මේ දවස් ටිකේ බ්ලොග් පෝස්ට් වැඩිපුර වැටෙනවා මගෙ අතින්. කාලෙකෙට පස්සෙනෙ දවස් දෙක තුනක් ගෙදර ඉන්න ලැබුනෙ..ලිවිල්ල දැන් පුරුද්දට ගිහිල්ලා..හිහ් හිහ්..
මේ පෝස්ට් එක දාන්නේ අපේ කුෂාන් සහොදරයගෙ පොඩි ඉල්ලීමක් ඉටු කොරන්න.. මම මේ දවස් වල වහ වැටිලා ඉන්න සින්දුවක් වෙන අතුල අදිකාරිගෙ ' එක දවසක් හැන්දැවක ' ගීතයෙ වචන පෙලගැස්ම ඔහු ඉල්ලලා තිබුනා. ඔන්න එහෙනම්..
එක දවසක් හැන්දැවක
එක දවසක් හැන්දැවක,
කණාමැදිරි එළි පාරක,
මං හෙව්වා තරැ කැටයක්.//
නිල් පාටින්..පායා දිලෙන..//
සිහිනයක ගිලී මා.. සිටියා..
කවුරුදෝ හිත් දොර බිදිනා විට..
සුලන් රොදක්වත් ඇරුණු දොර පියනින්..ආවා නම්..
සිහිනයේ සුව අරන්..
නන්නාදුනනා දැසක්..
නිවි නිවී.. දිලිසුනා.. මොහොතක්...
සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත්..දොරකඩට..
පවන් පොදකටවත් ඉඩක් නෑ නොවෙද..
අවකාශයම.. වසාගෙන..
ඈ සිටිනා විට මා අසල...
ඈ සිටිනා විට මා අසල..........
එක දවසක් හැන්දැවක,
කණාමැදිරි එළි පාරක,
මං හෙව්වා තරැ කැටයක්. //
නිල් පාටින්..පායා දිලෙන..//
මා අසල.. ලැගුම් ගනු පෙරාතුව..
මා තුලට.. මොහොතකට..එබුනා නම්..
පැහැදිලිව දකින්නට තිබුණා..
මා තුලම.. මා නොවන.. පිටස්ත‍්රයකු සිටිනා වග..
ඔබේ පෙම.. මා හටද.. මා නොවන ඒ අමුත්තා වෙතද..//
-------------------------------------------------
සින්දුව ලියපු කෙනා නම් මතක නැහැ. මේ සින්දුව තියෙන්නෙ අශෝක හදගම මහත්මයාගෙ ටෙලිනාට්ටියක..
'සින්තටික් සිහින' ටෙලිනාට්ටියෙ...අපූරු, අමුතු ගනයෙ නාට්ටියක් ඒක. බලපු අය ඉතින් දන්නවත් ඇතිනෙ..
දැන් කට්ටිය හිතනවා ඇති සින්දුවත් අහන්න තිබුනා නම් නියමය් කියලා..
ඔන්න එහෙනම් සින්දුවත් අරන් අහලා බලන්න..
http://www.esnips.com/doc/52824362-b11a-4e85-85ce-08a58d79e6ff/Athula-Adhikari--Eka-Dawasak
උඩ තියෙන ලින්ක් එක, පහල තියෙන ලින්ක් මේකර් එකට ගිහිල්ලා පේස්ට් කරන්න. එතකොට E snips එකෙන් Account එකක් නැතුවම ඩවුන්ලෝඩ් ක‍්රන්න පුලුවන්.
http://indianraga.fileave.com/files/esnips_download_link_maker.html
--------
කට්ටියත් එක්කම රසවිදින්න..:P
Sunday, February 1, 2009
Saturday, January 31, 2009
අපේ අයගේ සන්ගීත රසාස්වාදය Facebook ඇසින්..
