ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආව නිසයි උඩ මාතෘකාව දැම්මෙ.. ගෙවුණු සති කීපය නිවසින් බැහැරව කටයුතු ක‍්රන්න සිදුවීම තමයි ප‍්රදාන හේතුව..පොඩි නිවාඩුවක් වගේ කිව්වොත් නිවැරදි මම හිතන්නෙ..මේ කාලය තුල මම ගතකලේ නකල්ස් කිට්ටුව පුන්චි ගමක. වැඩි හරියක් ජීවිකාව ගෙනියන්නෙ හේන් ගොවිතැනින්..නගරයේ වෙනත් රැකියා කරන අයත් කීපදෙනෙක්ම ඉන්නවා.. විදුලිය තියෙන්නෙ නිවාස කීපයකට විත‍්රයි..එදිනෙදා ජීවිතය ඇරෙන්නට ඒ අය තුල මහ ලොකු බලාපොරොත්තු නැහැ. උදේ ඉදන් හවස් වෙන කන් වැඩ කරලා ඇවිත් හවසට නා කියා ගෙන රැ කැම අරන් වේලාසනිනි නින්දට යනව.. රැ 11-12 වෙනකන් ඇහැරිලා මොකක් හෝ කර කර ඉන්න පුරුදු වෙල හිටපු මට ඒ රටාවට හැඩ ගැහෙන්න දවස් දෙක තුනක් ගියා. හ‍්රිම සැහැල්ලු ජීවන රටාවක්.. .. රාත‍්රියක් හේනක ගහක් උඩ හදපු පැලක ගත ක‍්රන්නත් අවස්ථාව ලැබුණ. තරමක කදු සහිත පිහිටීමක් තිබුණත් වල් අලින් ආදි සතුන්ගෙන් නම් අඩුවක් නැහැ. ඊට අමත්රව නකල්ස් රක්ෂිතය සහ ඒ කිට්ටුව තියෙන ලකේගල කන්ද නගින්නත් ලැබුණ..
නමුත් ඔවුන් හිතන්නෙ ඔවුන් ගත ක‍්රන ජීවිතය වැඩක් නැති එකක් බවයි. මේක වැඩිපුරම දකින්න තියෙන්නෙ තරුණ කාණ්ඩය අත‍්ර තමයි. නමුත් මට මේ අයගෙ ජීවන රටාව ගැන ඉරිසියා හිතුණ වෙලාවල් අනන්තයි.. ජීවිතයෙ මම ගත කරපු අපූරුම සති කීපයක් වගේම් ගොඩක් අත්දැකීමුත් ජීව්තේට එකතු වුණා කියල හිතෙනව..
නැවතත් හුරු පුරුදු ජීවන රටාවට ආවට පස්සෙ නිකන් මොකද්ද මොකද්ද වගේ... වේලාසනින් නිදා ගන්න පුරුද්ද දැන් අතැර් ගන්න බැරුවයි ඉන්නෙ.. ඔය අතරෙ ආරන්චියක් ලැබුණෙ අලුත් වේදිකා නාට්යක් ගැන.' 'සුරගනක් ඇවිත්'.. කාලෙකින් වේදිකා නාට්යක නොබලපු හින්දත් , සන්ගීතය නදීක ගුරුගේ නිසත් පහුගිය 09 වෙනිදා මම ලුම්බිණි රගහලේ.. රූපවාහිනියෙ තරු තරගයි වැල් නාටියයි බලල එපා වෙලා හිටපු මට නම් මුලු නාට්ට්යම නැවුම අත්දැකීමක් වුණා. හොදටම හිනාවුණා.. මේ නාට්ය ගෙතෙන්නෙ ඇන්ඩි සහ නෝමන් කියන තරුණ මාද්යවේදියො දෙන්නෙකුයි. ඒ ගොල්ලන්ට අල්ලපු ගෙද‍්ර ජීවත් වෙන සොපී කියන තරුණියයි අතරේ.. නෝමන් සොපීට සිතින් පෙම් බැදීම සහ ඇන්ඩ්ය් නෝමනුයි පටන් ගන්න යන අලුත් සගරාවට සොපීව සම්බන්ධ කර ගැනීම සහ සොපී, ඇන්ඩි කෙරෙහි උනන්දුවක් දැක්වීම යන කාරනා තුල නාට්ය ගලා යනව..හාස්ය නම් උප‍්රිම විදිහට මේකෙන් මතු කරනව..ඒ අත‍්රින් නදීක ගෙ සන්ගීතය ගලගෙන යනව හරි අපූරුවට..
