Monday, March 9, 2009

දැන් ඇත්තෙන්ම සීරියස් වෙමු!!!!!!!

පෙරේරා නෝනාට දවසක හවස් යාමෙ යකා වැහිලා. ඇය සැම පීරිසියක්, කෝප්පයක්ම බිදලා. සාමාන්යෙන් බොහොම පිරිසිදුවට තියෙන් ඇගෙ කුස්සිය එකම කහල ගොඩක් බවට පත් කලා. පොලිසිය ඇවිත් ඇයව නග‍රයේ මානසික ආයතනය වෙත රැගෙන ගියා. ප‍්රධාන මනෝ වය්ද්ය ව‍රයා වහාම ඇගේ සැමියාව ගෙන්වා ගත්තා.

' ඔබට කියන්න හැකිද, මොනවහ‍රි හේතුවක් මේකට. ඇය් ඔබේ බිරින්දැ හදිසියේම ඇගෙ සිහි කල්පනාව නැති ක‍රගත්තෙ?' වෙදතුමා ඇහුවා.

' මටත් ඒක හිතාගන්න බැරුවය් ඉන්නෙ. පෙරේරා මහත්තය උත්ත‍ර දුන්නා.
' ඇය හැම වෙලේම හ‍්රිම නිශ්ශබ්ද කාන්තාවක්. මහන්සි වෙලා වැඩ ක‍රන ගැහැණියක්ව හිටියා. අවුරුදු විස්සක්ම ඇය කුස්සියෙන් එලියට ආවෙත් නැහැ......'



---------------


කන්තෝරුවෙ නත්තල් සාදයට පස්සෙ දවසෙ සැමියා පිබිදුණේ ත‍රමක හිසේ බ‍ර ගතියක් ඇතිවය්.
අම්මෝ ඔලුව රිදෙනවා' ඔහු කිව්වා.

ඔහොම වෙලා මදි. බිරිද කිව්වා..
ඔයා ඊයෙ රැ හැසිරුණේ නියම මෝඩයෙක් වගේ..

'මම මොකක්ද කලේ? '

' ඔයා ඊයෙ බීලා බොස් එක්ක රන්ඩුවක් පටන් ගත්තනෙ' එයා ඔයාව රස්සාවෙන් අස් කෙරුවා!!'

' හොදය් එහෙනම් ඌට අපායට යන්න පුලුවන්.'

'අන්න ඒක තමය් ඔයා ඊයෙ බොස්ට කිව්වෙ.'

' හපොය් මම බොස්ට එහෙම කිව්වා? එහෙනම් නාකි එලුවත් එක්ක බුදියගන්න තමා වෙන්නෙ' සැමියා විස්මය අදහගන්න බැරුව කිව්වා.

'අන්න හ‍රි.. ඒකම තමය් මමත් කලේ.' බිරිද උත්ත‍ර දුන්නා.
'ඔයාට පුලුවන් හෙට ඉදන් ආය්ත් වැඩට යන්න..'



-------------




මිනීමස් කන ගොත‍්රික තාත්තය් පුතය් කැලැව මැද්දෙන් යන කොට දැක්කා, තමන් අටවපු උගුලකට සුදු කෙල්ලෙක් අහුවෙලා ඉන්න හැටි.

'අන්න තාත්තෙ සුද්දියෙක් අහුවෙලා. අපි දැන්මම මෙයාව කාලා ඉව‍ර ක‍රමු.' පුතා කිව්වා.
තාත්තා ටිකක් ලෝකෙ ගැන දැනුම් තේරුම් තියෙන් කෙනෙක්. ඔහු ටිකක් කල්පනා ක‍රලා මෙහෙම කිව්වා.

' නැ පුතේ . අපි මෙයාව ගෙද‍ර එක්ක යමු. ඔයාගෙ අම්මව කාලා දාමු'

----------------



බන්ගලාවෙ නෝනාට අලුතෙන් වැඩට ගත්තු කෙල්ල එත‍රම් හිතට ඇල්ලුවෙ නැති හින්ද එක දවසක් එකපාරටම කෙල්ලට ගෙද‍ර යන්න කිව්වා.. කෙල්ලත් අතැරියෙ නැ. තමුන්ට සිද්ධ වෙච්චි අසාධාරණය වෙනුවෙන් බෙරිහන් දුන්නා.
' නෝනා. මට එහෙම කිව්වට මහත්තයා නම් මට කියලා තියෙන්නෙ මම ගෙදර වැඩ කටයුතු නෝනට වඩා හොදින් ක‍රනවා කියලය්. '
ඒ වගේම නෝනා. මම ඔයාටත් වඩා ඇද උඩදි හොදය්ලු..' කෙල්ල බෙරිහන් දුන්නා.

