Saturday, March 21, 2009

වීරයෙකුගෙ අවසානය..

ඔබ මේ දවස් වල හැම හන්දියක් හන්දියක් ගනෙම ගහල තියෙන රණවිරුවන්ව දිරිමත් කරන බැනර් කටවුට් ආදිය දැකල ඇති.ගොඩක් ඒ වගේ බැනර් වල සහ කටවුට් වල ඔබ දැකල තියෙනවාද මුහුණ පුරා රැවුල වැවූ රොකෙට් විදිනයක් අතැතිව ඉන්න අපේ කොල්ලෙක්ගෙ රූපයත්?

ඔව් ඔබ දැකල ඇති අනිවාර්යෙන්ම ඔහුව. ඔහු ලක්මවට ආඩම්බ‍ර විය හැකි කොල්ලෙක්.විශේෂ කාර්ය බලකායෙ ගිනිපුපුර ඔහු. පහුගිය ක‍්රියාන්විතවල ඉදිරි පෙල සටන් කරුවෙක් විදිහට නිර්භීතව ඔහු කටයුතු කලා.

නමුත් අවාසනාවකට ඔහුව කොටින්ට පණපිටින් අහුවුණා. ඔහුට දස වධ දී, ඇස් උගුල්ලා දමා, අවසානයේදි බැරලයකට දමා සිරුරට ගිනි තබා ම‍රා දමා තිබෙනවා.

පසුගිය සතියෙ ඔහුගෙ සිරුර, සීල් තැබූ පෙට්ටියකින්, මතුගම - බෙල්ලන පිහිටි ඔහුගෙ නිවසට රැගෙන ආවා.
ඔහු දෙදරු පියෙක්.

අවසන් කටයුතු කලේ දැනට දින කීපයකට කලින්.

මෙම සිදුවීම කිසිම මාධ්යකින් දැකපු බවක් මට මතක නැහැ. දැකපු කෙනෙක් ඉන්නවනම් මාගේ කීම නිවැරදි ක‍රන ලෙස ඉල්ලා සිටිනවා.


තවත් මේ වගේ ඛේදාන්ත කොතෙක් නම් අපි නොදැන සිදු වෙනවා ඇතිද?

---
සොහොයුර, නුඹව මිහිදන් කල තැන, නුඹේ දරුවන්ටයි බිරිදටයි ඇර අනික් අයට තව ටික දවසකින් අමතක වෙලා යාවි. මොකද, ලන්කාවෙ ඇයන්ට යම් දෙයක් මතක තියෙන්නෙ වැඩිම වුණොත් සතියක් නිසා.

ඒ කාලය තුල රතු ඇද ගෙන ජාත්යාලය වෙනුවෙන් බෙරිහන් දෙන ඊනියා විප්ලවකාරයොයි, සුදු පාට ඇදගෙන විලිස්සන නිල්, කොල, මහත්වරුන්ටයි උඹව බයිට් එකක් වේවි. උඹ ගැන ගුණ ගයයි. උඹේ දරු පවුලට හාල් ටිකක්, සීනි ටිකක් දෙන ගමන් ෆොටෝ එකක් අරන් ඒ ගොල්ලන්ගෙ සුදු මූණවල් පත්ත‍රේ මුල් පිටුවල දා ගනියි.

අහස උසට හදපු සොහොන් කොතක් උඹ වෙනුවෙන් එතන හැදෙනව මම දැක්කෙ නැ.

උඹේ සොහොනෙ ගොඩ ගහපු පස් වැස්සට හේදිලා යාවි. ඒ මත තණකොල වැවේවි.

ඒත්..ආයෙමත් දවසක උඹේ දියවෙන ඇගෙන් සාරය උරාගත්තු ඒ තණකොල මතින් ලස්සන මල් පිපේවි.
උඹේ පොඩි එවුන් දෙන්නා ඒ මල් වල සුවද විදියි.

අන්න ඒ දවසට.. ආයිත් උඹව මිනිසුන්ට මතක් වේවි.

මට උඹ මැරුණු එක සහ මැරුණු විදිහ ගැන දුකයි.
මට නම් කවදාවත් ඒ වගේ දෙයකට පපුව කෙලින් තියාගෙන මුහුණ දෙන්න බැරි වෙයි.