නදීක ගායනා කරන වෙරෝනිකා සින්දුවත් මේ වගේ නාටියකට ක‍්රපු එකක් වෙන්න ඕනෙ කියල මට හිතුණ..
තවත් අනන් මනන් තිබුණත් ලියන්න කම්මැලි නිසා නවතිනව..
Saturday, July 11, 2009
Saturday, May 16, 2009
V - for vendetta - අපි -

මම මේ චිත‍්රපටිය බැලුව.මට තේරෙන්නෙ නැහැ කොහෙන් පටන් ගන්නද කියල.. ඒ තරමටම මේ චිත‍්රපටිය මාව ඉතාම සන්වේදී බවට පත් කලා කියල හිතෙනව..
චිත‍්රපටිය පදනම් වෙන්නෙ ඇලන් මූර් සහ ඩේවිඩ් ලොයිඩ් මහත්වරුන්ගෙ චිත‍්රකතාවකින්.
අධ්යක්ෂණය - ජේමස් මැක්ටිග්
තිර රචනය - වැකොව්ස්කි සහෝදරයෝ (මැට‍්රික්ස් තිර රචන තුන රචනා වුනෙත් ඔවුන් අතින්)
ප‍්රධාන චරිත දෙක - V ලෙස හියුගෝ වීවින්ග් (මැට‍්රිික්ස් හි ඒජන්ට් ස්මිත්) සහ eve ලෙස නැටලි පෝට්මන්.
වසර 2038දී අනාගත එන්ගලන්තයේ පාලකයා වෙන ඒකාධිපති පාලකයෙක්ට එරෙහිව නැගී සිටින එක් මිනිසෙක් මුලු ජනතාවකගේම ඇස් පාදන ආකාරය මේ කතාවේ තේමාව වෙනව.
ඉතාමත්ම සූක්ෂ්මව රටේ පාලකයා බවට මොහු පත් වෙන්නෙ රට පුරා පැතිරිල යන වසන්ගත රෝග හා ගැටුම්කාරී අවදියකින් පස්සෙ. ඔහු ජනතාවටත් නොදැනෙන පරිදි ඔවුන්ගෙ මොල හෝදනව. මාද්ය වලින්, ලස්සන නීති රීති වලින්. ඔහුට අනුව සමාජය ශුද්ධ කිරීමට හොරුන්, කපටින්, මිනීමරුවන් , ගණිකාවන් , සමලින්ගිකයන් ආදීන් සොය සොයා වද කදවුරු වලට ගෙනත් සමූහ ඝාතනය කරනව. මොහු වටා ඉන්න හමුදා නිලදාරින් , පූජකයන් , වෙය්ද්ය වරුුන් ආදීනුත් මේ අපරාද වලට හවුල් වෙනව.
අන් ආගම් වලට තැනක් නැහැ. කුරාණය ගෙදර තිබී හසු වොත් එය මරනයෙන් දඩුවම් ලබන වරදක් බවට නීතිගත කරල තියෙනව. නමුත් සාමාන්ය ජනතාවට ඔවුන් මාද්ය හරහා පෙන්වන්නෙ වෙනම ලස්සන චිත‍්රයක්..