නෝනාටත් යකා නැග්ගා.
' කවුද යකෝ උඹට ඔය කතාව කිව්වෙ? මහත්තයාද?'

' නැ නෝනා' කෙල්ල උත්ත‍ර දුන්නා.
මට ඒක කිව්වෙ ඔබේ රියදුරා........


--------------------------------------


මුහුදු බත් වෙච්ච නැවකින් දිවි ගලවාගත්ත මිනිහෙක් පාලු දූපතකට පීනල ආවා. තමුන් මිනිසුන් නැති පාලු ඩූපතක ඇවිත් කියලය් මිනිසා හිතුවෙ.. කැලැවේ ඉබාගාතෙ ඇවිද්ද මිනිසා. දින කීපයකට පස්සෙ, ගෙල සිර කර ම‍රා ගසක එල්ලූ මිනිසෙක් ඉන්න තැනකට අහම්බෙන් එනවා..

'දෙවියන්ට ස්තුති වේවා! මිනිසා සන්තෝසයෙන් කිව්වා.. යාන්තම් ඇති ශිෂ්ටාචාරය තිබෙන තැනකට එන්න ලැබුණා..'

------------


ගත්තෙ පොතකින්..

Saturday, March 7, 2009

අනාගතයෙන් ආ මතක සටහන්

කියවන අය බලනවා ඇති දාලා තියෙන මාතෘකාව මොන විකාරයක්ද කියල. අතීතයෙන් මිසක් අනාගතෙන් කොහොමද මතක සටහන් එන්නෙ.. නේද? හික්හික්. කොහොම වුනත් ඒක ඇත්ත. එහෙම අත්දැකීමක් මම ඊයෙ ලැබුව.
මේ සිතුවිලි මගේ ඔලුවට ආවෙ ඊයෙ මට ඇය එවපු එක ජායාරූපයක් දැකල. ඇයගෙ සහොදරියට ඊයෙ ලැබුණු සිගිති දුවව වඩාගෙන ඉන්න පින්තූරයක්. හරිම සුන්ද‍්රය් ඒ පින්තූරෙ. එක පාරට පින්තූරය බලන කෙනෙකුට හිතෙන්නෙ ඒ ඉන්නෙ අම්මය් ද‍*රුවය් කියල...ඇය හැමදාම වගේ අපූරු සිනාවකින් මුහුණ ස‍රසන් ඉන්නව. අතේ ඉන්න පොඩි ලේලි රෝසම රෝස පාටය්. ඇස් දෙක තද ක‍රන්, අත් දෙක මිට මොලවගෙන හොද සනීපෙට නිදි.මම ඇයට පිලිතුරු පනිවුඩයකුත් යැව්ව, දැන්ම ඉදන් ලමය් නලවන්න පුරුදු වෙන එක හොදා කියල. බිපෙසි..

ඇත්තටම ඒ මොහොතෙ මට මතක් වුනා මම පුන්චි කාලෙ විවාහය, ලමය්න් හැදීම ආදිය ගැන ද‍රපු ආකල්ප. ඒ දවස් වල මට ඒවා පෙනුනෙ මහ ක‍රද‍ර වැඩ හැටියටය්. ලමය් අඩන කොට උන් නලවන්නය්. නැපි මාරු ක‍්රන්නය්, කවන්න පොවන්නය් වැඩ කීයක්ද? මට ඒ දවස් වල ඕනැ වුනේ හවස් වෙන කන් යාලුවො එක්ක සෙල්ලන් ක‍රන්න, හවසට ගෙද‍ර ඇවිත් අම්මා බෙදල දෙන බත් එක කාලා නිදාගන්න මිසක් එව්වා කොරන්න නෙමෙය්. සාමාන්යෙන් ඕනැම ලමයෙක් එහෙමනෙ.(හැබැය් දැන් නම් ඉන්නවා අත‍රින් පත‍ර කොලු තාත්තලා. උන්ට ඕනැ පස්සෙ කොරන දේ ඉස්ස‍රල ක‍රන්න. හික්හික්..)

