Showing posts with label ප‍රිස‍රය. Show all posts
Showing posts with label ප‍රිස‍රය. Show all posts

Sunday, March 22, 2009

වදින්න යන මේ නඩේට......

මේ දවස් වල අපේ නිවසට හරි අපූරුවට සිරීපාදෙ පේනව. මීදුම අඩු, පැහැදිලි කාලගුණයක් තියෙන දවස්වලට රැ දවල් වෙනසක් නැතිව පේනව. දවල්ට සුදු පැහැයෙන් පැහැදිලිව ගොඩනැගිල්ලත් පේනව. රැට නම් පෙනෙන්නෙ පාමුල ඉදන් මුදුනට යන කන් තියෙන විදුලි ආලෝක පේලිය. ඒ ආලෝක පේලියත් නිවී නිවී පත්තු වෙන විදිහෙන් පෙනෙන්නෙ.
කොච්ච‍්ර දැක්කත් මම තාම සිරීපාදෙ ගිහින් නැහැ. :( හැම අවුරුද්දෙම යන්න ලැස්ති ක‍ර ගත්තත් මොකක් හෝ හේතුවක් යෙදනවා ඒක වැලකිල යනව. මේ අවුරුද්දෙවත් දෙයියනේ කියල යන්නයි ඉන්නෙ. වන්දනා ගමනකටත් වඩා යන ගමනෙදි දකින්නට ලැබෙන ප‍රි‍ස‍රය බලන්න සහ ඒ ආශ‍්රිතව බැදිල පවතින සිරිත් විරිත් ක‍රල බලන්නත් පොඩි ආසාවක් තියෙනව.

සිරිපාදෙට යන්න පාරවල් කීපයක් තියෙනව ඔයාල දන්නව ඇතිනෙ. රත්නපුරෙන් හා හැටන් ඔස්සෙ. නමුත් මට ලගදි දැනගන්න ලැබුණ අප‍්රසිද්ධ පාරකුත් තියෙනව කියල. විස්ත‍ර කිව්වෙ ඒ පාර ඔස්සෙ සිරිපාදය කරුණා ක‍්රපු මිත‍්රයො කීප දෙනෙක්. රත්නපුරෙන් රත්ගග පාරට හැරිල කිලොමීටර් 20ක් විත‍්ර ගියාම ඒ පාර පටන් ගන්න තැනට ලන් වෙන්න පුලුවන්.පාර වැටිල තියෙන්නෙ ගන කැලැව මැද්දෙන්. අවශ්ය ආහාර පාන, කූඩාරමක් සහ වෙනත් අවශ්ය දේවල් රැගෙන යන්න ඕනෙලු මේ පාරෙ යනවනම්. මේ කතාව අහපු වෙලාවෙ ඉදන් මගෙ ආසාව මේ පාර ඔස්සෙ ගමන යන්න. රූපවාහිනියෙ ගියපු සැරිස‍ර වැඩසටහනෙනුත් මේ පාර ගැන යමක් කීවා වගෙ මතකයි. හොද අත්දැකීමක් වෙයි ඒක. .
කතාවකුත් තියෙනවනෙ සිරිපාදෙ නොගිය එකත් මෝඩයා, එක පාරක් ගිය එකත් මෝඩය කියල. :D :P

සිරිපාදෙ කියල සර්ච් කලම මේක ආවා. අපෙ බින්කු කොලුව වගෙ කෙනෙකුත් ඉන්නවා මෙතන. :P


ගත්තෙ මෙතනින්



තව මෙන්න මේකත් ආවා..
විදේශික මහත්මයෙක්ගෙ ඇසින් සිර්පාදෙ දැක්ක විදිහ..මෙතන තියෙන්නෙ එක කොටසයි. අනික් කොටසත් බලන්න නම් මෙතන ඔබන්න