය වගේම..
චිත‍්රපටිය තුල එක තැනක ඊව්ට හමුවන ලිපියකින්(සිරකාරියක් ලියා තැබූ ) ස්ත‍්රී සමලින්ගිකත්වය දෙස මානුෂික මුහුණුවරකින් බලනව..
ඒ වගේම චිත‍්රපටිය පුරාම සන්කේත භාවතය ඉතාම පුලුල් අයුරින් ක‍්රනව.මෙහි එන වෙස් මුහුන, ගොඩනැගිලි, එක තැනක V රතු පැහැති Domino කැට වලින් ක‍්රන ක‍්රීඩාව වගේම
මෙහි එක තැනක ගැහැණු ලමයින් තමන්ගේ කාමරයට ගෙන්වා ගන්නා පූජකයා,
ඒ වගේම බයිබලයේ පිටු කපා ඒ අතර සගවා තිබෙන පිස්තෝලය පවා අපි ජීවත් වෙන පරිසරයේ සමහර දෙවල් නිරූපනය කරන බව මගේ අදහසයි..
කොටින්ම V කියන නම පවා සන්කේතයක්.
V = WE (අපි)
එක තැනකදී V සැලසුම් කරනව එන්ගලන්ත පාර්ලිමේන්තුව පුපුරවා හරින්න.
'And you're going to make that happen by blowing up a building?'
eve ඔහුගෙන් අහනව.
ඒකට V දෙන්නෙ අපූරු පිලිතුරක්.
The building is a symbol, as is the act of destroying it. Symbols are given power by people. Alone, a symbol is meaningless, but with enough people, blowing up a building can change the world.
ඒ වගේම ඉතාම අපූරු දෙබස් හා වාක්ය ඛණ්ඩ චිත්රපටිය පුරාම දකින්නට ලැබෙනව
Delia Surridge: You've come to kill me.
V: Yes.
Delia: Are you going to kill me now?
V: I killed you 10 minutes ago, [holds up a small hypodermic needle] while you slept.
Delia: Is there any pain?
V: No.
Delia: Thank you. Is it meaningless to apologize?
V: Never.
Delia: I'm so sorry.
තව තැනක්
Evey: V, yesterday I couldn't find my ID. You didn't take it, did you?
V: Would you prefer a lie or the truth?
Evey: Did you have anything to do with this?
V: Yes, I killed him. Are you upset?
Evey: Am I upset? You just said you killed Lewis Prothero!
V: I may have killed those fingerman that attacked you the other night too, but I heard no objection to that. Violence can be used for good.
Evey: And are you going to kill more people?
V: Yes.
තව තැනක්
Finch: Who was he?
Eve: He was Edmond Dantes, and he was my father..and my mother..my brother..my friend..he was you, and me..he was all of us.
------------------
තව කිව්වොත් මුලු චිත‍්රපටියෙම කථාව මෙතන දාන්න වෙයි..:P
ජීවිතයෙ මම බලපු ඉතාම විශිෂ්ට ගනයෙ චිත‍්රපටි කීපය අතරින් එකක්.
වැකොව්ස්කි සහෝදරයන්ගේ අපූර්ව තිර රචනය සහ Dario Marianelli සන්ගීතයත් අපූරුයි.
ඇක්ෂන් ඕනෙ අයට ඇක්ෂනුත්, ආදරේ ඕනෙ අයට ආදරෙත් චිත‍්රපටියෙ අඩු නැහැ .;)
බලපු අය ගොඩක් ඇති මම හිතන්නෙ.. නමුත් නොබලපු අය ඉන්නව නම් මුදල් ගෙවා ලබා ගෙන බැලුවත් පාඩුවක් නැ කියල recommend කරන්නම්. විශිෂ්ටයි. අති විශිෂ්ටයි.
නොබලපු අයට මෙන්න විස්තර
මෙන්න චිත‍්රප්ටියෙ නිල වෙබ් අඩවිය
මෙන්න පූර්ව ප‍්රචාරක පටිය
සටහන අවසන් කරන්නම් නිතර V ගෙ මුවින් පිටවන වචන කීපයකින්ම
Remember, remember ,The fifth of November....The gunpowder treason and plot. I know of no reason ,Why the gunpowder treason , Should ever be forgot....