නමුත් වයසින් වැඩෙන කොට ඒ අදහස් නිකම්ම වෙනස් වෙලා කියලා මට හිතුණා. අද ඒ දේවල් ක‍රදරයක් හැටියට මට පෙනෙන්නෙ නැහැ. ඒවාත් ජීවිතයෙ ඕනැම පිරිමියෙක්, ඕනැම ගැහැනියක් අත්විදින, සහ අත්විදිය යුතුම සුන්ද‍ර අත්දැකීම් සමුදායක් කියල මට හිතෙනව.

ද*රු ප‍්රසූතියට බිරිදව රෝහලට ඇතුල් කලාට පසුව ඇයට ද*රුවා ලැබෙන තුරු සැමියෙකුට ඇතිවන බිය, සන්කාව, වගේම් ක‍්රද‍්රයකින් තොරව ලැබුනු ද*රුවාව සහ හොදින් සිටින බිරිද දැක්කම ඇති වෙන අප‍්රමාණ සතුට, හවසට වැඩ ඇරිල ගෙද‍්ර එන කොට පොඩි ද*රුවාවත් වඩා ගෙන සිනාමුසු මුහුනින් ඉස්ස‍්රහට එන බිරිද, වැඩෙන ද*රුවට ලෝකය කියා දෙන අයුරු, ඔවුන් ලොකු මහත් වෙලා යහපත් මිනිසෙකු/ගැහැනියක් විදිහට සමාජෙට එක් වෙන අයුරු, ද*රුවන්ගෙත් ද*රුවන් දකින දවසට ඇති වෙන සතුට.. මෙකී නොකී සියලු දෙවල් මිනිස් ජීවිතයක සතුට ලබා දෙන නිර්මල අවස්ථා විදිහට මට හිතෙනවා.

ද*රුවො ලොකු මහත් වෙලා වෙනම ජීවිත පටන් ගන්න කොට දෙමව්පියන්ට කනගාටුවක් දුකක් දැනෙනව වුණත්, එය්න් පසුව ඒ දෙමව්පියන්ට නැවත් ත*රුණ වෙන්න ලැබෙන අවස්ථාවක් කියලත් මට හිතෙනවා. මොකද, ඔවුන් එතනින් නිදහස් වෙනවා. පැව‍රෙන වගකීම් ආදිය අඩු වෙනවා. ඔවුන්ට පුලුවන් වෙනවා ද*රුවන් ලැබෙන්න කලින් හිටි විදිහට නිදහසේ ජීවත් වෙන්න. ජීවිත කාලයෙන් වැඩි කාලයක් හ‍රි හම්බ ක‍්රන්න සහ වෙන නොයෙක් ක_රුණු වලට වෙහෙසුනු ඔවුන්ට විරාමයක් ලැබෙනවා. කැමති තැනක ඇවිදින්න යන්න. අලුත් පෙම්වතුන් යුවලක් වගේ ගිහින් චිත‍්රපටියක් න‍රඹන්න. කැමති ඕනැම දෙයක් ක‍රන්න නිදහස ලැබෙනවා. අන්න එතකොට අතීතයෙ ඒ කාලයේ තමුන් කල කී දේවල් සිහි ක‍්රල සුවදාය් හැගීමක් ලබන්න පුලුවන් නම්, ඒ දෙපල උප‍රිම යහපත් විදිහට ජීවිතය ගත ක‍රපු දෙපලක් කියල කියන්න පුලුවන් කියල මට හිතෙනව.

මට වෙලාවකට හිතෙනව මමත් අර එක කතාවක ඉන්න ත*රුණයා වගෙ කියල. ( මම මේ කියන්නෙ විකුණන්න දීපු පිටි බාජනේ ඔලුවෙ තියන් අහස් මාලිගා මවපු කෙනා ඉන්න කතාව ගැන.. හික් හික්. ) මේ ටික වෙලාවට කොච්ච‍ර කොහෙ ගියාද හැබැටම?

ඒ අහු අස්සෙ මගෙ ආසම ගායකයෙක්ගෙ ආසම කරන සින්දුවකුත් දාන්න හිතුන..
ගොඩක් ප‍රන සින්දුවක්. සින්දුවෙ නම memories are made of these.
ගායකය jim reeves.