මුලින්ම මම කියන්න ඕනේ මේක කාවවත් promote කිරීමක්වත් . කාවවත් පහල හෙලීමක්වත් නොවෙය් කියන එක. මම මෙහිදී ක‍්රන්නේ ඇති තතු එලෙසම ඉදිරිපත් කිරීමක් පමණක් බව සලකත්වා..
ෆේස්බූක් බාවිතා ක‍්රන අය දන්නවා ඇති රසික පිටු හෙවත් Fan Pages ගැන. ඕනැම ක්ෂේත‍්රයක ඉන්න ප‍්රසිද්ධ පුද්ගලයන් සහ ඔවුන්ගෙ රසිකයන් එකතු කිරීමක් තමය් මෙය්න් සිදු කෙරෙන්නෙ.
ඉතින් ලන්කාවේ සිටින එවැනි පුද්ගලයන් වෙනුවෙනුත් රසික පිටු සැකසිලා තියෙනවා (ඒවා කවුරු නිර්මාණය ක‍්රපු ඒවා වුනත්..)
මෙන්න ලන්කාවෙ සන්ගීත ක්ෂේත‍්රයට සම්බන්ධ අය වෙනුවෙන් සැකසුණු පිටු සහ
මෙය ලියන මොහොත වන විට ඒ ඒ පිටු වලට සම්බන්ධ වී සිටින රසිකයන් ප‍්රමාණය ගැන කෙටි සටහනක්...
එම නම් මත ක්ලික් කිරීමෙන් අදාල පිටු වලට යා හැකිය්..
පණ්ඩිත් අම‍්රදේව
දැනට රසිකයන් ප‍්රමාණය - 4676
වික්ටර් රත්නායකයන්
දැනට රසිකයන් ප‍්රමාණය - 12
ක්ලැරන්ස් විජේවර්ධන
දැනට රසිකයන් ප‍්රමාණය - 8794
බාතිය සහ සන්තුෂ්
දැනට රසිකයන් ප‍්රමාණය - 16,129
ඉරාජ්
දැනට රසිකයන් ප‍්රමාණය - 8318
Centigradz
දැනට රසිකයන් ප‍්රමාණය - 6304
කසුන් කල්හාර
දැනට රසිකයන් ප‍්රමාණය - 13,229
නදීක ගුරුගේ
දැනට රසිකයන් ප‍්රමාණය -658
ඩැඩී
දැනට රසිකයන් ප‍්රමාණය - 8952
--------------------------------
* සැලකිය යුතුය් : මෙම සන්ක්යාවන් නිත‍්රම වෙනස් වීමට ලක් වේ.
මම දැනට දැකලා තියෙන ප‍්රධාන පිටු මෙච්චරය්. තව පිටු තියෙනවා නම් කියන්න.
ඔය ගොල්ලනගෙ අදහස් මොනවාද මේ පිලිබදව..

Thursday, January 29, 2009
ඇය..මම..හැන්දෑවක....
දළදා මාලිගාවෙ ඉදන් වැව රවුමෙ ඇවිදගෙන ආව අපි දෙන්නා, සීතල මාලිගාව ඉස්සරහ තියෙන බංකුවක වාඩි වුණා.
දවල් ඉදන් නොයෙක් තැන් වල රස්තියාදු ගහල ගහල මේ ගස් සෙවණෙ වාඩි වුණාම දැනෙන්නෙ හරිම සනීපයක්. සැහැල්ලුවක්.
'කකුල් දෙකත් රිදෙනව.' මම කිව්ව.
'පොඩ්ඩක් අතගාන්නද?' ඇය සරදම් සිනාවක් පාමින් ඇහැව්ව.
'අත ගෑවත් කමක් නෑ.' මමත් මහ හිනාවක් යටපත් කරගෙන කිව්ව.
ඇය සෙමින් සිනාවෙමින් මගෙ අත කෙනිත්තුව.
හැන්දෑවේ වැටෙන හිරැ එළිය හරිම අපූරැවට වැවට වැටෙනව.විටින් විටේ උස්පහත් වෙන දියරැලි මත වැටිලා බලන්නත් බැරි තරමට දිස්නෙ ගහනව.