මෙම සිද්ධි වලින් අවුරුදු ගනනාවකට පස්සෙ, නිරපරාදේ මෙවැනි කදවුරක දුක් විදපු කෙනෙක් මේ පාලන ක‍්රමයට එරෙහි සටන පටන් ගන්නව. වෙස් මුහුනක් පැලද ඉන්න ඔහු තමාව හදුන්වගන්නෙ වී යන නමින්. ඔහු මේ සටන ක‍්රන්නෙ තනිවම, ඒකාධිපතියාගෙ සහ ඔහුගෙ සහචරයන් ඝාතනය කිරීමෙන් ඔවුන්ගෙ අන් මත නොඉවසන, අත්තනෝමතික පාලන ක‍්රමය සහ සැබැව ජනතාවට අවබෝධ කර දෙනව..නොවෙම්බර් මාසයේ පස් වන දායින් පටන් ගන්න මේ සටන ඔහු අවසන් ක‍්රන්නෙත් හරියටම වසරකින්..
අතරමගදි eve නම්තරුණියක් මොහුට හමු වීම සහ ඔහුගෙ තනි සටනට ඇය හවුල් වීමත් .මේ අත‍්ර මොහුව සහ ඒ තරණියව අත්අඩන්ගුවට ගන්නට වෙර දරන Finch නම් ඉන්පෙක්ටර් වරයෙකුත් අතරින් කතාව ඉතාම උත්කර්ශවත් අයුරින් ගලාගෙන යනව. මම මෙතනින් එහාට කියන්නෙ නැහැ නොබලපු අයගෙ කුතුහලය තියන්න ඕනෙ නිසා... ;)
----------.
මේ කථාව පැති ගනනකින් මාව සසල කලා.. ඇත්තටම 'වී' ජීවත් වෙන සමාජය හා අපි ජීවත් වෙන ලෝකය අත‍්ර වැඩි වෙනසක් නැහැ කියල මට හිතුන. .විශේෂයෙන්ම මාද්ය වලින් ක‍්රන දේවල් ඉතාම අවන්ක අයුුරින් මෙහි පෙන්වනව.
V තමන්ගෙ සටන පටන් ගන්නෙ එන්ගලන්තයෙ බේලි ශාලාව පුපුරවා හැරල. නමුත් ඉහලින් එන අණ පරිදි මාද්ය වලින් කියන්නෙ ඒ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට නියමිතව තිබුණු එකත් බවත්. තමුන්ගෙ ආන්ඩුවෙන් එය සිදු කල බවත්...:D
ඒ වගේම මේ චාන්සලර්ව‍්රයාව විහිලුවකට ලක් කරන රූපවාහිනියෙ වැඩ සටහනක් ඉදිරිපත් කරන
නිවේදකයාටත් අයිති වෙන්නෙ මරනය.
චිත‍්රපටිය පුරාම වෙස් මුහුණ පිටුපස ඉන්නෙ කවුද කියල පෙන්වන්නෙ නැහැ. ඊව් එක මොහොතක වෙස්මුහුණ අයින් ක‍්රන්න හැදුවත් ඔහු එයට ඉඩ දෙන්නෙ නැහැ.
අවසානයේ ඉන්පෙක්ටර් වරයා අවබෝධ කර ගන්නව V ගෙනියන සටන තුල තමුන් එක කොටසක් බවට පත් වෙලා කියල. හැම දේම එකට සම්බන්ධයි. අප ජීවත් වෙන සමජය වගේම..
චිත‍්රපටිය තුල එක තැනක ඊව්ට හමුවන ලිපියකින්(සිරකාරියක් ලියා තැබූ ) ස්ත‍්රී සමලින්ගිකත්වය දෙස මානුෂික මුහුණුවරකින් බලනව..
ඒ වගේම චිත‍්රපටිය පුරාම සන්කේත භාවතය ඉතාම පුලුල් අයුරින් ක‍්රනව.මෙහි එන වෙස් මුහුන, ගොඩනැගිලි, එක තැනක V රතු පැහැති Domino කැට වලින් ක‍්රන ක‍්රීඩාව වගේම
මෙහි එක තැනක ගැහැණු ලමයින් තමන්ගේ කාමරයට ගෙන්වා ගන්නා පූජකයා,
ඒ වගේම බයිබලයේ පිටු කපා ඒ අතර සගවා තිබෙන පිස්තෝලය පවා අපි ජීවත් වෙන පරිසරයේ සමහර දෙවල් නිරූපනය කරන බව මගේ අදහසයි..