මේ සින්දුවෙනුත් කියන්නෙ කෙනෙක්ගෙ ජීවිතයෙ එකතු ක‍රගන්න මිහිරි හා අමිහිරි මතක වලින් පසු ජීවිතයට රසය එක් ක‍රන ආකාරය.පෙම්වතුන් යුවලක් විවාහ වී ද*රු මල්ලේ හදන කාලය වෙන කොට ජීවිතය දිහා ක‍රන හැරී බැලීමක් තමය් මේ සින්දුවෙ මූලික අදහස වෙන්නෙ.
සින්දුවෙ ලිරික් බලන්න කැමති නම් මෙතන ඔබන්න.



මේ සින්දුවෙ සින්හල සන්ස්ක‍්රනයකුත් තිබුණා. ඔයාලට මතකත් ඇති සමහර විට. 'මිහිරි මතක හද රැදේ..' කියල සින්දුවක්. සිසිල් බීම දැන්වීමක තමය් තිබුනෙ. කාලෙකෙට පස්සෙ ගෙද‍්ර එන ත_රුණයෙක්ට තමුන්ගෙ පුන්චි කාලෙ මිතුරිය යලි හමු වීම සහ ඔවුන් ප‍්රේමවන්තයන් වීමෙ කතාවක් තමය් ඒ දැන්වීමෙ තිබුණ (හැබැය් ඉතින් දැන්වීමක්නෙ. කොහේ හ‍්රි මුල්ලකින් බීම බෝතලයක් පේන්න තිබුනා..හික්ස් :P )

ඒ ගීතයටත්, ඒ වචන වලටත්, ඒ දැන්වීමෙ තිබුණු අපූරු රූප පෙල ගැස්මටත් තදින්ම ඇලුම් කලා මට මතකය්. දැන් ඒ දැන්වීම ප‍්රචාරය වෙන්නෙ නැහැ මම හිතන්නෙ. කාලෙකින් දුටුවෙ නැහැ.

තවත් ලියන්න නම් පුලුවන්. එත් දැන් නම් ඇගිලි රිදෙනවා..හික් හික්.
මොනවා වුණත් ජීවිතය කියන්නෙ ඉතාම සුන්දර දෙයක් කියල මේ ලියන වෙලාවෙ මට හිතෙනවා.
හෙට යන්න ඕනෙ චූටි ලේලිව බලල එන්න. :D

Wednesday, February 4, 2009

ඇති පදම් සිනාසී පස්ස ඇන ගැනීම,,,,

මේක මම යූ ටියුබ් එකෙ දැකල අවුරුදු දෙකක් විත‍්ර වෙන්න ආවා. ලගදි දවසකදි ආපහු අහම්බෙන් බලන්න ලැබුනෙ..
හිනාව නම් හොදා..හැබැය් හිනා වෙන තැන තමය් ප‍්රශ්නෙ..



මෙක ඇත්ත වැඩසටහනක් නෙමය්. boomarang නමින් බෙල්ජියමේ ප‍්රසිද්ධ කොමඩියක්. Sketch show එකක්,
හැබැය් ඉතින් කට්ටියක් කියනව මේක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් කියලත්..

ලන්කාවෙ වැඩසටහනකදි මෙහෙම දෙයක් වුනොත් කොහොමට හිටිවිද? හිහ් හිහ්..

Sunday, February 1, 2009

එක දවසක් හැන්දැවක වචන.

මේ දවස් ටිකේ බ්ලොග් පෝස්ට් වැඩිපුර වැටෙනවා මගෙ අතින්. කාලෙකෙට පස්සෙනෙ දවස් දෙක තුනක් ගෙද‍ර ඉන්න ලැබුනෙ..ලිවිල්ල දැන් පුරුද්දට ගිහිල්ලා..හිහ් හිහ්..

මේ පෝස්ට් එක දාන්නේ අපේ කුෂාන් සහොද‍රයගෙ පොඩි ඉල්ලීමක් ඉටු කොරන්න.. මම මේ දවස් වල වහ වැටිලා ඉන්න සින්දුවක් වෙන අතුල අදිකාරිගෙ ' එක දවසක් හැන්දැවක ' ගීතයෙ වචන පෙලගැස්ම ඔහු ඉල්ලලා තිබුනා. ඔන්න එහෙනම්..

