කියවන අය බලනවා ඇති දාලා තියෙන මාතෘකාව මොන විකාරයක්ද කියල. අතීතයෙන් මිසක් අනාගතෙන් කොහොමද මතක සටහන් එන්නෙ.. නේද? හික්හික්. කොහොම වුනත් ඒක ඇත්ත. එහෙම අත්දැකීමක් මම ඊයෙ ලැබුව.
මේ සිතුවිලි මගේ ඔලුවට ආවෙ ඊයෙ මට ඇය එවපු එක ජායාරූපයක් දැකල. ඇයගෙ සහොදරියට ඊයෙ ලැබුණු සිගිති දුවව වඩාගෙන ඉන්න පින්තූරයක්. හරිම සුන්ද‍්රය් ඒ පින්තූරෙ. එක පාරට පින්තූරය බලන කෙනෙකුට හිතෙන්නෙ ඒ ඉන්නෙ අම්මය් ද*රුවය් කියල...ඇය හැමදාම වගේ අපූරු සිනාවකින් මුහුණ සරසන් ඉන්නව. අතේ ඉන්න පොඩි ලේලි රෝසම රෝස පාටය්. ඇස් දෙක තද කරන්, අත් දෙක මිට මොලවගෙන හොද සනීපෙට නිදි.මම ඇයට පිලිතුරු පනිවුඩයකුත් යැව්ව, දැන්ම ඉදන් ලමය් නලවන්න පුරුදු වෙන එක හොදා කියල. බිපෙසි..
ඇත්තටම ඒ මොහොතෙ මට මතක් වුනා මම පුන්චි කාලෙ විවාහය, ලමය්න් හැදීම ආදිය ගැන දරපු ආකල්ප. ඒ දවස් වල මට ඒවා පෙනුනෙ මහ කරදර වැඩ හැටියටය්. ලමය් අඩන කොට උන් නලවන්නය්. නැපි මාරු ක‍්රන්නය්, කවන්න පොවන්නය් වැඩ කීයක්ද? මට ඒ දවස් වල ඕනැ වුනේ හවස් වෙන කන් යාලුවො එක්ක සෙල්ලන් කරන්න, හවසට ගෙදර ඇවිත් අම්මා බෙදල දෙන බත් එක කාලා නිදාගන්න මිසක් එව්වා කොරන්න නෙමෙය්. සාමාන්යෙන් ඕනැම ලමයෙක් එහෙමනෙ.(හැබැය් දැන් නම් ඉන්නවා අතරින් පතර කොලු තාත්තලා. උන්ට ඕනැ පස්සෙ කොරන දේ ඉස්සරල කරන්න. හික්හික්..)
නමුත් වයසින් වැඩෙන කොට ඒ අදහස් නිකම්ම වෙනස් වෙලා කියලා මට හිතුණා. අද ඒ දේවල් කරදරයක් හැටියට මට පෙනෙන්නෙ නැහැ. ඒවාත් ජීවිතයෙ ඕනැම පිරිමියෙක්, ඕනැම ගැහැනියක් අත්විදින, සහ අත්විදිය යුතුම සුන්දර අත්දැකීම් සමුදායක් කියල මට හිතෙනව.
ද*රු ප‍්රසූතියට බිරිදව රෝහලට ඇතුල් කලාට පසුව ඇයට ද*රුවා ලැබෙන තුරු සැමියෙකුට ඇතිවන බිය, සන්කාව, වගේම් ක‍්රද‍්රයකින් තොරව ලැබුනු ද*රුවාව සහ හොදින් සිටින බිරිද දැක්කම ඇති වෙන අප‍්රමාණ සතුට, හවසට වැඩ ඇරිල ගෙද‍්ර එන කොට පොඩි ද*රුවාවත් වඩා ගෙන සිනාමුසු මුහුනින් ඉස්ස‍්රහට එන බිරිද, වැඩෙන ද*රුවට ලෝකය කියා දෙන අයුරු, ඔවුන් ලොකු මහත් වෙලා යහපත් මිනිසෙකු/ගැහැනියක් විදිහට සමාජෙට එක් වෙන අයුරු, ද*රුවන්ගෙත් ද*රුවන් දකින දවසට ඇති වෙන සතුට.. මෙකී නොකී සියලු දෙවල් මිනිස් ජීවිතයක සතුට ලබා දෙන නිර්මල අවස්ථා විදිහට මට හිතෙනවා.
