Wednesday, April 29, 2009

සිගමන් යදින්නෝ

මම් සාමාන්යෙන් බස් වල හිගමන් යදින අයට සල්ලි දෙන කෙනෙක් නොවෙයි. මොකද ඇත්ත අය සහ හොරුන්ව වෙන් කර අදුන ගන්න ත‍රමක් අසීරු නිසා. ( හැබැයි ඉතින් අනුකම්පාවෙන්, ඕන මගුලක් වෙච්චදෙන් කියල කීයක් හ‍රි දුන්න අවස්ථාත් නැතුව නොවේ. )කොහොම වුණත් මේ ලගදි වෙච්චි දෙයක් කියල හිතුණැ නම් හොදයි කියල හිතුණ.

දවසක් මම ගමන් ක‍්රමින් හිටි බස් එකට නැග්ග පොඩි පිරිමි ලමයෙක්. ඇදුමෙන් හා පෙනුමෙන් පාරේ ජීවත් වන කෙනෙක් වගේ පෙනුනු මේ දරුවා , තමන් ලග තිබුණු සුදු කොල මිටියක් අරන් එක එක්කෙනාගෙ ඔඩොක්කුවලින් තිය තිය ගියා. මටත් එකක් දුන්නා. ඒ කොලෙ තිබුණෙ හදවත් රෝගයකින් පෙලෙන ගැහැණු ලමයෙක්ගෙ ප‍්රතිකාරවලට අවශ්ය මුදල් සපයල දෙන්න කියල.. ඉතින් ඔහොම කොල බෙද බෙද යද්දි ඉස්ස‍රහ හිටපු නෝන කෙනෙක් මේ ලමය දිහා ඔරවන බලන් හිටියා. කොලෙත් ආපහු ඒ ලමයටම දුන්න.

ඉතින් ටික දුරක් යද්දි බස් එකට නැග්ග ස‍රමකින් හා කමිසෙකින් සැරසිලා හිටි ත‍රමක දුප්පත් වගේ පෙනෙනෙ මනුස්සයෙක්. ඒ කෙනගෙ අතෙ කලු පාට පොලිතින් බැගයකුත් තිබුනා. අර ලමයව දැකපු මේ කෙනා, ලමය ලගට ගිහින් බෙදමින් හිටි කොල කැල්ලක් අරන් බැලුවා. ඔහුගෙ මූණ එක පාරටම වෙනස් වුණා. ඊට පස්සෙ දිගට හ‍්රහට අර ලමයට බනින්න පටන් ගත්තා. අර කොලුවා කොල ටිකත් එහෙමම තියෙද්දි බස් එකෙන් බැහැල ගියා.
වෙලා තියෙන්නෙ මෙකයි. ඔහුගෙ වචන වලින්ම මම ඒක දාන්නම්.
' බලන්න මහත්තය මුන්ගෙ වැඩ. අපේ දුවගේ බෙහෙත් වලට ඕන ක‍රන මුදල් ටික හියා ගන්න මම ටිකට් පොත් ටිකක් ගැහුවා. තාම මේ පැත්තෙ කාටවත් ඒවා දුන්නෙ නැහැ. මේ කොල්ල කොහෙන් හරි ටිකට් එකක් හොයාගෙන ඒක පොටෝකොපි ගහල.. ඒව තමයි ඔය බෙදල තියෙන්නෙ.. බොරු නම් මේ බලන්න ඇත්ත ටිකට්.'
එහෙම කියල ඔහු බැග් එකෙන් ගත්තු රෝස පාට ටිකට් පොත් හැමෝටම පෙන්නුව. බැලින්නම් ඇත්ත තමයි.

කොල්ලගෙ ත‍රමට නෙමෙ වැඩ.
---------------------------------

4 comments:

malee_msg said...

මාත් දන්න කෙනෙක් ඉන්නවා ඔය රස්සාව කරන්න සැදී පැහැදී ඉන්න.. හැබැයි එයාට නම් බස් වල සිංදු කියන්නලු ඕනි.. අපි මාසේ අන්තිමට පඩි අරන් 2000කොළයක් එයාගේ රබානට දාලා ගියාම ඇතිලු.. අර පො‍ඩි ළමයත් ඒ වගේ එක්කෙනෙක්ද දන්නේ නැහැ නේ?
එහෙම නැත්තං ඔයාගේ බස් එකට නැග්ග පො‍ඩි ළමයයි අන්කලුයි දෙන්නම සංවිධානය වෙලා කරන වැඩක් ද දන්නේ නැහැ. මොකද ළමයා බොරු කරා කිව්වම අන්කල් කියන්නේ ඇත්ත කියලා හිතලා මිනිස්සු සල්ලි දෙනවානේ..
----
සිංදුව නම් මං ළග නැහැ සහෝ

said...

ඔය ලෙඩ කියලා සල්ලි එකතු කරන එක ලොකු ව්‍යාපාරයක් කියලා මන් පත්තරේක දැක්ක. මාත් හිතන්නේ දෙන්න එකතු වෙලා ගහපු ගැටයක්

Gayan Tharaka said...

මේක සිත්තම් කරමින් කියන ඇල්බම් එකේ තුන්වෙනි සිංදුවනේ
මෙතනින් ගන්න.
http://wap.batapola.net/down/03 Mal Renuwak.MP3

ගවේෂණ said...

මලී , ම - මටත් එහෙම හිතුණ. ඒත් ඒ වෙලාවෙ ඒ මනුස්සය ටිකට් විකුණුවෙත් නැ..මොකක්ද කියල හිතාගන්න බැ..

ගයාන් - ගොඩක් ස්තුති සහෝද‍රයා.