එක දවසක් හැන්දැවක

එක දවසක් හැන්දැවක,
කණාමැදිරි එළි පාරක,
මං හෙව්වා තරැ කැටයක්.//
නිල් පාටින්..පායා දිලෙන..//

සිහිනයක ගිලී මා.. සිටියා..
කවුරුදෝ හිත් දොර බිදිනා විට..
සුලන් රොදක්වත් ඇරුණු දොර පියනින්..ආවා නම්..
සිහිනයේ සුව අරන්..
නන්නාදුනනා දැසක්..
නිවි නිවී.. දිලිසුනා.. මොහොතක්...

සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත්..දොරකඩට..
පවන් පොදකටවත් ඉඩක් නෑ නොවෙද..
අවකාශයම.. වසාගෙන..
ඈ සිටිනා විට මා අසල...
ඈ සිටිනා විට මා අසල..........


එක දවසක් හැන්දැවක,
කණාමැදිරි එළි පාරක,
මං හෙව්වා තරැ කැටයක්. //
නිල් පාටින්..පායා දිලෙන..//


මා අසල.. ලැගුම් ගනු පෙරාතුව..
මා තුලට.. මොහොතකට..එබුනා නම්..
පැහැදිලිව දකින්නට තිබුණා..
මා තුලම.. මා නොවන.. පිටස්ත‍්රයකු සිටිනා වග..
ඔබේ පෙම.. මා හටද.. මා නොවන ඒ අමුත්තා වෙතද..//

-------------------------------------------------
සින්දුව ලියපු කෙනා නම් මතක නැහැ. මේ සින්දුව තියෙන්නෙ අශෝක හදගම මහත්මයාගෙ ටෙලිනාට්ටියක..
'සින්තටික් සිහින' ටෙලිනාට්ටියෙ...අපූරු, අමුතු ගනයෙ නාට්ටියක් ඒක. බලපු අය ඉතින් දන්නවත් ඇතිනෙ..

දැන් කට්ටිය හිතනවා ඇති සින්දුවත් අහන්න තිබුනා නම් නියමය් කියලා..
ඔන්න එහෙනම් සින්දුවත් අරන් අහලා බලන්න..

http://www.esnips.com/doc/52824362-b11a-4e85-85ce-08a58d79e6ff/Athula-Adhikari--Eka-Dawasak

උඩ තියෙන ලින්ක් එක, පහල තියෙන ලින්ක් මේකර් එකට ගිහිල්ලා පේස්ට් ක‍රන්න. එතකොට E snips එකෙන් Account එකක් නැතුවම ඩවුන්ලෝඩ් ක‍්රන්න පුලුවන්.

http://indianraga.fileave.com/files/esnips_download_link_maker.html

--------

කට්ටියත් එක්කම රසවිදින්න..:P

Saturday, January 31, 2009

අපේ අයගේ සන්ගීත රසාස්වාදය Facebook ඇසින්..

මුලින්ම මම කියන්න ඕනේ මේක කාවවත් promote කිරීමක්වත් . කාවවත් පහල හෙලීමක්වත් නොවෙය් කියන එක. මම මෙහිදී ක‍්රන්නේ ඇති තතු එලෙසම ඉදිරිපත් කිරීමක් පමණක් බව සලකත්වා..

ෆේස්බූක් බාවිතා ක‍්රන අය දන්නවා ඇති රසික පිටු හෙවත් Fan Pages ගැන. ඕනැම ක්ෂේත‍්රයක ඉන්න ප‍්රසිද්ධ පුද්ගලයන් සහ ඔවුන්ගෙ රසිකයන් එකතු කිරීමක් තමය් මෙය්න් සිදු කෙරෙන්නෙ.
ඉතින් ලන්කාවේ සිටින එවැනි පුද්ගලයන් වෙනුවෙනුත් රසික පිටු සැකසිලා තියෙනවා (ඒවා කවුරු නිර්මාණය ක‍්රපු ඒවා වුනත්..)
මෙන්න ලන්කාවෙ සන්ගීත ක්ෂේත‍්රයට සම්බන්ධ අය වෙනුවෙන් සැකසුණු පිටු සහ
මෙය ලියන මොහොත වන විට ඒ ඒ පිටු වලට සම්බන්ධ වී සිටින රසිකයන් ප‍්රමාණය ගැන කෙටි සටහනක්...

එම නම් මත ක්ලික් කිරීමෙන් අදාල පිටු වලට යා හැකිය්..