ඇය මගෙ උරහිස මත හිස තබාගත්ත.
'ඔයාට පේනවද අර ඈතින් තියෙන වළාකුළු බැම්මෙ කෙළවර? '
'හ්ම්...'
'අන්න එතනින් තමයි ඇහැලේපොල කුමාරිහාමිවයි එයාගෙ සේවිකාවන්වයි වැවට තල්ලු කෙරැවෙ.'
'අනේ පව්. ඉතින් ඒ අයට මොකද වුණේ? ඇය ඇහුව.'
'ඒ අය මැරැණ කියල තමයි කියන්නෙ. ළගදී වැවේ මඩ අයින් කරන කොට හම්බවෙලා තියෙනව රත්තරන් ආභරණ වගයක්. සමහර විට ඒ අයගෙ වෙන්න ඇති.' මම කිව්ව.
ඇය තව ටිකක් මට තුරැළු වුණා.
ඈතින් පේන බහිරව කන්දට උඩින් එක එක හැඩයෙ වළාකුළු පාවෙනව. එක එක පාට... එක එක හැඩ..
'අන්න නැවක් .' ඇය ඒ දිහාට ඇගිල්ල දිගු කරලා පෙන්නුවා.
'හ්ම්.. අර ඉන්නෙ නැවේ නාවිකයො ටික.' ඊට උඩින් තිබුණූ වලාකුලක් පෙන්වමින් මම කිව්ව.
'ඒගොල්ලො කොහාටද යන්නෙ?'
'මං හිතන්නෙ අපි යන පැත්තටම..දන්න දෙයක් එක්ක නොදන්න දිහාවකට..'
මම කිව්ව.
කොහෙදෝ ඉදල එන හුළගක් හෙමින් හෙමින් වදිනව. එක හුළං රැල්ලක් ඇගේ සිනිදු කෙස් රොදක් එක්ක සෙල්ලම් කරනව.
ඒක දැකල මට ඉරිසියා හිතුණ.
ඇගෙ කෙස්වල තියෙන්නෙ අමුතුම සුවදක්. විලවුන් පාවිච්චි නොකරන ඇයට ඒ සුවද ලැබුණෙ කොහෙන්ද? හැමදාම ඒ පුදුමය මට තිබුණ. ඒ වගේම මම හැමදාමත් ඇගෙ ඒ අපුරැ සුවදට ඇලුම් කළා
'හරිම සුවදයි..'මම කිව්වා
'මොනවද?' ඇය ඇහුව.
'හැමදේම..'
ඇය පිටකරන හැම හුස්මක්ම මගෙ ගෙලේ දැවටෙනව..
අපට පිටිපස්සෙන් අතු විහිදන් ඉන්න මාර ගහේ කොළයක් දෙකක් ඉදහිට වැටෙනව. හුළගට අහුවෙන සමහර කොළයක් ඈතට පාවෙලා ගිහින් වැවට වැටෙනව.
අහසත් ටිකෙන් ටික රතු පැහැවෙනව..
" එක දවසක් හැන්දෑවක, කණාමැදිරි එළි පාරක, මං හෙව්වා තරැ කැටයක්. නිල් පාටින්..පායා දිලෙන.."
සින්දුවක් එක පාරටම මගෙ කටින් පැන්නා..
ඇය හෙමින් හිස ඔසවල මගෙ දිහා බැලුව.
' ඒ සින්දුව ගොඩක් කල් ඉදන් මම හෙව්ව. ඔයා ලග ඒ සින්දුව තියෙනවද? ' ඇය ඇහුව.
මම හිස වැනුව. ' හෙට මේල් කරන්නම්..'
ඇය නැවතත් උරහිසේ හිස තබාගෙන ඇස් පියා ගත්තා..
'ඉතුරැ ටිකත් කියන්නකො'..ඇය ඇසෙන නෑසෙන තරමින් කිව්ව..
