Saturday, March 21, 2009

වීරයෙකුගෙ අවසානය..

ඔබ මේ දවස් වල හැම හන්දියක් හන්දියක් ගනෙම ගහල තියෙන රණවිරුවන්ව දිරිමත් කරන බැනර් කටවුට් ආදිය දැකල ඇති.ගොඩක් ඒ වගේ බැනර් වල සහ කටවුට් වල ඔබ දැකල තියෙනවාද මුහුණ පුරා රැවුල වැවූ රොකෙට් විදිනයක් අතැතිව ඉන්න අපේ කොල්ලෙක්ගෙ රූපයත්?

ඔව් ඔබ දැකල ඇති අනිවාර්යෙන්ම ඔහුව. ඔහු ලක්මවට ආඩම්බ‍ර විය හැකි කොල්ලෙක්.විශේෂ කාර්ය බලකායෙ ගිනිපුපුර ඔහු. පහුගිය ක‍්රියාන්විතවල ඉදිරි පෙල සටන් කරුවෙක් විදිහට නිර්භීතව ඔහු කටයුතු කලා.

නමුත් අවාසනාවකට ඔහුව කොටින්ට පණපිටින් අහුවුණා. ඔහුට දස වධ දී, ඇස් උගුල්ලා දමා, අවසානයේදි බැරලයකට දමා සිරුරට ගිනි තබා ම‍රා දමා තිබෙනවා.

පසුගිය සතියෙ ඔහුගෙ සිරුර, සීල් තැබූ පෙට්ටියකින්, මතුගම - බෙල්ලන පිහිටි ඔහුගෙ නිවසට රැගෙන ආවා.
ඔහු දෙදරු පියෙක්.

අවසන් කටයුතු කලේ දැනට දින කීපයකට කලින්.

මෙම සිදුවීම කිසිම මාධ්යකින් දැකපු බවක් මට මතක නැහැ. දැකපු කෙනෙක් ඉන්නවනම් මාගේ කීම නිවැරදි ක‍රන ලෙස ඉල්ලා සිටිනවා.


තවත් මේ වගේ ඛේදාන්ත කොතෙක් නම් අපි නොදැන සිදු වෙනවා ඇතිද?

---
සොහොයුර, නුඹව මිහිදන් කල තැන, නුඹේ දරුවන්ටයි බිරිදටයි ඇර අනික් අයට තව ටික දවසකින් අමතක වෙලා යාවි. මොකද, ලන්කාවෙ ඇයන්ට යම් දෙයක් මතක තියෙන්නෙ වැඩිම වුණොත් සතියක් නිසා.

ඒ කාලය තුල රතු ඇද ගෙන ජාත්යාලය වෙනුවෙන් බෙරිහන් දෙන ඊනියා විප්ලවකාරයොයි, සුදු පාට ඇදගෙන විලිස්සන නිල්, කොල, මහත්වරුන්ටයි උඹව බයිට් එකක් වේවි. උඹ ගැන ගුණ ගයයි. උඹේ දරු පවුලට හාල් ටිකක්, සීනි ටිකක් දෙන ගමන් ෆොටෝ එකක් අරන් ඒ ගොල්ලන්ගෙ සුදු මූණවල් පත්ත‍රේ මුල් පිටුවල දා ගනියි.

අහස උසට හදපු සොහොන් කොතක් උඹ වෙනුවෙන් එතන හැදෙනව මම දැක්කෙ නැ.

උඹේ සොහොනෙ ගොඩ ගහපු පස් වැස්සට හේදිලා යාවි. ඒ මත තණකොල වැවේවි.

ඒත්..ආයෙමත් දවසක උඹේ දියවෙන ඇගෙන් සාරය උරාගත්තු ඒ තණකොල මතින් ලස්සන මල් පිපේවි.
උඹේ පොඩි එවුන් දෙන්නා ඒ මල් වල සුවද විදියි.

අන්න ඒ දවසට.. ආයිත් උඹව මිනිසුන්ට මතක් වේවි.

මට උඹ මැරුණු එක සහ මැරුණු විදිහ ගැන දුකයි.
මට නම් කවදාවත් ඒ වගේ දෙයකට පපුව කෙලින් තියාගෙන මුහුණ දෙන්න බැරි වෙයි.

ඒත්,
උඹේ නිර්භීත කම ගැන මට ආඩම්බ‍රයි. :)

13 comments:

නිලන්‍ත said...