පණ්ඩිත් අම‍්රදේව

දැනට රසිකයන් ප‍්රමාණය - 4676


වික්ටර් රත්නායකයන්
දැනට රසිකයන් ප‍්රමාණය - 12

ක්ලැරන්ස් විජේවර්ධන
දැනට රසිකයන් ප‍්රමාණය - 8794

බාතිය සහ සන්තුෂ්
දැනට රසිකයන් ප‍්රමාණය - 16,129

ඉරාජ්
දැනට රසිකයන් ප‍්රමාණය - 8318

Centigradz
දැනට රසිකයන් ප‍්රමාණය - 6304

කසුන් කල්හාර
දැනට රසිකයන් ප‍්රමාණය - 13,229


නදීක ගුරුගේ

දැනට රසිකයන් ප‍්රමාණය -658

ඩැඩී
දැනට රසිකයන් ප‍්රමාණය - 8952

--------------------------------
* සැලකිය යුතුය් : මෙම සන්ක්යාවන් නිත‍්රම වෙනස් වීමට ලක් වේ.

මම දැනට දැකලා තියෙන ප‍්රධාන පිටු මෙච්ච‍රය්. තව පිටු තියෙනවා නම් කියන්න.
ඔය ගොල්ලනගෙ අදහස් මොනවාද මේ පිලිබදව..

Thursday, January 29, 2009

ඇය..මම..හැන්දෑවක....

දළදා මාලිගාවෙ ඉදන් වැව රවුමෙ ඇවිදගෙන ආව අපි දෙන්නා, සීතල මාලිගාව ඉස්සරහ තියෙන බංකුවක වාඩි වුණා.
දවල් ඉදන් නොයෙක් තැන් වල රස්තියාදු ගහල ගහල මේ ගස් සෙවණෙ වාඩි වුණාම දැනෙන්නෙ හරිම සනීපයක්. සැහැල්ලුවක්.

'කකුල් දෙකත් රිදෙනව.' මම කිව්ව.
'පොඩ්ඩක් අතගාන්නද?' ඇය සරදම් සිනාවක් පාමින් ඇහැව්ව.
'අත ගෑවත් කමක් නෑ.' මමත් මහ හිනාවක් යටපත් කරගෙන කිව්ව.
ඇය සෙමින් සිනාවෙමින් මගෙ අත කෙනිත්තුව.
හැන්දෑවේ වැටෙන හිරැ එළිය හරිම අපූරැවට වැවට වැටෙනව.විටින් විටේ උස්පහත් වෙන දියරැලි මත වැටිලා බලන්නත් බැරි තරමට දිස්නෙ ගහනව.

ඇය මගෙ උරහිස මත හිස තබාගත්ත.

'ඔයාට පේනවද අර ඈතින් තියෙන වළාකුළු බැම්මෙ කෙළවර? '
'හ්ම්...'
'අන්න එතනින් තමයි ඇහැලේපොල කුමාරිහාමිවයි එයාගෙ සේවිකාවන්වයි වැවට තල්ලු කෙරැවෙ.'
'අනේ පව්. ඉතින් ඒ අයට මොකද වුණේ? ඇය ඇහුව.'
'ඒ අය මැරැණ කියල තමයි කියන්නෙ. ළගදී වැවේ මඩ අයින් කරන කොට හම්බවෙලා තියෙනව රත්තරන් ආභරණ වගයක්. සමහර විට ඒ අයගෙ වෙන්න ඇති.' මම කිව්ව.
ඇය තව ටිකක් මට තුරැළු වුණා.

ඈතින් පේන බහිරව කන්දට උඩින් එක එක හැඩයෙ වළාකුළු පාවෙනව. එක එක පාට... එක එක හැඩ..

'අන්න නැවක් .' ඇය ඒ දිහාට ඇගිල්ල දිගු කරලා පෙන්නුවා.
'හ්ම්.. අර ඉන්නෙ නැවේ නාවිකයො ටික.' ඊට උඩින් තිබුණූ වලාකුලක් පෙන්වමින් මම කිව්ව.
'ඒගොල්ලො කොහාටද යන්නෙ?'
'මං හිතන්නෙ අපි යන පැත්තටම..දන්න දෙයක් එක්ක නොදන්න දිහාවකට..'
මම කිව්ව.