මගේ ඇස් යොමුවුණේ ඈතින් පෙනෙන කදු වළල්ල දිහාවට..
සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත්..දොරකඩට..
පවන් පොදකටවත් ඉඩක් නෑ නොවෙද..
අවකාශයම.. වසාගෙන..
ඈ සිටිනා විට මා අසල...
ඈ සිටිනා විට මා අසල..........
ඈගේ ඉල්ලීම හරිම සැහැල්ලුවෙන් මම ඉටුකළා..
---------------------------------------------
(කෙටි කතාවකි )

Monday, January 26, 2009
Budu hamuduruwo saha Nadeeka guruge
මේ සටහන ලියන්න හිතුණේ අපේ හරේගේ පෝස්ට් එකක ඩැම්ස් කියල සහෝදරයෙක් දා අහල තිබුණු ප්රශ්නයක් දැක්කට පස්සේ .ඔහු අහලා තිබුණා ලෝකයේ උත්පතතිය ගැන බුදු හාමුදුරැවො මොනවද කිව්වෙ කියල. නමුක් ඊට කලින් නදීක ගුරැගේ නිරිමාණය කළ වර්ණ නැමැති සංධ්වනිය ගැනත් යමක් කිව යුතුයි.දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒකෙයි වර්ණ ගීතයෙයි තියෙන සම්බන්ධය මොකක්ද කියල.
ඇත්තෙන්ම වර්ණ හි වචන වල ඇතුලත් වෙලා තියෙන්නෙ බුදුහාමුදරැවන් ලොකොත්පත්තිය ගැන දේශනා කරපු අග්ගඤ්ඤ සූත්රයේ සංක්ෂිප්ත සටහනක්.
-----------------------
අග්ගඤ්ඤ සූත්රයේ මේ කතාව සදහන් වෙලා තියෙන්නෙ මෙහෙමයි.
එකල්හි මෙහි සත්වයො නොවූහ. තිබුණේ කිසිවක් නැති හිස් බවකි. පසුව ආභස්සර බ්රහ්ම ලෝකයේ ජීවක් වූ කයක් නැති සිත පමණක් ඇති ජීවින්ගෙන් එකෙක් ආලෝකය විහිදුවමින් මෙහි පැමිණීයේය. පැමිණ හිස් පොළව දිව ගා බැලුවේය. එහි දැණුනු අමුතු රසින් කුල්මත් වූ ඔහු ආපසු නොගොස් මෙහිම රැදුනේය. රස පොලොව කමින් ජීවත් වූයේය.ඔහුව සෙවීමට ආ අනෙක් ජීවින්ද රස පොලවට වහ වැටී මෙහිම ජීවත් වන්නට පටන් ගත්හ.
රස නිසා ඔවුන් තුළ ත්රැෂ්ණාව පහළ විය. ඒ නිසාම ඔවුන්ගේ පියාසර කිරිමේ හැකියාව නැතිවී ගියේය.සිරැරැ ගණ බවට පත්විය.ආලෝකය නැති වී ගියේය. ස්ත්රී ලිංගය හා පුරැෂ ලිංගය එක එක ජීවීනට් පහළ විය. ඔවුන් එකිනෙකාගේ අවයව දෙස බැලීම නිසා ලිංගික ආශාව පහළ විය.එළිමහනේ ලිංගිකව සංසර්ගයේ යෙදීම නිසා ලැජ්ජාවට පත් අනෙකුත් ජීව්න් ඔවුන්ට ගල්මුගුරැ ගසා එළවූහ. ලිංගිකව එකතුවීමට කැමති ජීවින් අදුරැ අහුමුලු සොයා ගියහ.ඉන් පවුල නම් ඒකකය බිහිවිය.