කොටින්ම V කියන නම පවා සන්කේතයක්.
V = WE (අපි)
එක තැනකදී V සැලසුම් කරනව එන්ගලන්ත පාර්ලිමේන්තුව පුපුරවා හරින්න.
'And you're going to make that happen by blowing up a building?'
eve ඔහුගෙන් අහනව.
ඒකට V දෙන්නෙ අපූරු පිලිතුරක්.
The building is a symbol, as is the act of destroying it. Symbols are given power by people. Alone, a symbol is meaningless, but with enough people, blowing up a building can change the world.
ඒ වගේම ඉතාම අපූරු දෙබස් හා වාක්ය ඛණ්ඩ චිත්රපටිය පුරාම දකින්නට ලැබෙනව
Delia Surridge: You've come to kill me.
V: Yes.
Delia: Are you going to kill me now?
V: I killed you 10 minutes ago, [holds up a small hypodermic needle] while you slept.
Delia: Is there any pain?
V: No.
Delia: Thank you. Is it meaningless to apologize?
V: Never.
Delia: I'm so sorry.
තව තැනක්
Evey: V, yesterday I couldn't find my ID. You didn't take it, did you?
V: Would you prefer a lie or the truth?
Evey: Did you have anything to do with this?
V: Yes, I killed him. Are you upset?
Evey: Am I upset? You just said you killed Lewis Prothero!
V: I may have killed those fingerman that attacked you the other night too, but I heard no objection to that. Violence can be used for good.
Evey: And are you going to kill more people?
V: Yes.
තව තැනක්
Finch: Who was he?
Eve: He was Edmond Dantes, and he was my father..and my mother..my brother..my friend..he was you, and me..he was all of us.
------------------
තව කිව්වොත් මුලු චිත‍්රපටියෙම කථාව මෙතන දාන්න වෙයි..:P
ජීවිතයෙ මම බලපු ඉතාම විශිෂ්ට ගනයෙ චිත‍්රපටි කීපය අතරින් එකක්.
වැකොව්ස්කි සහෝදරයන්ගේ අපූර්ව තිර රචනය සහ Dario Marianelli සන්ගීතයත් අපූරුයි.
ඇක්ෂන් ඕනෙ අයට ඇක්ෂනුත්, ආදරේ ඕනෙ අයට ආදරෙත් චිත‍්රපටියෙ අඩු නැහැ .;)
බලපු අය ගොඩක් ඇති මම හිතන්නෙ.. නමුත් නොබලපු අය ඉන්නව නම් මුදල් ගෙවා ලබා ගෙන බැලුවත් පාඩුවක් නැ කියල recommend කරන්නම්. විශිෂ්ටයි. අති විශිෂ්ටයි.
නොබලපු අයට මෙන්න විස්තර
මෙන්න චිත‍්රප්ටියෙ නිල වෙබ් අඩවිය
මෙන්න පූර්ව ප‍්රචාරක පටිය
සටහන අවසන් කරන්නම් නිතර V ගෙ මුවින් පිටවන වචන කීපයකින්ම
Remember, remember ,The fifth of November....The gunpowder treason and plot. I know of no reason ,Why the gunpowder treason , Should ever be forgot....
Wednesday, May 6, 2009
Wednesday, April 29, 2009
සිගමන් යදින්නෝ
මම් සාමාන්යෙන් බස් වල හිගමන් යදින අයට සල්ලි දෙන කෙනෙක් නොවෙයි. මොකද ඇත්ත අය සහ හොරුන්ව වෙන් කර අදුන ගන්න තරමක් අසීරු නිසා. ( හැබැයි ඉතින් අනුකම්පාවෙන්, ඕන මගුලක් වෙච්චදෙන් කියල කීයක් හරි දුන්න අවස්ථාත් නැතුව නොවේ. )කොහොම වුණත් මේ ලගදි වෙච්චි දෙයක් කියල හිතුණැ නම් හොදයි කියල හිතුණ.
