Monday, January 26, 2009

Budu hamuduruwo saha Nadeeka guruge

මේ සටහන ලියන්න හිතුණේ අපේ හරේගේ පෝස්ට් එකක ඩැම්ස් කියල සහෝදරයෙක් දා අහල තිබුණු ප්රශ්නයක් දැක්කට පස්සේ .ඔහු අහලා තිබුණා ලෝකයේ උත්පතතිය ගැන බුදු හාමුදුරැවො මොනවද කිව්වෙ කියල. නමුක් ඊට කලින් නදීක ගුරැගේ නිරිමාණය කළ වර්ණ නැමැති සංධ්වනිය ගැනත් යමක් කිව යුතුයි.දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒකෙයි වර්ණ ගීතයෙයි තියෙන සම්බන්ධය මොකක්ද කියල.
ඇත්තෙන්ම වර්ණ හි වචන වල ඇතුලත් වෙලා තියෙන්නෙ බුදුහාමුදරැවන් ලොකොත්පත්තිය ගැන දේශනා කරපු අග්ගඤ්ඤ සූත්රයේ සංක්ෂිප්ත සටහනක්.
-----------------------
අග්ගඤ්ඤ සූත්රයේ මේ කතාව සදහන් වෙලා තියෙන්නෙ මෙහෙමයි.
එකල්හි මෙහි සත්වයො නොවූහ. තිබුණේ කිසිවක් නැති හිස් බවකි. පසුව ආභස්සර බ්රහ්ම ලෝකයේ ජීවක් වූ කයක් නැති සිත පමණක් ඇති ජීවින්ගෙන් එකෙක් ආලෝකය විහිදුවමින් මෙහි පැමිණීයේය. පැමිණ හිස් පොළව දිව ගා බැලුවේය. එහි දැණුනු අමුතු රසින් කුල්මත් වූ ඔහු ආපසු නොගොස් මෙහිම රැදුනේය. රස පොලොව කමින් ජීවත් වූයේය.ඔහුව සෙවීමට ආ අනෙක් ජීවින්ද රස පො‍ලවට වහ වැටී මෙහිම ජීවත් වන්නට පටන් ගත්හ.
රස නිසා ඔවුන් තුළ ත්රැෂ්ණාව පහළ විය. ඒ නිසාම ඔවුන්ගේ පියාසර කිරිමේ හැකියාව නැතිවී ගියේය.සිරැරැ ගණ බවට පත්විය.ආලෝකය නැති වී ගියේය. ස්ත්රී ලිංගය හා පුරැෂ ලිංගය එක එක ජීවීනට් පහළ විය. ඔවුන් එකිනෙකාගේ අවයව දෙස බැලීම නිසා ලිංගික ආශාව පහළ විය.එළිමහනේ ලිංගිකව සංසර්ගයේ යෙදීම නිසා ලැජ්ජාවට පත් අනෙකුත් ජීව්න් ඔවුන්ට ගල්මුගුරැ ගසා එළවූහ. ලිංගිකව එකතුවීමට කැමති ජීවින් අදුරැ අහුමුලු සොයා ගියහ.ඉන් පවුල නම් ඒකකය බිහිවිය.
මෙම කාලය වනවිට පො‍ලවේ බුමි පප්පටක නම් හතු වර්ගයක් සහ බදාලතා නම් වැල් වර්ගයක් පහල විය. ඉන් පසු රත්හැල් නම් වී වර්ගය ස්වයංජාතව පහළ විය.රත්හැල් වැවෙන තැන් තමුන්ට වෙන් කොට සිටියහ.ගෙන මේවා ආහාරයට ගෙන ඔවුන් ජීවක් වූහ.නමුත් එක් අයෙක් පසුවට ආහාර ගැනීමට රත්හැල්වී ගබඩා කිරීමට පටන් ගත්තේය. අනික් සත්වයෝද එසේ කිරීමට පටන් ගැනීම නිසා අස්වැන්න අඩු වී රත්හැල් වී පහළ වීම නතර විය.මේ වන විට එවුන් අතර ආරවුල් හට ගැනිනි. එම ආරවුල් විසදීමට ඔවුන් අතරින්ම කෙනෙකු තෝරා පත් කර ගත්හ. මහා ජන‍යාගේ සම්මතයෙන් පත්වූ ඔහුට මහා සම්මත යන නම ලැබුණි.
--------------------------
මේ සුත්රය කියවපු වෙලාවේ මට දැනුනේ මහ පුදුමයක්. එක වරම සිතට ආවේ BIg Bang Theory එක සහ පොලෙවේ ජීවය ආරම්භ වූවේ පිටින් ආ ජීවීන්ගෙනි යන බටහිර තාරකා විද්‍යාඥයන්ගේ මතය..
මේකෙන් කියවෙන්නේ වෙනත් ලොකයකින් ආ ජීවීන් පිරිසකගෙන් අප පැවතෙන බවද? ඔවුන්ට යම් විදිහකින් ආපසු යන්නට නොහැකිවී මෙහි අඵත් ජීවිතයක් පටන්ගෙන ඔවුන්ගේ පරිණාමය හරහා මිනිසුන් හෙවත් හෝමෝ සේපියන්ලා බිහි වූ බවද?පසුව කෘෂිකර්මාන්තය පවුල් ඒකක සහ පාලකයන්ගේ බිහිවීම සිදුවූ බවද?
බුදු හාමුදුරැවෝ දේශනා කළා.. විශ්වයේ ආරම්භය හෝ පැවැත්ම ගැන ප්රශ්න අසන්න එපා . ඔබලාටට ඒ ප්රශ්න වලට මම දෙන පිළීතුරැ අවබෝධ කර ගන්න බැහැ කියලා.. ඒක ඇත්ත වෙන්න පුළුවන්.. අවුරැදු 2500 කට කලින් හිටපු මිනිස්සු කෙහොමද BIg Bang Theory, evolution ගැන තේරැම් ගන්නෙ?
බුද්ධ ඥානය ඉතාමත් පුදුමාකාරයි. අනාගතය වර්තමානය අතීතය තුන් අයුරින්ම දකින්න කෙනෙක් කෙතරම් මනස දියුණූ කරන්න උවමනා ඇතිද?