ඒත්,
උඹේ නිර්භීත කම ගැන මට ආඩම්බ‍රයි. :)

Tuesday, March 17, 2009

රසවිදින්න කැමති අයට

ලගදි මම බලපු හොද ෆිල්ම් කීපයක්. කැමති නම් බාලා බලන්න.

1. ස්ලම්ඩෝග් මිලියනර්
මේ ෆිල්ම් එක අමුතුවෙන් හදුන්වල දෙන්න ඕනෙ නැහැනෙ. මම බුවාගෙ බ්ලොග් එකේ කියපු අනාවැකියකුත් හ‍රි ගියා මේ සම්බන්දව :P.

2.කියුරියස් කේස් ඔෆ් බෙන්ජමින් බටන්
මනුස්සෙයෙක් මහල්ලෙක් විදිහට ඉපදිලා තරුණයෙක් විදිහට අවසන් කාලය ගතක‍්රන කතාවක්. අමුතුයි. රසවත්.

3.ද රීඩර්
ආදරේ දිහා වෙනස් ඇහැකින් බලන්න කැමති නම්.

4.ට‍්රොපික් තන්ඩර්
හිනා වෙන්න කැමති නම්. ජැක් බ්ලැක් ඉන්නව කිව්වම ඇති මම හිතන්නෙ.. :P

Sunday, March 15, 2009

පිලිගන්න!!! බසිස්ටා !!!!!


මොහොතකින් අත්පොලසන් හඩකින් බසයම පිරී ගියේය. මම වටපිට බැලුවෙමි. බසයම පාට පාට විදුලි බුබුලු වලින් ස‍රසලාය.
විඩෙන් විඩේ ඒවා නිවී නිවී පත්තු වෙයි.
මගී බුවෙක් එනවුන්ස් කොරන්නට විය.
' ඔව් මෙන්න පිලිගන්න ලෝකයේ ප‍්රථම ජන්ගම රියැලිටි ප‍්රසාන්ගික අත්දැකීම...

බසිස්ටා !!!!


(අත්පොලසන්)

බස් එක කොහොමත් යන කොට ඉස්ටාටි එකේ නෙ තියෙන්නෙ. මම අසල බුවියකගෙන් ඇසුවෙමී.
හයියේ ඒකවත් දන්නෙ නැද්ද? ඔය කිවිවෙ බස් තරු ' බස් ස්ටාර් ' තරගය ගැනනෙ.

' හොදයි ආද‍රණීය ප‍්රේක්ෂක මගියනි, බසිස්ටාර් පලමු අදියර. මෙන්න දැන් ඔබ ඉදිරියේ..

' කොන්දොස්ටා!!! '


කොන්දොස්තර බුවා එක් අතකින් නෝට්ටු කොල මලක් සේ හදාගෙන අනිත් අතෙන් ටිකට් කැලි කඩා දෙමින් ගයන්නට විය.

' ඉඩ තියෙන තියෙන තැන් වල බස් මගියො හිර කලා... ඔබෙ ඉතුරු සල්ලි දෙන්නට මට මතක නැති වුණා..'

බසය හෝල්ටයක් ලග නත‍ර විය.

' තව නගින්න තව නගින්න.. අඩිය උස්සලා... දොර අද්දර මම ඉන්නම්.. සවන් පල පලා... '

ආ නයින් නයින් නයින්... ඉක්මන් ක‍රලා නයින්....

ඔටුව ඔටුව.. පිටෝටුව.. මළදාන.. ඔරැල්ල...නාරේන් නාරේන් නාරේන් ...!!!!!

ඔව්. අපි බලමු මගී විනිශ්චය.. කොහොමද කියලා....... කියන්න බලන්න ඔබේ අදහස..

' අම්මප මේවයෙ ගැස්සිලා තව සල්ලිත් ගෙවාගෙන එනවට අපිට තලන්නෝනැ බූ හනස්සෙන්.. මැදිවියේ බුවා කීවේය.
' ඒ මදිවට මේවයෙ දාන් යන සින්දුත් අහන් ඉන්නවට අපිටයි ගෙවන්න ඕනැ. '

' හොදයි. ඔබේ මනාපය මේ ඉදිරියේ ගසා තියෙන ඩබ්ලිව් පී ඉරක් බස් අන්කය සටහන් ක‍රලා අර ගහල තියෙන ඉස්ටික‍රයේ තියෙන කොමිසමට එස් එම් එස් ක්රන්න..