ද*රුවො ලොකු මහත් වෙලා වෙනම ජීවිත පටන් ගන්න කොට දෙමව්පියන්ට කනගාටුවක් දුකක් දැනෙනව වුණත්, එය්න් පසුව ඒ දෙමව්පියන්ට නැවත් ත*රුණ වෙන්න ලැබෙන අවස්ථාවක් කියලත් මට හිතෙනවා. මොකද, ඔවුන් එතනින් නිදහස් වෙනවා. පැවරෙන වගකීම් ආදිය අඩු වෙනවා. ඔවුන්ට පුලුවන් වෙනවා ද*රුවන් ලැබෙන්න කලින් හිටි විදිහට නිදහසේ ජීවත් වෙන්න. ජීවිත කාලයෙන් වැඩි කාලයක් හරි හම්බ ක‍්රන්න සහ වෙන නොයෙක් ක_රුණු වලට වෙහෙසුනු ඔවුන්ට විරාමයක් ලැබෙනවා. කැමති තැනක ඇවිදින්න යන්න. අලුත් පෙම්වතුන් යුවලක් වගේ ගිහින් චිත‍්රපටියක් නරඹන්න. කැමති ඕනැම දෙයක් කරන්න නිදහස ලැබෙනවා. අන්න එතකොට අතීතයෙ ඒ කාලයේ තමුන් කල කී දේවල් සිහි ක‍්රල සුවදාය් හැගීමක් ලබන්න පුලුවන් නම්, ඒ දෙපල උපරිම යහපත් විදිහට ජීවිතය ගත කරපු දෙපලක් කියල කියන්න පුලුවන් කියල මට හිතෙනව.
මට වෙලාවකට හිතෙනව මමත් අර එක කතාවක ඉන්න ත*රුණයා වගෙ කියල. ( මම මේ කියන්නෙ විකුණන්න දීපු පිටි බාජනේ ඔලුවෙ තියන් අහස් මාලිගා මවපු කෙනා ඉන්න කතාව ගැන.. හික් හික්. ) මේ ටික වෙලාවට කොච්චර කොහෙ ගියාද හැබැටම?
ඒ අහු අස්සෙ මගෙ ආසම ගායකයෙක්ගෙ ආසම කරන සින්දුවකුත් දාන්න හිතුන..
ගොඩක් පරන සින්දුවක්. සින්දුවෙ නම memories are made of these.
ගායකය jim reeves.
මේ සින්දුවෙනුත් කියන්නෙ කෙනෙක්ගෙ ජීවිතයෙ එකතු කරගන්න මිහිරි හා අමිහිරි මතක වලින් පසු ජීවිතයට රසය එක් කරන ආකාරය.පෙම්වතුන් යුවලක් විවාහ වී ද*රු මල්ලේ හදන කාලය වෙන කොට ජීවිතය දිහා කරන හැරී බැලීමක් තමය් මේ සින්දුවෙ මූලික අදහස වෙන්නෙ.
සින්දුවෙ ලිරික් බලන්න කැමති නම් මෙතන ඔබන්න.