මෙම කාලය වනවිට පොලවේ බුමි පප්පටක නම් හතු වර්ගයක් සහ බදාලතා නම් වැල් වර්ගයක් පහල විය. ඉන් පසු රත්හැල් නම් වී වර්ගය ස්වයංජාතව පහළ විය.රත්හැල් වැවෙන තැන් තමුන්ට වෙන් කොට සිටියහ.ගෙන මේවා ආහාරයට ගෙන ඔවුන් ජීවක් වූහ.නමුත් එක් අයෙක් පසුවට ආහාර ගැනීමට රත්හැල්වී ගබඩා කිරීමට පටන් ගත්තේය. අනික් සත්වයෝද එසේ කිරීමට පටන් ගැනීම නිසා අස්වැන්න අඩු වී රත්හැල් වී පහළ වීම නතර විය.මේ වන විට එවුන් අතර ආරවුල් හට ගැනිනි. එම ආරවුල් විසදීමට ඔවුන් අතරින්ම කෙනෙකු තෝරා පත් කර ගත්හ. මහා ජනයාගේ සම්මතයෙන් පත්වූ ඔහුට මහා සම්මත යන නම ලැබුණි.
--------------------------
මේ සුත්රය කියවපු වෙලාවේ මට දැනුනේ මහ පුදුමයක්. එක වරම සිතට ආවේ BIg Bang Theory එක සහ පොලෙවේ ජීවය ආරම්භ වූවේ පිටින් ආ ජීවීන්ගෙනි යන බටහිර තාරකා විද්‍යාඥයන්ගේ මතය..
මේකෙන් කියවෙන්නේ වෙනත් ලොකයකින් ආ ජීවීන් පිරිසකගෙන් අප පැවතෙන බවද? ඔවුන්ට යම් විදිහකින් ආපසු යන්නට නොහැකිවී මෙහි අඵත් ජීවිතයක් පටන්ගෙන ඔවුන්ගේ පරිණාමය හරහා මිනිසුන් හෙවත් හෝමෝ සේපියන්ලා බිහි වූ බවද?පසුව කෘෂිකර්මාන්තය පවුල් ඒකක සහ පාලකයන්ගේ බිහිවීම සිදුවූ බවද?
බුදු හාමුදුරැවෝ දේශනා කළා.. විශ්වයේ ආරම්භය හෝ පැවැත්ම ගැන ප්රශ්න අසන්න එපා . ඔබලාටට ඒ ප්රශ්න වලට මම දෙන පිළීතුරැ අවබෝධ කර ගන්න බැහැ කියලා.. ඒක ඇත්ත වෙන්න පුළුවන්.. අවුරැදු 2500 කට කලින් හිටපු මිනිස්සු කෙහොමද BIg Bang Theory, evolution ගැන තේරැම් ගන්නෙ?
බුද්ධ ඥානය ඉතාමත් පුදුමාකාරයි. අනාගතය වර්තමානය අතීතය තුන් අයුරින්ම දකින්න කෙනෙක් කෙතරම් මනස දියුණූ කරන්න උවමනා ඇතිද?

Friday, December 26, 2008
දෑහෑනකට සමවෑදුනෙමි...
මේක අහල එහෙම නොවුනොත් තමයි පුදුමේ..යු ටියුබ් එකේ ක‍්රක් ගහද්දි ඊයෙ දෑක්කා මේක..රොමෑන්ටික් ඔපෙරාවෙ මගෙ ආසම සින්දුව...ඔයාලත් අහල බලන්න..
මේක ගත්තෙ දිල්හාන් කුලරත්න සහොද‍්රයාගෙන්..
http://www.youtube.com/watch?v=W3rpe2IuNrc
කී බෝඩ් එක වාදනය ක‍්රන්නෙ රොමෙන් මෙන්ඩිස්..මුල් ගීතයේ සන්ගීතය සහ පද රචනය ඔහුගෙ..
මම ගොඩක්ම ආස කලේ ගීතයෙ INTRO එකට..
මේකට සවන් දෙද්දි මතක් වුන එක්කෙනාත් ලග හිටියා නම් ශෝක් කියල හිතුනා..හක් හක්...