මොහොතකින් තවත් බසයක් අප බසය ඉස්ස‍ර ක‍්රන්නට විය. අප බසයේ රියැදුරු බුවා අමුතු පණක් ලද්දාක් මෙන් බසය සැර දමමින් වේගය වැඩි ක‍රන්නට විය.

' ඔව්. ඔන්න දැන් බසිස්ටා දෙවැනි අදිය‍ර.. ඩ්ර්යිවස්ටා..!!!!!! '

' පියඹා.. යනවා මා ආකාසයේ... අවසානයි මගී ජීවිතේ... !! '

මගෙ බුවාලා වන් වන් නයින් වලට එස් එම් එස් ක‍්රන්නට වූහ. ඒ සමගම වන්ගුවෙන් තවත් බසයක් මූණට මූණ ආවේය..
' දඩාන් බඩාන් ඩෝන් '

' හපොයි හම්මේ ' මම තිගැස්සුණෙමි.

; මොකෝ මල්ලි ඔය ඩින්ගට නින්ද ගියාද? බහිමු බහිමු. අපි බහින් පොට් එක. නැත්නම් පාක් එකටම අරන් යයි.

මම ස්ටාසීනයෙන් මිදී බැග සෙව්වෙමි.

----

'බුවාලන්තයට ගොස් බස්ටා සිනෙදැක්ම ඇසුරෙන් සිලුමිනට ලිව්වේ තිස්ස කරුණාසේක‍ර.
--

ගැබි ගත් ලද

මට කවි ලියන්න නමි බැහැ.බින්දුවයි. ඒත් කියවන්න කැමතියි. ලගදි කියවන්න ලැබුණ සහ ටිකක් අනුරුප වෙච්ච කවි පන්තියක් බෙදා හදාගන්න හිතුණ.



* ගැබි ගත් ලද *

නිවී සැනහුණු දෙනෙත්
සුදුමැලි වූ දෙකමිමුල්

සුකුමාල අග පසග
මගේ හද කකියවයි
බැති සුවද වගුරවයි

අහෝ පියකරු කුසුම
බැති සුවද වගුරවන

කිරි බ‍රින් පිරී ගිය
සුදු පැහැති පිරි දෙතන
සෙමෙන් කලු වී වැඩෙන
පියකරු වූ දෙතන් පුඩු
පිරී සැනහී නිවුණු
දෙපා අත් මුලු සිරුර
වේදනාවක් නගයි
මගේ හදවත තුලෙහි

ඔබේ ඔය දෙපා අත්
ව‍රෙක ඇග මසෙහි රස
ඉල්ලමින් මොර ගැසූ
දෙඇස් තොල් වියරු වී
නලියමින් රස සෙවූ
මෙසේ සැනහී නිවී
සාන්තව ගිය අයුරු
පුදුමයකි පෙම්වතිය.

ගිනි නගා දැවී දැවී
වෙලි වෙලී රස සෙවූ
දෙපා අත් රුදාවෙන්
ඇඹ‍රෙමින් වියරු වූ
බැදි ප්රලය හැර දමා
මහ වලාවක් වැටී
සිහිල වී ගිනි නිවී
නිවෙන පොලවක් ලෙසට
නිසල වී සැනසීද?

හති කැවූ ඇගෙහි මස
මැදයමෙහි වියරු වී
ප‍්රලය වී
කමිපාව
යලි නිවී නිසල වූයෙ
මේ මහා නිධානය

නොසිදෙන වූ මහෝඝය
පොලෝ ගැබ තැන්පත් වූ
පසුව බව නොරහසකි

රාග මල බැහැර කළ
බැති සුවද වගුරවන
පෙමිවතිය ඔබ සිරුර
දැන්
අහෝ භක්තියෙන්
මගේ ගත හකුලවයි

දැඩිව ගතහොත් වැළද
මහා පවකැයි සිතෙන
ඔබ සිරුර පිය කුසුම
මගේ ගත ගොලු ක‍රයි
එහෙත් බැති සුවද දෙන
ඔබගෙ ගැබිබර සිරුර
රාග ගිනි බැහැර කොට
මගේ සිත මෙතෙක් කල්
ඇති නොකළ වේදනාවක් අහෝ දැන් නගයි.