දවසක් මම ගමන් ක‍්රමින් හිටි බස් එකට නැග්ග පොඩි පිරිමි ලමයෙක්. ඇදුමෙන් හා පෙනුමෙන් පාරේ ජීවත් වන කෙනෙක් වගේ පෙනුනු මේ දරුවා , තමන් ලග තිබුණු සුදු කොල මිටියක් අරන් එක එක්කෙනාගෙ ඔඩොක්කුවලින් තිය තිය ගියා. මටත් එකක් දුන්නා. ඒ කොලෙ තිබුණෙ හදවත් රෝගයකින් පෙලෙන ගැහැණු ලමයෙක්ගෙ ප‍්රතිකාරවලට අවශ්ය මුදල් සපයල දෙන්න කියල.. ඉතින් ඔහොම කොල බෙද බෙද යද්දි ඉස්සරහ හිටපු නෝන කෙනෙක් මේ ලමය දිහා ඔරවන බලන් හිටියා. කොලෙත් ආපහු ඒ ලමයටම දුන්න.
ඉතින් ටික දුරක් යද්දි බස් එකට නැග්ග සරමකින් හා කමිසෙකින් සැරසිලා හිටි තරමක දුප්පත් වගේ පෙනෙනෙ මනුස්සයෙක්. ඒ කෙනගෙ අතෙ කලු පාට පොලිතින් බැගයකුත් තිබුනා. අර ලමයව දැකපු මේ කෙනා, ලමය ලගට ගිහින් බෙදමින් හිටි කොල කැල්ලක් අරන් බැලුවා. ඔහුගෙ මූණ එක පාරටම වෙනස් වුණා. ඊට පස්සෙ දිගට හ‍්රහට අර ලමයට බනින්න පටන් ගත්තා. අර කොලුවා කොල ටිකත් එහෙමම තියෙද්දි බස් එකෙන් බැහැල ගියා.
වෙලා තියෙන්නෙ මෙකයි. ඔහුගෙ වචන වලින්ම මම ඒක දාන්නම්.
' බලන්න මහත්තය මුන්ගෙ වැඩ. අපේ දුවගේ බෙහෙත් වලට ඕන කරන මුදල් ටික හියා ගන්න මම ටිකට් පොත් ටිකක් ගැහුවා. තාම මේ පැත්තෙ කාටවත් ඒවා දුන්නෙ නැහැ. මේ කොල්ල කොහෙන් හරි ටිකට් එකක් හොයාගෙන ඒක පොටෝකොපි ගහල.. ඒව තමයි ඔය බෙදල තියෙන්නෙ.. බොරු නම් මේ බලන්න ඇත්ත ටිකට්.'
එහෙම කියල ඔහු බැග් එකෙන් ගත්තු රෝස පාට ටිකට් පොත් හැමෝටම පෙන්නුව. බැලින්නම් ඇත්ත තමයි.
කොල්ලගෙ තරමට නෙමෙ වැඩ.
---------------------------------

Monday, April 20, 2009
එය.. සිදු වෙයි.
එය...
මීට පෙර කීප අවස්ථාවකදීම සිදුවී ඇත.
වසර 2170 කට පෙර මුලින්ම එය සිදු විය.
වසර 1920 කට පෙරද සිදු විය.
වසර 950 කට පෙර අවසාන වතාවට එය සිදු විය.
වසර 60 කට පෙර එය සිදුවුණ බවක්ද ඇතැම්හු කියති. එහෙත් මට එතරම් විශ්වාසයක් නැත.
දැන්, එය නැවතත් සිදුවෙයි. නමුත් අපට එය හදුනාගැනීමට අපහසු විය හැකිය. ඒ, එය අපේ රට වැසියන් වසර 950ක් පුරා අත්නොවිදි දෙයක් වන නිසාවෙනි.
නමුත් එය සිදුවෙයි.
මේ ලියන මොහොත වන විට,, ඔහුට ඉතිරිව ඇත්තෙ පැය දොලහක් පමණි.