කොහෙදෝ ඉදල එන හුළගක් හෙමින් හෙමින් වදිනව. එක හුළං රැල්ලක් ඇගේ සිනිදු කෙස් රොදක් එක්ක සෙල්ලම් කරනව.
ඒක දැකල මට ඉරිසියා හිතුණ.
ඇගෙ කෙස්වල තියෙන්නෙ අමුතුම සුවදක්. විලවුන් පාවිච්චි නොකරන ඇයට ඒ සුවද ලැබුණෙ කොහෙන්ද? හැමදාම ඒ පුදුමය මට තිබුණ. ඒ වගේම මම හැමදාමත් ඇගෙ ඒ අපුරැ සුවදට ඇලුම් කළා

'හරිම සුවදයි..'මම කිව්වා
'මොනවද?' ඇය ඇහුව.
'හැමදේම..'

ඇය පිටකරන හැම හුස්මක්ම මගෙ ගෙලේ දැවටෙනව..
අපට පිටිපස්සෙන් අතු විහිදන් ඉන්න මාර ගහේ කොළයක් දෙකක් ඉදහිට වැටෙනව. හුළගට අහුවෙන සමහර කොළයක් ඈතට පාවෙලා ගිහින් වැවට වැටෙනව.

අහසත් ටිකෙන් ටික රතු පැහැවෙනව..

" එක දවසක් හැන්දෑවක, කණාමැදිරි එළි පාරක, මං හෙව්වා තරැ කැටයක්. නිල් පාටින්..පායා දිලෙන.."

සින්දුවක් එක පාරටම මගෙ කටින් පැන්නා..

ඇය හෙමින් හිස ඔසවල මගෙ දිහා බැලුව.

' ඒ සින්දුව ගොඩක් කල් ඉදන් මම හෙව්ව. ඔයා ලග ඒ සින්දුව තියෙනවද? ' ඇය ඇහුව.
මම හිස වැනුව. ' හෙට මේල් කරන්නම්..'
ඇය නැවතත් උරහිසේ හිස තබාගෙන ඇස් පියා ගත්තා..

'ඉතුරැ ටිකත් කියන්න‍කො'..ඇය ඇසෙන නෑසෙන තරමින් කිව්ව..

මගේ ඇස් යොමුවු‍‍ණේ ඈතින් පෙනෙන කදු වළල්ල දිහාවට..

සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත්..දොරකඩට..
පවන් පොදකටවත් ඉඩක් නෑ නොවෙද..
අවකාශයම.. වසාගෙන..
ඈ සිටිනා විට මා අසල...
ඈ සිටිනා විට මා අසල..........

ඈගේ ඉල්ලීම හරිම සැහැල්ලුවෙන් මම ඉටුකළා..

---------------------------------------------

(කෙටි කතාවකි )