මේ සින්දුවෙ සින්හල සන්ස්ක‍්රනයකුත් තිබුණා. ඔයාලට මතකත් ඇති සමහර විට. 'මිහිරි මතක හද රැදේ..' කියල සින්දුවක්. සිසිල් බීම දැන්වීමක තමය් තිබුනෙ. කාලෙකෙට පස්සෙ ගෙද‍්ර එන ත_රුණයෙක්ට තමුන්ගෙ පුන්චි කාලෙ මිතුරිය යලි හමු වීම සහ ඔවුන් ප‍්රේමවන්තයන් වීමෙ කතාවක් තමය් ඒ දැන්වීමෙ තිබුණ (හැබැය් ඉතින් දැන්වීමක්නෙ. කොහේ හ‍්රි මුල්ලකින් බීම බෝතලයක් පේන්න තිබුනා..හික්ස් :P )
ඒ ගීතයටත්, ඒ වචන වලටත්, ඒ දැන්වීමෙ තිබුණු අපූරු රූප පෙල ගැස්මටත් තදින්ම ඇලුම් කලා මට මතකය්. දැන් ඒ දැන්වීම ප‍්රචාරය වෙන්නෙ නැහැ මම හිතන්නෙ. කාලෙකින් දුටුවෙ නැහැ.
තවත් ලියන්න නම් පුලුවන්. එත් දැන් නම් ඇගිලි රිදෙනවා..හික් හික්.
මොනවා වුණත් ජීවිතය කියන්නෙ ඉතාම සුන්දර දෙයක් කියල මේ ලියන වෙලාවෙ මට හිතෙනවා.
හෙට යන්න ඕනෙ චූටි ලේලිව බලල එන්න. :D
Subscribe to:
Post Comments (Atom)
6 comments:
උණුසුම් සුභ පැතුම්... අළුත් මාමා... :D
නැපි මාරු කරන ට්‍රේනින් එකක් ගන්න හොඳ චාන්ස් එක. :P
සිංදුවත් මරු... අද අහපු හොඳම එක. මෙතනින් බාන්න: http://keepvid.com/?url=http%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DCb_X_-1w1Yg%26eurl%3Dhttp%3A%2F%2Flongroardhome.blogspot.com%2F2009%2F03%2Fblog-post.html%26feature%3Dplayer_embedded
ස්තුති ස්තුති ශකු මචන්.:)
හක් හක්. ඔව් ඔව්. ආය්ත් අහල.:P:P
ස්තුතිය් මචන් ලින්ක් එකටත්. මේකෙ ඔරිජිනල් mp3 එකත් හොයා ගත්ත. අහනව නම් දෙන්නම්. :D
ආයෙත් අහල! එවන්ටකෝ shaakunthala[at]gmail.com එකට...
ඇත්තම කියනවා නම් මම ආස අවුරුදු 1 1/2 න් පහළ පොඩි අයට විතරයි... එයාලා ඇගේ කැත කරනවා නම් තමයි ඒත් පැම්පස් එකක් ඇන්දුවම හරිනේ.. ඊට ලොකු අය එක්ක ඉන්න එක ගැන නම් මට හිතා ගන්නවත් බෑ,. චරබර ගාලා කියවන්න ගත්තම පිස්සු හැදෙනවානේ.. කොහොම වෙතත් අළුත් නැන්දටයි මාමාටයි දෙන්නටම සුභ පැතුම්...ඉක්මනින්ම මේ නැන්දා මාමා කෑලි වෙනස් වේවා!
අම්මට හුටු මෙන්න මාමා හිතන දුර! හොන්දයි ඉතිං තව කිරි පෙවිමේ සත් කාර්යට දැන්ම පුරුදු වෙන්නත් එක්ක!
@ හ
ඒක නම් එහෙම තමා. අපි ඔක්කොටම වුනෙත් ඒ සන්තැසියම නෙ මචෝ. :S
පස්සෙ කාලෙක තමුන්ම හිතලා හරි ඒකෙන් මිදෙන්න පුලුවන් නම් ඉතින් ෂෝක්.. :)
@ මලී
එසේය එසේය..:P පොඩි එවුන් ඉතින් කොහොමත් එහෙමනෙ. මම නම් කියවන උන්ටය්. චූටි එවුන්ටය් දෙගොල්ලන්ටම ආසය්.
ස්තුති ඉතින් සුබපැතුම් දෙකටම.. :)
@ බන්කු බන්කු
හික් හික්.. බි.පෙ.සි.
Post a Comment