සිගන්නන්ට තෝරන්නන් විය නොහැකි නමුදු, ඔහුට ජීවත් වීමෙ අවස්ථාවක් ලබාදී ඇත.
පැය දොලහ දීර්ඝ වීමටද ඉඩ ඇත.
මේ ගෙවුණු කාලය තුල, අහිමි වුණු දේවල් අපමණය.
සමහර දේවල් ලබාගත හැකි නමුදු, සමහර දේවල් නැවත ලැබිය නොහැකිය.
කැප කිරීම් කෙරුවෝ අපමණය.
ඔවුන් සිටිනා තැනක සිට, අපමණ වූ උදාර හැගුමකින් යුතුව එදෙස බලා සිටින බව හැගේ...
ඉදින්
CRT නලයක් තුලින් මම දුටුවේ , ඇසුවේ, රණ ගොස නැගෙන තැනයි..
තව හෝරා කීපයකින් එම රණ ගොස .. සදහටම නිහඩ වෙනු ඇත.
තුවාල සුව වීමට කල්ගත වනු ඇත. ඒ බව දනිමි. ඔවුන්ගෙන් අපටද, අපගෙන් ඔවුන්ටද සිදු වූ අකටයුතුකම් බොහෝය..
නමුත් සුව වූ දිනට ඔවුන් හා අප අතර සිනා මල් විකසිත වනු ඇත.
එය සක් සුදකි.
මේ මොහොතෙ..ඔබගේ හදවතද උදාර හැගුමකින් පිරී පවතින බව මම දනිමි.
නමුත්.
ඉතිහාසය නැවත සිදුවන අවසන් අවස්ථාව බවට මෙය පත් කර ගත යුතුය.
අනාගතයක් ගැන කීමට තවම වේලාසන වැඩි බවද දනිමි.
එනමුදු
මින් පසු යලි කවදාවත් නොඑලඹෙන, සහ නො එලඹිය යුතු, ඓතිහාසික මොහොතක ආරම්භයේ සිට..
තනි ජාතියක් වශයෙන් නොව, තනි රටක් ලෙසින්, උන් හා එක්ව , හෙටින් උදාවන අලුත් ලෝකය වෙනුවෙන් සව්දිය පුරමු.
ජය ශ‍්රී...

Friday, April 10, 2009
අලුත් වෙමුද?
අපි බොහෝ විට ආදරය කරන්නෙ අපි දන්න අයට විතරයි. මව්පියන්ට,සහෝදර සහෝදරියන්ට,පෙම්වතියට, යාලුවන්ට,විතරයි. ඔවුනුත් ඔබට ආදරෙයි. නමුත් අනෙක් අය දිහා බලන්නෙ යහපත් ඇසකින් නොවෙ. ඇයි ඒ.?
ඒ ආදරය කියල හිතන්න පුලුවන්ද? ඇත්තටම ඒ ලින්ගිකය, කැදරකම, තනිකම, රදාපැවැත්ම, අයිති කරගැනීම, කියන කරුණු වල කලවමක් මිසක් හැබැ ආදරය නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. ඒ කියන්නෙ අපේ ආදරය කෙනෙක්් මත රදාපවතින දෙයක් බවට පත්වෙලා. මට හිතෙන්නෙ අපි ඔක්කොම දුප්පත්තු.
පොහොසත් මිනිහා කියන්නෙ ජීවිතේ කාව්ය තියෙන් තැනැත්තා, ජීවිතෙ නර්තනය තිබෙන තැනැත්තා, ජීවිතේ මුල්බැසගත් තැනැත්තා, මුලු ලෝකයටම ආදරය කරන තැනැත්තා වෙනන් පුලුවන් නේද?
හරියට වහින්න බලන් ඉන්න වැහි වලාකුලක් වගේ, නැත්නම් පිපෙන්න සූදානමින් ඉන්න මලක් වගේ.