Monday, January 26, 2009

Budu hamuduruwo saha Nadeeka guruge

මේ සටහන ලියන්න හිතුණේ අපේ හරේගේ පෝස්ට් එකක ඩැම්ස් කියල සහෝදරයෙක් දා අහල තිබුණු ප්රශ්නයක් දැක්කට පස්සේ .ඔහු අහලා තිබුණා ලෝකයේ උත්පතතිය ගැන බුදු හාමුදුරැවො මොනවද කිව්වෙ කියල. නමුක් ඊට කලින් නදීක ගුරැගේ නිරිමාණය කළ වර්ණ නැමැති සංධ්වනිය ගැනත් යමක් කිව යුතුයි.දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒකෙයි වර්ණ ගීතයෙයි තියෙන සම්බන්ධය මොකක්ද කියල.
ඇත්තෙන්ම වර්ණ හි වචන වල ඇතුලත් වෙලා තියෙන්නෙ බුදුහාමුදරැවන් ලොකොත්පත්තිය ගැන දේශනා කරපු අග්ගඤ්ඤ සූත්රයේ සංක්ෂිප්ත සටහනක්.
-----------------------
අග්ගඤ්ඤ සූත්රයේ මේ කතාව සදහන් වෙලා තියෙන්නෙ මෙහෙමයි.
එකල්හි මෙහි සත්වයො නොවූහ. තිබුණේ කිසිවක් නැති හිස් බවකි. පසුව ආභස්සර බ්රහ්ම ලෝකයේ ජීවක් වූ කයක් නැති සිත පමණක් ඇති ජීවින්ගෙන් එකෙක් ආලෝකය විහිදුවමින් මෙහි පැමිණීයේය. පැමිණ හිස් පොළව දිව ගා බැලුවේය. එහි දැණුනු අමුතු රසින් කුල්මත් වූ ඔහු ආපසු නොගොස් මෙහිම රැදුනේය. රස පොලොව කමින් ජීවත් වූයේය.ඔහුව සෙවීමට ආ අනෙක් ජීවින්ද රස පො‍ලවට වහ වැටී මෙහිම ජීවත් වන්නට පටන් ගත්හ.
රස නිසා ඔවුන් තුළ ත්රැෂ්ණාව පහළ විය. ඒ නිසාම ඔවුන්ගේ පියාසර කිරිමේ හැකියාව නැතිවී ගියේය.සිරැරැ ගණ බවට පත්විය.ආලෝකය නැති වී ගියේය. ස්ත්රී ලිංගය හා පුරැෂ ලිංගය එක එක ජීවීනට් පහළ විය. ඔවුන් එකිනෙකාගේ අවයව දෙස බැලීම නිසා ලිංගික ආශාව පහළ විය.එළිමහනේ ලිංගිකව සංසර්ගයේ යෙදීම නිසා ලැජ්ජාවට පත් අනෙකුත් ජීව්න් ඔවුන්ට ගල්මුගුරැ ගසා එළවූහ. ලිංගිකව එකතුවීමට කැමති ජීවින් අදුරැ අහුමුලු සොයා ගියහ.ඉන් පවුල නම් ඒකකය බිහිවිය.
මෙම කාලය වනවිට පො‍ලවේ බුමි පප්පටක නම් හතු වර්ගයක් සහ බදාලතා නම් වැල් වර්ගයක් පහල විය. ඉන් පසු රත්හැල් නම් වී වර්ගය ස්වයංජාතව පහළ විය.රත්හැල් වැවෙන තැන් තමුන්ට වෙන් කොට සිටියහ.ගෙන මේවා ආහාරයට ගෙන ඔවුන් ජීවක් වූහ.නමුත් එක් අයෙක් පසුවට ආහාර ගැනීමට රත්හැල්වී ගබඩා කිරීමට පටන් ගත්තේය. අනික් සත්වයෝද එසේ කිරීමට පටන් ගැනීම නිසා අස්වැන්න අඩු වී රත්හැල් වී පහළ වීම නතර විය.මේ වන විට එවුන් අතර ආරවුල් හට ගැනිනි. එම ආරවුල් විසදීමට ඔවුන් අතරින්ම කෙනෙකු තෝරා පත් කර ගත්හ. මහා ජන‍යාගේ සම්මතයෙන් පත්වූ ඔහුට මහා සම්මත යන නම ලැබුණි.
--------------------------
මේ සුත්රය කියවපු වෙලාවේ මට දැනුනේ මහ පුදුමයක්. එක වරම සිතට ආවේ BIg Bang Theory එක සහ පොලෙවේ ජීවය ආරම්භ වූවේ පිටින් ආ ජීවීන්ගෙනි යන බටහිර තාරකා විද්‍යාඥයන්ගේ මතය..
මේකෙන් කියවෙන්නේ වෙනත් ලොකයකින් ආ ජීවීන් පිරිසකගෙන් අප පැවතෙන බවද? ඔවුන්ට යම් විදිහකින් ආපසු යන්නට නොහැකිවී මෙහි අඵත් ජීවිතයක් පටන්ගෙන ඔවුන්ගේ පරිණාමය හරහා මිනිසුන් හෙවත් හෝමෝ සේපියන්ලා බිහි වූ බවද?පසුව කෘෂිකර්මාන්තය පවුල් ඒකක සහ පාලකයන්ගේ බිහිවීම සිදුවූ බවද?
බුදු හාමුදුරැවෝ දේශනා කළා.. විශ්වයේ ආරම්භය හෝ පැවැත්ම ගැන ප්රශ්න අසන්න එපා . ඔබලාටට ඒ ප්රශ්න වලට මම දෙන පිළීතුරැ අවබෝධ කර ගන්න බැහැ කියලා.. ඒක ඇත්ත වෙන්න පුළුවන්.. අවුරැදු 2500 කට කලින් හිටපු මිනිස්සු කෙහොමද BIg Bang Theory, evolution ගැන තේරැම් ගන්නෙ?
බුද්ධ ඥානය ඉතාමත් පුදුමාකාරයි. අනාගතය වර්තමානය අතීතය තුන් අයුරින්ම දකින්න කෙනෙක් කෙතරම් මනස දියුණූ කරන්න උවමනා ඇතිද?