8 comments:

malee_msg said...

බොහොම ස්තුතියි මේ රස පොළවේ කථාව කියලා දුන්නට... මම අදයි සම්පුර්ණ කථාව දැන ගත්තේ..

මකබාස් said...

අපොයි ඔව්!! ඒ කාලෙ රහත් වෙලා නිවන් දැක්කට, බුදු බන තේරුං ගත්තට උංට කොහෙද බිග් බෑං, එවොලුසොං තේරෙන්නෙ ?

Dasun Sameera - දසුන් සමීර said...

බොහොම හොඳයි සූත්‍ර දේශනාවයි පුද්ගලික අදහස් වෙන වෙනම දක්වලා තියෙන එකට මම කැමතියි. තමන්ගේ මත වාදය සූත්‍රදේශනාවට ඇතුලත් කරන්නේ නැතුව.

මේ තියෙන්නේ සම්පූර්ණ සූත්‍රදේශනාව.
http://metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha3/27-agganna-s.html

මෙතනදී බුදුහාමුදුරුවන් කුල බේදය තියෙන වැරදි අදහසක් නිවැරදි කරන්න තමා මේ දේශනාව කරල තියෙන්නේ. ඊනියා ලෝක නිර්මාණ බ්‍රහ්ක්මයා ගේ මුව ස්ත්‍රී යෝනියක සමකරමින් උපහාසයට ලක්කිරමකුත් මේ සූත්‍රයේ තියෙනවා. පිටිදූවේ හාමුදුරු‍වෝ විසින් විද්‍යාත්මක මතය සමග ‍මෙය ගලපා උන්වහන්සේ ගේ පුද්ගලික අර්තකථනයක් කරලා තිබ්බා මතකයි. කෙසේ වුවත් විද්‍යාත්ම ක්‍රම සමග ගැලීමට යාම මම නම් අනුමත කරන්නේ නෑ.

ඩෝසන් said...

ඔලුවක් තියෙන බ්ලෝග් ලියන්නෙක් දැක්කා.

පුදුම සතුටක් ඒක...

චතුරංග රූපසිංහ said...

ඔලුවක් තියෙන බ්ලෝග් ලියන්නෙක් දැක්කා.

පුදුම සතුටක් ඒක..

Anonymous said...

සින්දුව අහල තිබුනට ‍කතාව දැන ගත්තේ අදයි.
ස්තුතියි.

ගවේෂණ said...

adahas dakwapu malee, makabaas, dosen,rahoocent, chaturanga, pahan, kattiyatama sthuthi hode.

@ dasun sameera-
danne nadda ithin idala hitala e wage pissu adahas enawa oluwata..ekai mama eka wenama dammeth. :D
wisesha sthuthiyak denna one obata suthra deshanawe link eka deepu ekata.godak pin..:)

තිළිණ මධුශංඛ said...

ඔබ නිවැරදියි. වර්ණ තුල කියවෙන්නේ ඒ ගැන තමයි. "වචන ටැක්සි" බ්ලොගයේ ඔබේ අදහස කියවලා තමයි මෙතනට ආවේ. :)

http://poerty-dawson.blogspot.com/2009/01/romantic-opera.html