වැහි වලාකුලක් වහිනවා එක තැනකට, සමහරවිට එතන ඉන්න මිනිස්සුන්ට වැස්ස අවශ්ය නැති වෙන්න පුලුවන් . ඔවුන් බනිනවා ඇති, මොන මගුලක්ද මේ වහිනව වහිනව ඉවරයක් නැහැ කියල. නමුත් වැහි වලාකුල ඒවා අහල වැස්ස නවත්වනවද?
කවුරුවත් නැති කාන්තාරෙක රෝස මලක් පිපිලා, හැම තැනටම සුවද දෙනව. මල ලස්සනයි. නමුත් ඒ මල ලගින් කෙනෙක් ගමන් ක‍්රන්නෙ කලාතුරකින් වෙන්නත් පුලුවන්, ඒ යන කෙනා සමහරවිට මලක් තියෙනවා කියලා දකින්නෙවත් නැහැ. එය පහු කරන් යාවි. ඉතින් මොකේ? මලට ඒක ගැන කනගාටුවක් නැහැ. මල සුවද දෙන එක නවත්වනවද?
ඇයි අපිටත් බැරි ඒ වගේ වෙන්න. ඉපදිච්ච දවසෙ ඉදන් එක එක එක්කෙනා අපේ පිටේ ගහන ලේබල් , අපේ ඔලුවට දාන කුණු කන්දල් අයින් කරල පිරිසිදු වෙන්න, අලුත් වෙන්න, අනික් මිනිස්සු දිහා යහපත් ඇසකින් බලන්න අපිට පුලුවන් නේද? කෙනෙකුට යහපත් වචනයකින් කතා කරන්න, කෙනෙක් දිහා බලල හිනා වෙන්න සල්ලි වියදම් වෙන්නෙ නැහැනෙ.
අපි ආදරය භාවිතාවෙ යොදවන්න ඕනෙ. කාමරෙ තනියෙන් ඉන්න වෙලාවක අත්හදා බලන්න. තනිවම වාඩි වෙලා ඉන්න ගමන් ආදරෙන් පිරෙන්න. පිපිරෙන තරමට පිම්බෙන්න. මුලු කාමරේම ඔබේ ආදරෙන් පිරෙන්න දෙන්න. මුලදි නම් පිස්සුවක් වගේ වෙයි ඒක. සමහරවිට ඔබට හිතෙන්න පුලුවන් පිස්සු හැදීගෙන එනව වත්ද කියල. ඔබ එහෙම හිතන්නෙ ඒ ඇත්ත ආදරේ කියන දෙය තව කෙනෙක් එක්ක සම්බන්ධ ක‍්රන්න උත්සහ ක‍්රන නිසයි. අන්න ඒක තේරුම් ගත්තම ඇත්ත ආදරය ඔබට තේරෙන්න පටන් ගනීවි. ඉතින් කමක් නැහැ. මොහොතකට පිස්සෙක්, පිස්සියක් වෙන්න.
මොහොතකට ප‍්රෙක්ෂකයෙක් නැතිව නටන කෙනෙක් බවට පත්වෙන්න. අසන්නෙක් නැතිව ගීත ගයන්නෙක් බවට පත් වෙන්න.
එතකොට ඔබට තේරේවි, කවුරුවත් මත යැපෙන ආදරය හරිම දුප්පත් එකක් බව. අපිට අනික් අයට දෙන්න පුලුවන් කම තියෙද්දි අපි අනුන්ගෙන් ඉල්ලනව. අපිට අධිරාජයො වෙන්න පුලුවන් කම තියෙද්දි අපි එක එක්කෙනාගෙන් හිගා කනව.
සමාජය විසින් නිර්මාණය කරපු වැරදි නිර්ණායක ඉවත් කරමු. මොන අහවල් එකටද ඔය සන්කීර්ණ ප්ලැන් වල හිර වෙලා ඉන්නෙ මෙච්ච‍්ර සිම්පල් ප්ලැන් එකක් අපිට ලැබිලා තියෙද්දි.
සීරියස් වීම හෙවත් බොරු බරපතල භාවය අත් අරින්න. ජීවිතේ කියන්නෙ ගැටලුවක් නෙමෙයි කොහෙත්ම . අපි ඒක ගැටලුවක් බවට පත් කරන් තියෙනව.