Saturday, December 13, 2008
සුවද ගහන අතීතෙ
ලගදි ප‍්රන පොත් වගයක් අවුස්සන කොට හම්බවුන ෆොටෝ වගයක්. අවුරුදු 7/8 විතර කලින් ඉස්කෝලෙන් ගිය අද්යාපන (ෆන්) චාරිකාවකදි ගත්තු එවා. ෆොටෝ ටික දෑක්කම නිකම්ම හිනා ගියා. බස් එක ඈතුලේ තිබ්බ x-ray ඩෘම් සෙට් එකයි අපේ මූනුයි දෑකලා. කොච්ච‍්ර ලස්සන කාලයක්ද? උදේට ඉස්කෝලෙ ගිහින් බෙල් එක ගහන කන් ක‍්රිකට් ගහපු හෑටි. බස් හෝල්ට් ගානේ කටු කාපු හෑටි. ඔෆිස් එක ඉස්ස‍්රහ කට්ටියම පේලියට දන ගහගෙන හිටපු හෑටි.පොඩි පොඩි දේවල් වලට ගහමරාගෙන කමිස කලිසම් ඉරාගෙන ගෙද‍්ර ගිය හෑටි. දුම් ගහපු හෑටි. නිවාඩු දෙන දවසේ පාටි දාපු හෑටි.. මුලු පන්තියම එකතු වෙලා හදපු වේද්කා නාට්ය... මේ දෙවල් මතක් වෙන කොට හිතට මහා දුකක් දෑනුන..ඒ කාලෙ තිබ්බ සතුට සහල්ලුව අද කෝ??? ආයෙත් කවදාවත් ඒ වගේ ජීවිතයක් ගෙවන්න පුලුවන් වෙයිද? ඒ කාලෙ හොදම යාලුවො වෙලා හිටපෞ අය අද ජීවතුන් අත‍්රද කියලවත් දන්නෙ නෑහෑ. අදටත් මුන ගෑහෙන කීප දේනා ඈරුනු කොට. සමහර අය එන්ගේජ් වෙලා. සමහ‍්ර අය අද රටෙත් නෑහෑ..
තව අවුරුදු දහයකින් අපි කොහේ ඉදීද?
nickelback ලගේ photograph සින්දුව මතකෙට ආවා ඉබේම..
every memory is looking in the back door,
I Have the photo album spread on my bedroom floor,
It's hard to say it, time to say it,
good bye, good bye..

Saturday, December 6, 2008
රොමෑන්ටික් ඔපෙරාව සහ රොමෑන්ටික් සිහින .
ගිය බදාදා කසුන් කල්හාරගේ අලුත් ගීත එකතුව ගත්තා. ඉතාමත් අපූරු නිර්මාණ එකතුවක්. රුපියල් 500 ට කොහෙත්ම පාඩු නෑහෑ. අරගෙන සතියකට කිට්ටු වුනත් තවමත් රසවිදිනවා. ඈස් වහගෙන රසවිිදිින්න පුලුවන්. මගේ හිතට ගොඩක්ම වෑදුනේ ආදර් සිතුම් ,කදුලු ,හ‍්රිත වන, හෙට අලුත් අලුයමක් සහ රෑ අහසින් යන ගීත. මෙම දවස්වල මගෙ අත්දකීම් එක්ක ටිකක් සමීපව යනවා ඒ ගීත :P . හ‍්රිම පුදුමය.් ඒ ගීත වල වචන වල හුරු පුරුදු බවක් දෑනෙනවා.ගොඩක්ම සමීපව දෑනුනෙ ආදර් සිතුම් ගීතය.
මා සිතින් දෑල්වූ.. හෑම පහන් සිල... ඔබ තමයි... දෑවී දෑවී එලිය දුන්...ජීවිතෙ....:P:P
තාමත් අහුවෙ නත්නම් අහල බලන්න. ඈත්තෙන්ම අපූරු ගීත එකතුවක් ...

Subscribe to:
Posts (Atom)