- ගුණදාස අමරසේකර මහතාගේ කාවිය නිර්මාණයකි -

Friday, March 13, 2009

නටපන් චෑම්ප් නටපං! නටපන් නටපන් රිදෙන්න ගහපන්!!

මම වැඩිය මිනිස්සුන්ගෙ හැගීම් අවුස්සන පොත් කියවන්නෙ නැහැ. හැගීම් අවුස්සන පොත් කිව්වෙ කාමය අවුස්සන පොත් වලට නෙමෙයි. මිනිස්සුන්ට තමුන්ගෙ වර්ගයා එක්ක තියෙන ආවේගයන් පිටකරන පොත්. නමුත් මේ ලගදි කියවන්න හිතුණ පොතක් ටිකක් මගේ හිත ගත්ත. දන්නවනෙ ලෝක ප්රසිද්ධ බොක්සිං ක්රීඩක මොහොමඩ් අලිව. ඔහු ගෙ ජීවිත කථාව පොතක් විදිහට පළ කරළ තියෙනව The - Greatest (ශ්රේෂ්ඨයා) කියල. කුඩා තැනකින් පටන් අරගෙන ලෝක පූජිත මට්ටමට ආපු කථාව ඉතාම සංවේදී ආකාරයකින් ඒ පොතේ පෙළගස්වලා තියෙනවා. ඒ පොතේ එක තැනක තිබුණ වචන පේළියක් මගේ හිතට තදින්ම කා වැදුණා.

වියට්නාම් යුද්දෙට යන්න බැහැ කිව්ව හින්ද අලිගේ බොක්සිං තහනම් කරනවා.හිරෙත් දානවා. අවුරැදු තුනහමාරකට පස්සෙ සියල්ල යථා තත්වෙට පත් වුණාම ඔහු පවත්වනවා ප්දර්ශනාත්මක බොක්සිං තරගයක්. ඒක් පවත්වන්නෙ ඉදිරියේ පැවැත්වෙන්නට තියෙන ලොකු තරගයකට කලින්.

ඉතින් මේ තරගයේදි ඔහුට විරැද්ධව ප්රතිවාදියො තුන් දෙනයි. තුන් දෙනාම සුද්දො.
පළවෙනි වටයෙදි අලිට හොදටම පහර වදිනවා. ඉතාමත් දරැණු විදිහට. මේ වෙලාවේ බ්රැන්ඩිති කියන අලිගෙ හොදම යාළුව ඔහු ළගට ඇවිත් මෙහෙම කෑ ගහනව

සමනළයෙක් සේ පියඹා පළයං. මී මැස්සෙකු සේ රිදෙන්න ඇනපං

නටපන් චෑම්ප් නටපං. අනාථ මඩම් වල ඉන්න කාටත් එපාවුණු පුංචි දරැවන් වෙනුවෙන් ගහපන්.
උඹයි උන්ගෙ නායකයා. නටපන් නටපන් රිදෙන්න ගහපන්
පේමන්ට් වල නිදා ඉන්න රස්සා නැති මිනිස්සු වෙනුවෙන් දිනපං.උන්ව සතුටු කරපන්.
ලෙඩ හැදිලා ඉන්න අසරණයො වෙනුවෙන් ගහපන්.
හිරගෙවල් වල කොටුවෙලා ඉන්න දුප්පතුන් වෙනුවෙන් ගහපං.
‍සමාජයෙන් කොන් කරලා ඉන්න ඩොප් කාරයො වෙනුවෙන් ගහපං.
ස්වාමිපුරැෂයො නැති ගැබ්බර තරුණියො වෙනුවෙන් ගහපං.උන් වෙනුවෙන් ඔය බුරැවන්ව බිම දාපං.
පැන්ෂන් නැති මහල්ලා වෙනුවෙන් දිනපං. නටමින් රිදෙන්න ගහපං
බාර්වල බොමින් තනිවෙලා ඉන්න මිනිස්සු වෙනුවෙන් ගහපන්.
පාර අතුගාන කාණු කපන අසරණයන් වෙනුවෙන්
බස්නැවතුම් පොළවල වැතිරිලා ඉන්න මිනිස්සු වෙනුවෙන් ගහපං
නාකිවෙලා එදාවේල හොයා ගන්න බැරුව ඉන්න පරණ ගණිකාවො වෙනුවෙන් ගහපං.
උනුයි උඹට ලේ දුන්නෙ.