මාණික්‍ය සේ පොළෝගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අභීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හැලූ ලේ කඳයි...

නාමල් උඩලමත්ත said...

රණ බිම මැරුණේ
සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සලකුණු ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ

මව් බිමේ පණ
සුරකින්නට
සිය පණ රටට
සදාදර සොහොයුර
නුඹට නිවන් සුව

Anonymous said...

ayye dannako eyage pic 1k, kawda kiyala andunaganna be hariyata

මව් බිමේ පණ
සුරකින්නට
සිය පණ රටට
සදාදර සොහොයුර
නුඹට නිවන් සුව

upendraHP said...

මේවා අහන කොට අපේ හදවත් දියකරලා උන්ට උන්ගේ දරුවන්‍ට සිසලක් දෙන්න හැකි නම්....

Anonymous said...

සොයුර ඔබට ජාතියේ ආචාරය

malee_msg said...

OH!SHit!WAR!!!!
ඇත්තටම මේ ලිපිය මාව කම්පනය කලා.. ගොඩක්..! මං ඊයේ වැඩට යනකොට බස්එකෙන් බහින්න හිටගෙන ඉන්නකොට මං දැක්කා කලින් යන ලොරියේ පිටිපස්සේ මේ රණවිරුවගේ ස්ටිකර් දෙකක් අලවලා තියනවා. ඒ හිනාව තියෙන ස්ටිකර් දැක්කම මට හිතුනේ රණවිරුවන්ගේ හිනාවත් අපි විකුණ‍ගෙන කනවනේ කියලයි..ඇත්තටම ම‍ට ‍ඒ වෙලාවේ හිතුනා දැන් මෙයා කොහොම ඇත්ද කියලා..ඇත්තටම මේ ලිපිය මට ලොකු කම්පනයක්. මොකද මේ වෙනකං මං දැනන් හිටියේ නෑ ඔහුට ඒ වගේ ඉරණමක් අත්වෙලා කියලා.. ඔහුට නිවන් සුව පතනවා ඇරෙන්න මට කරන්න දෙයක් ඉතිරි නැහැ. :((

Anonymous said...

සොයුර ඔබට ජාතියේ ආචාරය

Narada said...

අහෝ, ඇත්තටම දුකයි එහෙම ඉරණමක් අසන්නට වුණ එක ගැන, ඇත්තටම ඇයි මේ? ඇයි ඒ තරම් වටිනා කෙනෙක්ගේ ඒ සිදුවීම ඔහුට ලබා දිය යුතු තැන දෙන්නේ නැතිව තියෙන්නේ? ඔහු විතරක් නෙමේ තවත් මේ වගේ වීරයන්ට තැන නො ලැබුණ බව මම අහලා තියෙනවා. මාව ඇත්තටම ගොඩාක් කණගාටුවට පත් කලා මේ ගැන.

සහෝදරය, ඔබට අපේ ප්‍රණාමය. අපේ වැරද්දෙන් මේ යුද්ධය ගොඩ නො නැගෙන්නට ඔබ අද අපි සමඟ සිටිනූ ඇති.

Anonymous said...

ඔයා කියපු හැමදේම බොක්කටම වැදුනා...
අවාසනාවකට මට 'ෆොටෝ' එකක් නම් බලන්න ලැබුනේ නෑ..
ඒ සහෝදරයට මගේ උත්තමාචාරය !!!

Anonymous said...

ddd

Anonymous said...

කරුනාකර එම සෙබලාගේ නම සදහන් කරන්න.වද දුන් අයුරු ඔබ දෑක්කාද? ඔහුගේ චායාරු පයක් ඈතුලු නොකලේ මන්ද,

Bo said...

බිඳෙන් බිඳ කරුවල නැසෙන්නේ
අළුත් ඉර කවදද නැගෙන්නේ
රුපුන් ඔද විරුවන් බිඳින්නේ
හෙටක් ඒ දෙනෙතින් දකින්නේ

මෙවැනි පුවත් දකිද්දී කියවද්දී, හිත සසල කරනවා. මව් බිම වෙනුවෙන් තම දිවි පිදූ වීරයන්ට නිවන් සුව පතමි

Kawshala Technologies said...

ඡායාරූපයක් අනිවාර්යයෙන්ම පළ කරන්න කරුණාකරලා.....