3 comments:
ඔබ කියලා තියෙනවා වගේ මේක මමත් බලපු විශිෂ්ඨතම චිත්‍රපටයක්. නමුත් අවාසනාවකට සමහර දේවල් මට තේරුනේ නැහැ. ඒත් සමස්තය තේරුම්ගන්න ඒක එච්චර කරදරයක් වුනේ නැහැ. කොහොම වුනත් මෙහි දාගෙන ඉන්න වෙස්මුහුන Guy Fawkes ගේ එකක්. ඔහු විප්ලවවාදියෙක්, පාර්ලිමෙන්තුව ඇත්තටම පුපුරන්න උත්සාහකළ කෙනෙක්.
කොහොම වුනත් ක්‍රමයට එරෙහිව අභියෝග කරන්නන්ට මේ චිත්‍රපටය හරහා ලොකු ශක්තියක් දෙනවා. මැට්‍රික්ස් කරපු අයම මේ තිරරචනය කළා කියන එක අදයි දන්නේ. කොහොම වුනත් මේ සහෝදරයින් දෙන්නට මේ අදහස් කොහෙන් එනවද දන්නෑ.
සටහනට ස්තූතියි
මමත් කොහොම හරි බලනවා! ඇත්තමයි!
මම මේ චිත්‍රපටය බැලුවේ කාලයකට කළින්. ඇත්තටම විශිෂ්ඨයි. දේශපාලනිකයි.
ඒත් මේ චිත්‍රපටයෙන් කියන්න හදන දේ එක්ක එක්ක මම නං සම්පූර්ණයෙන්ම එකඟ නැහැ. වැකොව්ස්කි සහෝදරයන්ගේ අරාජිකවාදයේ මතවාදය මැට්රික්ස් වල වගේම මේ නිර්මාණය තුළත් තියෙනවා. සරළව කිව්වොත් විශමතා නැති සමාජයක් දක්වා සමාජය වෙනස්කිරීම පුළුල් සමාජ මැදිහත්වීමකට වඩා පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙකු පුද්ගල ත්‍රස්තවාදය යොදාගනිමින් කළහැකියයි අරාජිකවාදීන් (Anarchists)විශ්වාස කරනවා. ඒත් මාක්ස්වාදය කියන්නේ සමාජය වෙනස්කිරීම සඳහා සමාජ මනෝභාවය වෙනස් කිරීමත් ඒ සඳහා ධනේෂ්වර ක්‍රමයේ සිට අනාගත පංති විරහිත කොමියුනිස්ට් සමාජය ගොඩනැංවීමට සමාජවාදී අවධිය නම් අවධියක් පසුකළ යුතු බවයි. එම පරිවර්තනීය යුගයේදී සමාජයේ දේශපාලන නායකත්වය නිර්ධන පංතිය අතට ගතයුතුබවත් මාක්ස් කියනවා. අරාජිකවාදීන් එවන් පරිවර්තනීය කාලයක් පිළිගන්නේ නැහැ. රජය පෙරළීමෙන් පමණක් සමාජයේ සියලු ප්‍රශ්න විසඳෙන බවක් ඔවුන් විශ්වාස කරනවා. (තේරුණාද දන්නේ නැහැ. මං තේරුම්ගත්ත දේ පුළුවන් තරම් සරළව කියන්න උත්සාහ කළා) මේ චිත්‍රපටිය තුළින් ප්‍රකාශවන්නේ වැකොව්ස්කි සහෝදරයන්ගේ මේ අදහසයි. ඔවුන්ගේ මැට්‍රික්ස් තිරරචනයේද අවසාන ප්‍රකාශනය මේකම බව පරෙස්සමෙන් බැලුවොත් පෙනෙයි.
අරාජිකවාදයට වඩා මාක්ස්වාදය ප්‍රායෝගිකයි කියලා මම හිතනවා. ඒ නිසාමයි චිත්‍රපටියේ දැක්ම එක්ක 100%ක්ම මම එකඟ නොවන්නේ. හැබැයි මේ චිත්‍රපටිය මේ සමාජ ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා විශ්වාස කරන මම වගේ බොහෝදෙනෙකුට ලොකු ආශ්වාදයක් ගෙනදුන් බවත් කියන්නම ඕනේ. ඇත්තටම හරවත් සංවාදයකට හොඳ චිත්‍රපටියක්. සිංහල රසිකයන්ගේ අවධානය යොමුකරවීම ගැන ස්තූතියි!
Post a Comment