Friday, March 13, 2009

නටපන් චෑම්ප් නටපං! නටපන් නටපන් රිදෙන්න ගහපන්!!

මම වැඩිය මිනිස්සුන්ගෙ හැගීම් අවුස්සන පොත් කියවන්නෙ නැහැ. හැගීම් අවුස්සන පොත් කිව්වෙ කාමය අවුස්සන පොත් වලට නෙමෙයි. මිනිස්සුන්ට තමුන්ගෙ වර්ගයා එක්ක තියෙන ආවේගයන් පිටකරන පොත්. නමුත් මේ ලගදි කියවන්න හිතුණ පොතක් ටිකක් මගේ හිත ගත්ත. දන්නවනෙ ලෝක ප්රසිද්ධ බොක්සිං ක්රීඩක මොහොමඩ් අලිව. ඔහු ගෙ ජීවිත කථාව පොතක් විදිහට පළ කරළ තියෙනව The - Greatest (ශ්රේෂ්ඨයා) කියල. කුඩා තැනකින් පටන් අරගෙන ලෝක පූජිත මට්ටමට ආපු කථාව ඉතාම සංවේදී ආකාරයකින් ඒ පොතේ පෙළගස්වලා තියෙනවා. ඒ පොතේ එක තැනක තිබුණ වචන පේළියක් මගේ හිතට තදින්ම කා වැදුණා.

වියට්නාම් යුද්දෙට යන්න බැහැ කිව්ව හින්ද අලිගේ බොක්සිං තහනම් කරනවා.හිරෙත් දානවා. අවුරැදු තුනහමාරකට පස්සෙ සියල්ල යථා තත්වෙට පත් වුණාම ඔහු පවත්වනවා ප්දර්ශනාත්මක බොක්සිං තරගයක්. ඒක් පවත්වන්නෙ ඉදිරියේ පැවැත්වෙන්නට තියෙන ලොකු තරගයකට කලින්.

ඉතින් මේ තරගයේදි ඔහුට විරැද්ධව ප්රතිවාදියො තුන් දෙනයි. තුන් දෙනාම සුද්දො.
පළවෙනි වටයෙදි අලිට හොදටම පහර වදිනවා. ඉතාමත් දරැණු විදිහට. මේ වෙලාවේ බ්රැන්ඩිති කියන අලිගෙ හොදම යාළුව ඔහු ළගට ඇවිත් මෙහෙම කෑ ගහනව

සමනළයෙක් සේ පියඹා පළයං. මී මැස්සෙකු සේ රිදෙන්න ඇනපං

නටපන් චෑම්ප් නටපං. අනාථ මඩම් වල ඉන්න කාටත් එපාවුණු පුංචි දරැවන් වෙනුවෙන් ගහපන්.
උඹයි උන්ගෙ නායකයා. නටපන් නටපන් රිදෙන්න ගහපන්
පේමන්ට් වල නිදා ඉන්න රස්සා නැති මිනිස්සු වෙනුවෙන් දිනපං.උන්ව සතුටු කරපන්.
ලෙඩ හැදිලා ඉන්න අසරණයො වෙනුවෙන් ගහපන්.
හිරගෙවල් වල කොටුවෙලා ඉන්න දුප්පතුන් වෙනුවෙන් ගහපං.
‍සමාජයෙන් කොන් කරලා ඉන්න ඩොප් කාරයො වෙනුවෙන් ගහපං.
ස්වාමිපුරැෂයො නැති ගැබ්බර තරුණියො වෙනුවෙන් ගහපං.උන් වෙනුවෙන් ඔය බුරැවන්ව බිම දාපං.
පැන්ෂන් නැති මහල්ලා වෙනුවෙන් දිනපං. නටමින් රිදෙන්න ගහපං
බාර්වල බොමින් තනිවෙලා ඉන්න මිනිස්සු වෙනුවෙන් ගහපන්.
පාර අතුගාන කාණු කපන අසරණයන් වෙනුවෙන්
බස්නැවතුම් පොළවල වැතිරිලා ඉන්න මිනිස්සු වෙනුවෙන් ගහපං
නාකිවෙලා එදාවේල හොයා ගන්න බැරුව ඉන්න පරණ ගණිකාවො වෙනුවෙන් ගහපං.
උනුයි උඹට ලේ දුන්නෙ.

ජනාධිපතිල මන්ත්රීලා උඹව බේරැවෙ නැහැ.උඹේ නහරවලට අලුතෙන් ලේ දුන්නෙ අර මිනිස්සුයි. ගහපං දිනපං!!

අන්තිමේදී අලි දිනුම්.බ්රැන්ඩිතිගෙ ඒ කෑගැහිල්ල නිසා අලුත් පණක් ලැබුණා කියල තරගය අවසානයේදී අලි කියනව.

අපේ සමහර රතුපාට ඈයන්ට බ්රැන්ඩිති හා අලි වගේ අයගෙන් ඉගෙනගන්න තව ගොඩක් දේවල් තියෙනව කියලා මට හිතුණ.

ෆිල්මි එකත් තියෙනවා.ඒක නම් තාම බලන්න ලැබුනෙ නැ. ඒත් කොහොම හ‍්රි බලනවා.
යූ ටියුබ් එකේ මේක තිබුණා.


FLOAT LIKE A BUTTERFLY ! STING LIKE A BEE!

4 comments:

malee_msg said...

අලී තමන්ගේ නම වෙනස් කරගන්නවා නේද? ආගමට ගෞරවයක් වශයෙන්? මම වැඩිය අලී ගැන හදාරලා නැහැ.. නමුත් ඔය නම් කථාව වාර්ථාමය වැඩසටහනකින් හෝ කොහේදී හෝ දැක්කා

Anonymous said...

ඔව් ඔව්.. මොහොමඩ් අලි ඉස්ලාම් ආගම වැළඳගන්නව. ඊට කලින් එයාගෙ නම කැෂියස් ක්ලේ.

ගවේෂණ said...

ඔවි හ කියපු කතාව හ‍රි. අලි කලින් කතෝලිකයෙක්. ඇත්තටම එයා ආගම මාරු කල හේතුව පැහැදිලි නැහැ. සමහ‍රවිට එයාට ජීවිතේ වෙනසක් උවමනා වෙල තිබුණාද දන්නෙත් නැ. කොතනවකවත් ඒ ගැන පැහැදිලි සටහනක් නැහැ.
එයට හේතුව දන්නෙ අලිම පමණයි. :)

malee_msg said...

දෙන්නටම ස්තූතියි හොදේ කියලා දුන්නට...