ජනාධිපතිල මන්ත්රීලා උඹව බේරැවෙ නැහැ.උඹේ නහරවලට අලුතෙන් ලේ දුන්නෙ අර මිනිස්සුයි. ගහපං දිනපං!!

අන්තිමේදී අලි දිනුම්.බ්රැන්ඩිතිගෙ ඒ කෑගැහිල්ල නිසා අලුත් පණක් ලැබුණා කියල තරගය අවසානයේදී අලි කියනව.

අපේ සමහර රතුපාට ඈයන්ට බ්රැන්ඩිති හා අලි වගේ අයගෙන් ඉගෙනගන්න තව ගොඩක් දේවල් තියෙනව කියලා මට හිතුණ.

ෆිල්මි එකත් තියෙනවා.ඒක නම් තාම බලන්න ලැබුනෙ නැ. ඒත් කොහොම හ‍්රි බලනවා.
යූ ටියුබ් එකේ මේක තිබුණා.


FLOAT LIKE A BUTTERFLY ! STING LIKE A BEE!

Monday, March 9, 2009

දැන් ඇත්තෙන්ම සීරියස් වෙමු!!!!!!!

පෙරේරා නෝනාට දවසක හවස් යාමෙ යකා වැහිලා. ඇය සැම පීරිසියක්, කෝප්පයක්ම බිදලා. සාමාන්යෙන් බොහොම පිරිසිදුවට තියෙන් ඇගෙ කුස්සිය එකම කහල ගොඩක් බවට පත් කලා. පොලිසිය ඇවිත් ඇයව නග‍රයේ මානසික ආයතනය වෙත රැගෙන ගියා. ප‍්රධාන මනෝ වය්ද්ය ව‍රයා වහාම ඇගේ සැමියාව ගෙන්වා ගත්තා.

' ඔබට කියන්න හැකිද, මොනවහ‍රි හේතුවක් මේකට. ඇය් ඔබේ බිරින්දැ හදිසියේම ඇගෙ සිහි කල්පනාව නැති ක‍රගත්තෙ?' වෙදතුමා ඇහුවා.

' මටත් ඒක හිතාගන්න බැරුවය් ඉන්නෙ. පෙරේරා මහත්තය උත්ත‍ර දුන්නා.
' ඇය හැම වෙලේම හ‍්රිම නිශ්ශබ්ද කාන්තාවක්. මහන්සි වෙලා වැඩ ක‍රන ගැහැණියක්ව හිටියා. අවුරුදු විස්සක්ම ඇය කුස්සියෙන් එලියට ආවෙත් නැහැ......'



---------------


කන්තෝරුවෙ නත්තල් සාදයට පස්සෙ දවසෙ සැමියා පිබිදුණේ ත‍රමක හිසේ බ‍ර ගතියක් ඇතිවය්.
අම්මෝ ඔලුව රිදෙනවා' ඔහු කිව්වා.

ඔහොම වෙලා මදි. බිරිද කිව්වා..
ඔයා ඊයෙ රැ හැසිරුණේ නියම මෝඩයෙක් වගේ..

'මම මොකක්ද කලේ? '

' ඔයා ඊයෙ බීලා බොස් එක්ක රන්ඩුවක් පටන් ගත්තනෙ' එයා ඔයාව රස්සාවෙන් අස් කෙරුවා!!'

' හොදය් එහෙනම් ඌට අපායට යන්න පුලුවන්.'

'අන්න ඒක තමය් ඔයා ඊයෙ බොස්ට කිව්වෙ.'

' හපොය් මම බොස්ට එහෙම කිව්වා? එහෙනම් නාකි එලුවත් එක්ක බුදියගන්න තමා වෙන්නෙ' සැමියා විස්මය අදහගන්න බැරුව කිව්වා.