නිදහස් මිනිසෙක්, නිදහස් ගැහැණියක් බවට පත්වෙන්න.
වඩ වඩාත් සරල වෙන්න. සුන්දර බවට පත් වෙන්න. අහින්සක වෙන්න. මුහුදු වෙරලෙ සිප්පි කටු ඇහිදින කුඩා දරුවෙක් වගේ වෙන්න.
කෙටියෙන් කීවොත් , ඔබ ඔබම වෙන්න.
නැවුම් ඇසකින් ලෝකය දිහා බලන්න. එතකොට මුලු ලෝකයම ඔබට ආපහු ආදරය කරයි.
BE THE CHANGE YOU WANT TO BE!
අලුත් වෙන්න අලුත් අවුරුද්ද එනකම්ම ඉන්න ඕනෙ නැහැ. ;)
සුබ අලුත් අවුරුද්දක් වේවා!

Saturday, April 4, 2009
මග පෙන්වන ඔබට,

ජීවිතෙ කියන්නෙ හරි පුදුම දෙයක්. මට හිතෙන විදිහට ගගක්.
අපි ඒකෙ ඔරුවකින් හිතෙන හිතෙන තැන් වලට යනව. හිතෙන හිතෙන විදිහට. හැබැයි හරියටම නොදැන.
ඔය යන අතරෙ ඉවුරෙ ඉන්න අයවත් අපෙ ගමනට එකතු කරගන්නව.
සමහරු අතරමගදි නතර වෙනව. යන්න අමාරු තැනකට එනකොට අපිව අතරමන් කරල යන අය ඉන්නව.
සමහරු ඉන්න ඕනෙ හින්ද ඉන්නන් වාලෙ දිගටම ඉන්නව. බැහැල ගියත් මතකෙ ඉන්න අය ඉන්නව.
ඔය අතරෙ සමහරු ඉන්නව අපි යන කොට ඒ හා සමාන්තරව ඉවුරෙන් ඇවිදින. ඒ අය ඉවුරෙ ඉදන් අපි දිහා බලනව, හිනා වෙනව, යන්න ඕන මාර්ගය පෙන්නල දෙනව. නමුත් ඔරුවට ගොඩවෙන්නෙ නැහැ.
ඒත්, කලාතුරකින්, ඒ මග පෙන්වන අය අතුරෙන් බොහොම කීප දෙනෙක් ඉන්නව කැමත්තෙන් ගමනට එකතු වෙන.
ඕනම තැනකදි එකට ඉන්න අමාරු තැන් වලදි උදව් වෙන, ඒ වගේම මෙච්ච‍්ර කල් නොදැන ගියපු ගමනට අලුත් අරමුනක් දෙන, ගමන වඩාත් ලස්සන කරන ඒ අය කෙනෙකුට හමුවෙන්නෙ කලාතුරකින්. ඒ වගේම අහම්බෙන්.
ඒ අය තමුන් නොහිතා කරන පොඩි දෙයකින් වුනත් අපිව සතුටට පත් කරනව. ඒ පොඩි සිනහවකින්, පොඩි වචනයකින් වෙන්න පුලුවන්.
ඉතින් විනාඩි 51840 ක් තිස්සෙ ඒ ගමනට එකතු වෙලා ඉන්න, ජීවත් වෙන හැම මොහොතක්ම වඩාත් ලස්සන කරන, නිරතුරු සුන්දර සිනහවකින් හෙබි ඒ අපූරු මග පෙන්වන්නියට ස්තුති.
---
මෙන්න මෙතන ඔබල මේකත් අහල ,
---
මේකත් කැමති නම් බලන්න
ගනන් ගන්න එපා ඉතින්. ගැත්තාට අනුකම්පා කරන්ට..විදින දෙය, එය දැනෙන වෙලාවේ විදිනු මිස අන් කවරක් කරන්නද? :D
Subscribe to:
Posts (Atom)