Sunday, March 15, 2009

ගැබි ගත් ලද

මට කවි ලියන්න නමි බැහැ.බින්දුවයි. ඒත් කියවන්න කැමතියි. ලගදි කියවන්න ලැබුණ සහ ටිකක් අනුරුප වෙච්ච කවි පන්තියක් බෙදා හදාගන්න හිතුණ.



* ගැබි ගත් ලද *

නිවී සැනහුණු දෙනෙත්
සුදුමැලි වූ දෙකමිමුල්

සුකුමාල අග පසග
මගේ හද කකියවයි
බැති සුවද වගුරවයි

අහෝ පියකරු කුසුම
බැති සුවද වගුරවන

කිරි බ‍රින් පිරී ගිය
සුදු පැහැති පිරි දෙතන
සෙමෙන් කලු වී වැඩෙන
පියකරු වූ දෙතන් පුඩු
පිරී සැනහී නිවුණු
දෙපා අත් මුලු සිරුර
වේදනාවක් නගයි
මගේ හදවත තුලෙහි

ඔබේ ඔය දෙපා අත්
ව‍රෙක ඇග මසෙහි රස
ඉල්ලමින් මොර ගැසූ
දෙඇස් තොල් වියරු වී
නලියමින් රස සෙවූ
මෙසේ සැනහී නිවී
සාන්තව ගිය අයුරු
පුදුමයකි පෙම්වතිය.

ගිනි නගා දැවී දැවී
වෙලි වෙලී රස සෙවූ
දෙපා අත් රුදාවෙන්
ඇඹ‍රෙමින් වියරු වූ
බැදි ප්රලය හැර දමා
මහ වලාවක් වැටී
සිහිල වී ගිනි නිවී
නිවෙන පොලවක් ලෙසට
නිසල වී සැනසීද?

හති කැවූ ඇගෙහි මස
මැදයමෙහි වියරු වී
ප‍්රලය වී
කමිපාව
යලි නිවී නිසල වූයෙ
මේ මහා නිධානය

නොසිදෙන වූ මහෝඝය
පොලෝ ගැබ තැන්පත් වූ
පසුව බව නොරහසකි

රාග මල බැහැර කළ
බැති සුවද වගුරවන
පෙමිවතිය ඔබ සිරුර
දැන්
අහෝ භක්තියෙන්
මගේ ගත හකුලවයි

දැඩිව ගතහොත් වැළද
මහා පවකැයි සිතෙන
ඔබ සිරුර පිය කුසුම
මගේ ගත ගොලු ක‍රයි
එහෙත් බැති සුවද දෙන
ඔබගෙ ගැබිබර සිරුර
රාග ගිනි බැහැර කොට
මගේ සිත මෙතෙක් කල්
ඇති නොකළ වේදනාවක් අහෝ දැන් නගයි.

- ගුණදාස අමරසේකර මහතාගේ කාවිය නිර්මාණයකි -

5 comments:

malee_msg said...

අළුත් මාමාත් මාර කවිනේ මේ ‍දවස් වල කියවන්නේ..
ඇත්තටම කවි පංතිය නම් හරිම සිසිලසක් එක්ක හිතට දැනුනා.. ස්තූතියි බෙදා ගත්තට.

Anonymous said...

ෂා නියමයි මේක නම්. අපට ඔය අත්දැකීම නැතත් ඒක දැනෙන්නෙ ඔහොම වෙන්න ඇති.

අමරදේව මාස්ටර්ගෙ තාත්තා වුණත් මා බත සරි කරන... කියන සින්දුව මට මතක් වුණා. මේකට කෙලින්ම අදාල නැතත් ඒකෙදිත් බිරිඳගෙ ආදරණීය බව තමයි කියවෙන්නේ.

නලින් (Boman) said...

හරිම අගේ ඇති කවි පන්තියක්. කලින් කියවලා තිබුණත් නැවත වතාවක් මතකය අලුත් උනා. බොහොම ස්තූතියි.

ගවේෂණ said...

මලීස් - හික් හික්. මේ දවස් වල මේවා කියවනවා නෙමෙයි කියවෙනවා.. :P
යූ ආ වෙල්කම්.. ;)

හ - ඔව් ඇත්තටම. ඒක අපූරු අත්දැකීමක් වෙයි ලබන දවසට..යථා කාලෙ තථා අයුරින්.. ;)
ඔව් හ‍රේ මතක් ක‍රපු සින්දුවත් ටිකක් විතර මේ ලගින් යනව කියල මටත් හිතෙනවා..

නලින් - සතුටුයි රස වින්ද එකට. ස්තුතියි අදහස් පල කිරීමටත්.. :)

Wiz Kun said...

Very Beautiful... Thank you for shairing...

http://wiccaandwitchcraftlk.blogspot.com/2008/05/drawing-down-moon-and-fivefold-kiss.html