'අන්න හ‍රි.. ඒකම තමය් මමත් කලේ.' බිරිද උත්ත‍ර දුන්නා.
'ඔයාට පුලුවන් හෙට ඉදන් ආය්ත් වැඩට යන්න..'



-------------




මිනීමස් කන ගොත‍්රික තාත්තය් පුතය් කැලැව මැද්දෙන් යන කොට දැක්කා, තමන් අටවපු උගුලකට සුදු කෙල්ලෙක් අහුවෙලා ඉන්න හැටි.

'අන්න තාත්තෙ සුද්දියෙක් අහුවෙලා. අපි දැන්මම මෙයාව කාලා ඉව‍ර ක‍රමු.' පුතා කිව්වා.
තාත්තා ටිකක් ලෝකෙ ගැන දැනුම් තේරුම් තියෙන් කෙනෙක්. ඔහු ටිකක් කල්පනා ක‍රලා මෙහෙම කිව්වා.

' නැ පුතේ . අපි මෙයාව ගෙද‍ර එක්ක යමු. ඔයාගෙ අම්මව කාලා දාමු'

----------------



බන්ගලාවෙ නෝනාට අලුතෙන් වැඩට ගත්තු කෙල්ල එත‍රම් හිතට ඇල්ලුවෙ නැති හින්ද එක දවසක් එකපාරටම කෙල්ලට ගෙද‍ර යන්න කිව්වා.. කෙල්ලත් අතැරියෙ නැ. තමුන්ට සිද්ධ වෙච්චි අසාධාරණය වෙනුවෙන් බෙරිහන් දුන්නා.
' නෝනා. මට එහෙම කිව්වට මහත්තයා නම් මට කියලා තියෙන්නෙ මම ගෙදර වැඩ කටයුතු නෝනට වඩා හොදින් ක‍රනවා කියලය්. '
ඒ වගේම නෝනා. මම ඔයාටත් වඩා ඇද උඩදි හොදය්ලු..' කෙල්ල බෙරිහන් දුන්නා.

නෝනාටත් යකා නැග්ගා.
' කවුද යකෝ උඹට ඔය කතාව කිව්වෙ? මහත්තයාද?'

' නැ නෝනා' කෙල්ල උත්ත‍ර දුන්නා.
මට ඒක කිව්වෙ ඔබේ රියදුරා........


--------------------------------------


මුහුදු බත් වෙච්ච නැවකින් දිවි ගලවාගත්ත මිනිහෙක් පාලු දූපතකට පීනල ආවා. තමුන් මිනිසුන් නැති පාලු ඩූපතක ඇවිත් කියලය් මිනිසා හිතුවෙ.. කැලැවේ ඉබාගාතෙ ඇවිද්ද මිනිසා. දින කීපයකට පස්සෙ, ගෙල සිර කර ම‍රා ගසක එල්ලූ මිනිසෙක් ඉන්න තැනකට අහම්බෙන් එනවා..

'දෙවියන්ට ස්තුති වේවා! මිනිසා සන්තෝසයෙන් කිව්වා.. යාන්තම් ඇති ශිෂ්ටාචාරය තිබෙන තැනකට එන්න ලැබුණා..'

------------


ගත්තෙ පොතකින්..

Saturday, March 7, 2009

අනාගතයෙන් ආ මතක සටහන්

කියවන අය බලනවා ඇති දාලා තියෙන මාතෘකාව මොන විකාරයක්ද කියල. අතීතයෙන් මිසක් අනාගතෙන් කොහොමද මතක සටහන් එන්නෙ.. නේද? හික්හික්. කොහොම වුනත් ඒක ඇත්ත. එහෙම අත්දැකීමක් මම ඊයෙ ලැබුව.
මේ සිතුවිලි මගේ ඔලුවට ආවෙ ඊයෙ මට ඇය එවපු එක ජායාරූපයක් දැකල. ඇයගෙ සහොදරියට ඊයෙ ලැබුණු සිගිති දුවව වඩාගෙන ඉන්න පින්තූරයක්. හරිම සුන්ද‍්රය් ඒ පින්තූරෙ. එක පාරට පින්තූරය බලන කෙනෙකුට හිතෙන්නෙ ඒ ඉන්නෙ අම්මය් ද‍*රුවය් කියල...ඇය හැමදාම වගේ අපූරු සිනාවකින් මුහුණ ස‍රසන් ඉන්නව. අතේ ඉන්න පොඩි ලේලි රෝසම රෝස පාටය්. ඇස් දෙක තද ක‍රන්, අත් දෙක මිට මොලවගෙන හොද සනීපෙට නිදි.මම ඇයට පිලිතුරු පනිවුඩයකුත් යැව්ව, දැන්ම ඉදන් ලමය් නලවන්න පුරුදු වෙන එක හොදා කියල. බිපෙසි..

ඇත්තටම ඒ මොහොතෙ මට මතක් වුනා මම පුන්චි කාලෙ විවාහය, ලමය්න් හැදීම ආදිය ගැන ද‍රපු ආකල්ප. ඒ දවස් වල මට ඒවා පෙනුනෙ මහ ක‍රද‍ර වැඩ හැටියටය්. ලමය් අඩන කොට උන් නලවන්නය්. නැපි මාරු ක‍්රන්නය්, කවන්න පොවන්නය් වැඩ කීයක්ද? මට ඒ දවස් වල ඕනැ වුනේ හවස් වෙන කන් යාලුවො එක්ක සෙල්ලන් ක‍රන්න, හවසට ගෙද‍ර ඇවිත් අම්මා බෙදල දෙන බත් එක කාලා නිදාගන්න මිසක් එව්වා කොරන්න නෙමෙය්. සාමාන්යෙන් ඕනැම ලමයෙක් එහෙමනෙ.(හැබැය් දැන් නම් ඉන්නවා අත‍රින් පත‍ර කොලු තාත්තලා. උන්ට ඕනැ පස්සෙ කොරන දේ ඉස්ස‍රල ක‍රන්න. හික්හික්..)

නමුත් වයසින් වැඩෙන කොට ඒ අදහස් නිකම්ම වෙනස් වෙලා කියලා මට හිතුණා. අද ඒ දේවල් ක‍රදරයක් හැටියට මට පෙනෙන්නෙ නැහැ. ඒවාත් ජීවිතයෙ ඕනැම පිරිමියෙක්, ඕනැම ගැහැනියක් අත්විදින, සහ අත්විදිය යුතුම සුන්ද‍ර අත්දැකීම් සමුදායක් කියල මට හිතෙනව.

ද*රු ප‍්රසූතියට බිරිදව රෝහලට ඇතුල් කලාට පසුව ඇයට ද*රුවා ලැබෙන තුරු සැමියෙකුට ඇතිවන බිය, සන්කාව, වගේම් ක‍්රද‍්රයකින් තොරව ලැබුනු ද*රුවාව සහ හොදින් සිටින බිරිද දැක්කම ඇති වෙන අප‍්රමාණ සතුට, හවසට වැඩ ඇරිල ගෙද‍්ර එන කොට පොඩි ද*රුවාවත් වඩා ගෙන සිනාමුසු මුහුනින් ඉස්ස‍්රහට එන බිරිද, වැඩෙන ද*රුවට ලෝකය කියා දෙන අයුරු, ඔවුන් ලොකු මහත් වෙලා යහපත් මිනිසෙකු/ගැහැනියක් විදිහට සමාජෙට එක් වෙන අයුරු, ද*රුවන්ගෙත් ද*රුවන් දකින දවසට ඇති වෙන සතුට.. මෙකී නොකී සියලු දෙවල් මිනිස් ජීවිතයක සතුට ලබා දෙන නිර්මල අවස්ථා විදිහට මට හිතෙනවා.

ද*රුවො ලොකු මහත් වෙලා වෙනම ජීවිත පටන් ගන්න කොට දෙමව්පියන්ට කනගාටුවක් දුකක් දැනෙනව වුණත්, එය්න් පසුව ඒ දෙමව්පියන්ට නැවත් ත*රුණ වෙන්න ලැබෙන අවස්ථාවක් කියලත් මට හිතෙනවා. මොකද, ඔවුන් එතනින් නිදහස් වෙනවා. පැව‍රෙන වගකීම් ආදිය අඩු වෙනවා. ඔවුන්ට පුලුවන් වෙනවා ද*රුවන් ලැබෙන්න කලින් හිටි විදිහට නිදහසේ ජීවත් වෙන්න. ජීවිත කාලයෙන් වැඩි කාලයක් හ‍රි හම්බ ක‍්රන්න සහ වෙන නොයෙක් ක_රුණු වලට වෙහෙසුනු ඔවුන්ට විරාමයක් ලැබෙනවා. කැමති තැනක ඇවිදින්න යන්න. අලුත් පෙම්වතුන් යුවලක් වගේ ගිහින් චිත‍්රපටියක් න‍රඹන්න. කැමති ඕනැම දෙයක් ක‍රන්න නිදහස ලැබෙනවා. අන්න එතකොට අතීතයෙ ඒ කාලයේ තමුන් කල කී දේවල් සිහි ක‍්රල සුවදාය් හැගීමක් ලබන්න පුලුවන් නම්, ඒ දෙපල උප‍රිම යහපත් විදිහට ජීවිතය ගත ක‍රපු දෙපලක් කියල කියන්න පුලුවන් කියල මට හිතෙනව.

මට වෙලාවකට හිතෙනව මමත් අර එක කතාවක ඉන්න ත*රුණයා වගෙ කියල. ( මම මේ කියන්නෙ විකුණන්න දීපු පිටි බාජනේ ඔලුවෙ තියන් අහස් මාලිගා මවපු කෙනා ඉන්න කතාව ගැන.. හික් හික්. ) මේ ටික වෙලාවට කොච්ච‍ර කොහෙ ගියාද හැබැටම?

ඒ අහු අස්සෙ මගෙ ආසම ගායකයෙක්ගෙ ආසම කරන සින්දුවකුත් දාන්න හිතුන..
ගොඩක් ප‍රන සින්දුවක්. සින්දුවෙ නම memories are made of these.
ගායකය jim reeves.

මේ සින්දුවෙනුත් කියන්නෙ කෙනෙක්ගෙ ජීවිතයෙ එකතු ක‍රගන්න මිහිරි හා අමිහිරි මතක වලින් පසු ජීවිතයට රසය එක් ක‍රන ආකාරය.පෙම්වතුන් යුවලක් විවාහ වී ද*රු මල්ලේ හදන කාලය වෙන කොට ජීවිතය දිහා ක‍රන හැරී බැලීමක් තමය් මේ සින්දුවෙ මූලික අදහස වෙන්නෙ.
සින්දුවෙ ලිරික් බලන්න කැමති නම් මෙතන ඔබන්න.



මේ සින්දුවෙ සින්හල සන්ස්ක‍්රනයකුත් තිබුණා. ඔයාලට මතකත් ඇති සමහර විට. 'මිහිරි මතක හද රැදේ..' කියල සින්දුවක්. සිසිල් බීම දැන්වීමක තමය් තිබුනෙ. කාලෙකෙට පස්සෙ ගෙද‍්ර එන ත_රුණයෙක්ට තමුන්ගෙ පුන්චි කාලෙ මිතුරිය යලි හමු වීම සහ ඔවුන් ප‍්රේමවන්තයන් වීමෙ කතාවක් තමය් ඒ දැන්වීමෙ තිබුණ (හැබැය් ඉතින් දැන්වීමක්නෙ. කොහේ හ‍්රි මුල්ලකින් බීම බෝතලයක් පේන්න තිබුනා..හික්ස් :P )

ඒ ගීතයටත්, ඒ වචන වලටත්, ඒ දැන්වීමෙ තිබුණු අපූරු රූප පෙල ගැස්මටත් තදින්ම ඇලුම් කලා මට මතකය්. දැන් ඒ දැන්වීම ප‍්රචාරය වෙන්නෙ නැහැ මම හිතන්නෙ. කාලෙකින් දුටුවෙ නැහැ.

තවත් ලියන්න නම් පුලුවන්. එත් දැන් නම් ඇගිලි රිදෙනවා..හික් හික්.
මොනවා වුණත් ජීවිතය කියන්නෙ ඉතාම සුන්දර දෙයක් කියල මේ ලියන වෙලාවෙ මට හිතෙනවා.
හෙට යන්න ඕනෙ චූටි ලේලිව බලල එන්න. :D